කවරෙකු සතුව බිරියන් දෙදෙනෙකු වී ඔහු ඔවුන් දෙදෙනාගෙන් එකියක වෙත පමණක් නැඹුරු වූයේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ පැත්තක් ඇළ වූ තත්ත්වයේ ඔහු පැමිණෙනු ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"කවරෙකු සතුව බිරියන් දෙදෙනෙකු වී ඔහු ඔවුන් දෙදෙනාගෙන් එකියක වෙත පමණක් නැඹුරු වූයේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ පැත්තක් ඇළ වූ තත්ත්වයේ ඔහු පැමිණෙනු ඇත."
«مَنْ كَانَتْ لَهُ امْرَأَتَانِ فَمَالَ إِلَى إِحْدَاهُمَا، جَاءَ يَوْمَ الْقِيَامَةِ وَشِقُّهُ مَائِلٌ».
එක් බිරියකට වැඩි ප්‍රමාණයක් තමන් සතුව සිට වියදම් කිරීම, නවාතැන් ලබා දීම, ඇඳුම් පැළඳුම් ලබා දීම, රාත්‍රිය ගත කිරීම වැනි ඔවුන් අතර හැකි පමණින් ඔවුන්ගේ නියමිත කොටස සමසේ වෙන් කිරීමෙහි ඔවුනට යුක්තිය ඉටු නොකළ තත්ත්වයේ මිය ගියේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුට හිමිවන දඬුවම ඔහුගේ ශරීරයේ පැත්තක් ඇළ වී තිබීමය. ඔහු මෙලොව කටයුතු කිරීමේ දී පැත්තකට නැඹුරු වූ සේම, ඔහුගේ මෙම අපාරධය සඳහා ඔහු සතු දඬුවම වන්නේ ද එසේ පැත්තකට ඇළවී තිබීමයි.
භාර්යාවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි භාර්යාවන් සංඛ්‍යාවක් සිටී නම්, ඔවුන් අතර කටයුතු සමසේ බෙදා වෙන් කිරීම ස්වාමියා සතු වගකීමය. වියපැහැදම් කිරීම, රාත්‍රිය ගත කිරීම, යහ අයුරින් ආශ්‍රය කිරීම යනාදී තමන්ට හැකි කරුණුවල දී එකියක් අත් හැර අනෙක් අය වෙත පමණක් නැඹුරු වීම තහනම් කර ඇත.
මිනිසා සතුව ඇති වස්තුව කොටස් කිරීමේ දී සමානාත්මතාවය පිළිපැදිය යුතු වේ. නමුත් ආදරය, හදවතේ පවතින නැඹුරුව වැනි තමන් සතුව නැති දෑ වනාහි, එය මෙම හදීසය තුළට ඇතුළත් වන්නේ නැත. "තවද නුඹලා ආශා කළ ද බිරියන් අතර සාධාරණ ව කටයුතු කිරීමට නුඹලා ශක්තිය නොදරන්නෙහුමය..." (අන්-නිසා: 129) යන උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයේ අරමුණ එයයි.
ප්‍රතිවිපාකය ආදාළ ක්‍රියා වර්ගයෙන්ම පිහිටනු ඇත. සැබැවින්ම මිනිසා මෙලොවෙහි එක් බිරියක් වෙත අනෙකාට වඩා නැඹුරුවීමක් දක්වන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැත්තක් අනෙක් පැත්තකට වඩා ඇළ වූ තත්ත්වයේ ඔහු පැමිණෙනු ඇත.
මිනිසුන් සතු වගකීම් සඳහා දෙන ගෞරවය. එහි දී කිසිදු සමාවක් නැත.
තම බිරියන් අතර තමන් සාධාරණව කටයුතු නොකරනු ඇතැයි බිය වූ විටෙක, එක් බිරියක් මත පමණක් සීමාවීම සතුටු දායකය. එය දහම තුළ අඩුපාඩු ඇති නොකරනු පිණිසය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත. ...එනමුත් (ඔවුන් අතර) යුක්ති සහගත ව කටයුතු කිරීමට නොහැකි වේ යැයි නුඹලා බිය වූයෙහු නම් එක් තැනැත්තියක් හෝ නුඹලාගේ දකුණත හිමි (වහල්) කතක් හෝ පමණක් විය යුතුය...) සූරා අන්-නිසා: 3)
සුනන් අබූ දාවූද් (3/ 469) (2133).
සුනන් අන් නසාඊ (7/ 63) (3942).
සුනන් අත් තිර්මිදි (2/ 434) (1141).
සුනන් ඉබ්නු මාජහ් (3/ 143) (1969).
මුස්නද් අහ්මද් (13/ 320) (7936).
තවත් බලන්න (9)
توضيح الأحكام مِن بلوغ المرام.
لعبد الله البسام (5/ 449).
فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.
لابن عثيمين (4/ 631).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (7/ 463).
عون المعبود شرح سنن أبي داود.
ومعه حاشية ابن القيم.
محمد أشرف العظيم آبادي (6/ 121).