Skip to content

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අබූ බක්ර් හා උමර් දෙස බලා: "මේ දෙදෙනා වක්තෘවරුන් හා ධර්ම දූතවරුන් හැර ආරම්භක ජනයා හා පසු ජනයා අතරින් ස්වර්ගවාසීන්ගේ වැඩිහිටි නායකයෝ වෙති

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අබූ බක්ර් හා උමර් දෙස බලා: "මේ දෙදෙනා වක්තෘවරුන් හා ධර්ම දූතවරුන් හැර ආරම්භක ජනයා හා පසු ජනයා අතරින් ස්වර්ගවාසීන්ගේ වැඩිහිටි නායකයෝ වෙති."

قال رسول الله صلى الله عليه وسلم لأبي بكر وعمر: «هذان سَيِّدا كُهُول أهل الجنة من الأوَّلِين والآخِرين إلا النبيِّين والمرسلين».

තිර්මිදි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සැබැවින්ම අබූ බක්ර් අස්-සිද්දීක් හා උමර් අල්-ෆාරූක් (රළියල්ලාහු අන්හුමා) යන ප්‍රමුඛ අනුගාමිකයින් දෙදෙනා නබිවරුන්ගෙන් පසු වඩාත් ශ්‍රේෂ්ඨ උදවිය වෙති. එමෙන්ම මෙම උදාර අනුගාමිකයින් දෙදෙනා නබිවරුන් හා ධර්ම දූතවරුන් ස්වර්ගයට ගිය පසු එහි පිවිසෙන අය අතරින් වඩාත් උතුම්ම පුද්ගලයින් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

වක්තෘවරුන් හා ධර්ම දූතවරුන්ගෙන් පසු ජනයා අතර වඩාත් උතුම්ම පුද්ගලයින් වනුයේ අබූ බක්ර් හා උමර් (රළියල්ලාහු අන්හුමා) යන උතුමන්ලා දෙදෙනාය.

ස්වර්ගයේ වැඩිහිටියෝ නැත. එහි පිවිසෙන්නේ වයස අවුරුදු තිස් තුනක වයසේ පසුවන්නන්ය. මින් අදහස් කරන්නේ මෙලොවෙහි වයසට ගොස් මිය ගිය තැනැත්තන්ගේ නායකයින් වන වගයි. එසේ නැතිනම් සැබැවින්ම මෙහි සැලකිල්ලට ගත යුත්තේ මෙම හදීසය සඳහන් කරන අවස්ථාවේ ඔවුන් මෙලොවෙහි ජීවත්ව සිටි වයස් සීමාව අනුවය.

මූලාශ්‍ර

සුනන් අත් තිර්මිදි (6/ 45) (3664).

තවත් බලන්න (2)

تحفة الأحوذي بشرح جامع الترمذي.

لمحمد المباركفوري (10/ 103).