Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 9 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අදාන් පවසා සලාතයට ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලිවලින් යුක්ත අය වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මුඅද්දින් (සලාතය සඳහා අරයුම් කරන්නා)ගේ ඇරයුමට සවන් දෙන අවස්ථාවේ කවරෙකු: "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ, ලා ෂරීක ලහූ, වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු, රළීතු බිල්ලාහි රබ්බන්, වබිමුහම්මදින් රසූලන්, වබිල් ඉස්ලාමි දීනන්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තාය. ඔහුගේ දූතයාය. යැයි සාක්ෂි දරමි. අල්ලාහ් පරමාධිපති බවත්, මුහම්මද් දූතයාණන් බවත්, ඉස්ලාමය දහම බවත්, පිළිගතිමි). යනුවෙන් පවසන්නේ ද ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලබන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ෆජ්ර්හි අදාන් ඇරයුමෙහි මුඅද්දින්, 'හය්ය අලල් ෆලාහ්' යැයි පවසන විට 'අස්සලාතු හයිරුම් මිනන් නව්ම්' යැයි ඔහු පැවසීම ද නබි පිළිවෙතකි."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය ඉබ්නු හුසයිමා, දාරුකුත්නි හා බයිහකී යන ඉමාම්වරු විසින් වාර්තා කොට ඇත.
"ඔබ අදාන් ඇරයුමට සවන් දුන් විටෙක, මුඅද්දීන් (ඇරයුම කරන්නා) පවසන අයුරින්ම පවසන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ බිලාල් ඔබ සලාත් ඉටු කරන්න; එමගින් සැනසුම ලබන්න"
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
"සෑම අදාන් දෙකක් අතර සලාතයක් ඇත. සෑම අදාන් දෙකක් අතර සලාතයක් ඇත" පසුව තුන්වන වතාවේ "කැමති අයට පමණි" යැයි එතුමාණන් පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මුඅද්දින් (සලාතය සඳහා ඇරයුම් කරන්නා) 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පැවසූ විට ඔබ අතරින් කවරෙකු 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පවසන්නේ ද. පසු ව ඔහු 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පවසන්නේ ද, ඔහු 'අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්' යැයි පවසන්නේ ද, පසුව ඔහු 'හය්ය අලස් සලාත්' යැයි පැවසූ විට, මොහු 'ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ්' යැයි පවසන්නේ ද පසුව ඔහු 'හය්ය අලල් ෆලාහ්' යැයි පැවසූ විට මොහු 'ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ්' යැයි පවසන්නේ ද, පසුව 'අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්' යැයි පැවසූ විට, මොහු 'අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්' යැයි පවසන්නේ ද, පසු ව ඔහු 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි සිතින් පවසන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අදාන් පවසන මුඅද්දින් වරයාට ඔබ සවන් දුන් විට, ඔහු පවසන අයුරින්ම ඔබත් පවසන්න. පසුව මා වෙත (සලවාත්) ආශිර්වාද පවසන්න. හේතුව කවරෙකු මා වෙත සලවාත් පවසන්නේ ද අල්ලාහ් ඔහු වෙත දස වාරයක් සලාවාත් (ආශිර් වාද) පවසනු ඇත. පසුව මා වෙනුවෙන් අල්ලාහ්ගෙන් 'වසීලාව' පතන්න. සැබැවින්ම එය ස්වර්ගයේ ඇති නිලයකි. එය අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ගැත්තෙකුට හැර වෙනත් කිසිවකුට සුදුසු වන්නේ නැත. එය මා විය යුතු යැයි මම අපේක්ෂා කරමි. කවරෙකු මා වෙනුවෙන් 'වසීලාව' පතන්නේ ද ඔහුට මාගේ මැදිහත් වීම නියම වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.