Skip to content

“ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු තම පරමාධිපති සමග මතු කතා කරනු මිස නැත. ඔහු අතර හා මොහු අතර කිසිදු පරිවර්තකයකු නොවනු ඇත

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අදී ඉබ්නු හාතිම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු තම පරමාධිපති සමග මතු කතා කරනු මිස නැත. ඔහු අතර හා මොහු අතර කිසිදු පරිවර්තකයකු නොවනු ඇත. ඔහු ඔහුගේ දකුණු දෙස බලයි. ඔහු ඉදිරිපත් කළ දෑ හැර වෙනත් කිසිවක් නොදකියි. ඔහුගේ වම් දෙස බලයි. ඔහු ඉදිරිපත් කළ දෑ හැර වෙනත් කිසිවක් නොදකියි. ඔහු ඉදිරියේ බලයි. ඔහුට මුහුණලා අපා ගින්න හැර වෙනත් කිසිවක් නොදකියි. එබැවින් රට ඉඳි කෑල්ලක් හෝ දන් දී අපා ගින්නෙන් ආරක්ෂා වන්න."

«مَا مِنْكُمْ مِنْ أَحَدٍ إِلَّا سَيُكَلِّمُهُ اللهُ، لَيْسَ بَيْنَهُ وَبَيْنَهُ تُرْجُمَانٌ، فَيَنْظُرُ أَيْمَنَ مِنْهُ فَلَا يَرَى إِلَّا مَا قَدَّمَ، وَيَنْظُرُ أَشْأَمَ مِنْهُ فَلَا يَرَى إِلَّا مَا قَدَّمَ، وَيَنْظُرُ بَيْنَ يَدَيْهِ فَلَا يَرَى إِلَّا النَّارَ تِلْقَاءَ وَجْهِهِ، فَاتَّقُوا النَّارَ وَلَوْ بِشِقِّ تَمْرَةٍ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

"දේවත්වය විශ්වාස කරන සෑම මුඃමින්වරයකුම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඉදිරියේ තනි ව සිටගනු ඇත. සැබැවින්ම උත්තරීතරයාණන් වන අල්ලාහ් ඔහු සමග කිසිදු මාධ්‍යයකින් තොරව කිසිදු පරිවර්තකයකුගෙන් තොරව ඍජුව කතා කරනු ඇත. එවිට ඔහු දැඩි බියෙන් දකුණු දෙසට හා වම් දෙසට හැරෙයි. එය තමන් ඉදිරියේ ඇති අපා ගින්නෙන් මිදී ගැලවී යන්නට මගක් සොයන්නාක් මෙන් පවතී" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. ඔහුගේ දකුණු දෙසට හැරෙන විට ඔහු කලින් සිදු කළ දැහැමි ක්‍රියවන් හැර වෙනත් කිසිවක් එහි ඔහු නොදකී. එමෙන්ම ඔහු වම් දෙසට හැරෙන විට ඔහු කලින් කළ දුෂ්ට ක්‍රියාවන් හැර වෙනත් කිසිවක් ඔහු එහි දකින්නේ නැත. ඔහු ඉදිරියේ බලන විට, අපා ගින්න හැර වෙනත් කිසිවක් ඔහුට දකින්නට ලැබෙන්නේ නැත. ඉන් මිදීමට ඔහුට නොහැකි වනු ඇත. එවිට ඔහු සිරාත් නම් පාලම මත ගමන් කළ යුතු වේ. පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ. "ඔබ අතර හා අපා ගින්න අතර ඉඳි ගෙඩි කීතුවක් වැනි කුඩා ප්‍රමාණයක් හෝ දන් ‌දීමෙන් හා ධර්මිෂ්ට ක්‍රියා සිදු කිරීමෙන් ආරක්ෂාවක් තබා ගනු."

හදීසයෙන් උගත හැකි පාඩම්

සුළුවෙන් වුව ද පරිත්‍යාග කිරීමට උනන්දු කරවීම. ප්‍රශංසනීය කටයුතු සිදු කිරීම තුළින් හැඩ ගැසීම, කාරුණිකව හා මෘදු වදනින් ගනු දෙනු කිරීම සඳහා දිරිගැන්වීම.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උත්තරීතර අල්ලාහ් තම ගැත්තා වෙත සමීප වෙයි. ඔවුන් දෙදෙනා අතර කිසිදු තිරයක් හෝ මාධ්‍යයක් හෝ පරිවර්තකයෙක් හෝ නොසිටිනු ඇත. එබැවින් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා තම පරමාධිපතිගේ නියෝගයට විරුද්ධව කටයුතු කිරීමෙන් ප්‍රවේසම් විය යුතුය.

පුද්ගලයකු තමන් පරිත්‍යාග කරන දෑ සුළු වුව ද ඒ ගැන පහත් ලෙස නො සැළකිය යුතුය. සැබැවින්ම එය අපා ගින්නෙන් ඔහු ව ආරක්ෂා කරන්නකි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (9/ 148) (7512).

සහීහ් මුස්ලිම් (2/ 703) (1016).

තවත් බලන්න (10)

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين.

بهجة الناظرين.

لسليم الهلالي (1/ 476).

نزهة المتقين.

مجموعة من الباحثين (1/ 370).

شرح رياض الصالحين.

لابن عثيمين (2/ 201).

بهجة قلوب الأبرار.

عبد الرحمن آل سعدي (ص181).