Skip to content

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ සුජූද්හි: اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්‍රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!)

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ සුජූද්හි: اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්‍රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!)

أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِي سُجُودِهِ: «اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සුජූද්හි මෙසේ ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී" (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව!) එය වසන් කර, මට ආරක්ෂාව දෙනු මැනව! ඒවා පිළිපැදීමෙන් මා ආරක්ෂා කරනු මැනව! සමාව දී, වැරදි කමා කර නිදහස් කරනු මැනව! "කුල්ලහූ" (සියල්ලට) එනම් "දික්කහූ" කුඩා හා සුළු, "වජිල්ලහු" විශාල හා මහා, "වඅව්වලහු" මුල් පාපය, "වආකිරහු" අවසන් පාපය, එනම් ඒ අතර ඇති දෑ "වඅලානියතහු වසිර්රහූ" සුවිශුද්ධ අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදන්නා දැයින් ප්‍රසිද්ධ හා රහසිගත යනාදී පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!

හදීසයෙන් උගත හැකි පාඩම්

ඉබ්නු කය්යිම් තුමා මෙසේ පවසයි: "ඔහු සුළු හා මහා, සියුම් හා සංකීර්ණ, ආරම්භක හා අවසාන, රහසිගත හා ප්‍රසිද්ධ යනාදී පාපයන් සඳහා සමාව අයැද සිටීමය. මෙම විස්තීරණ හා පුළුල් කරුණු සමග ගැත්තා තමන් දැන සිටි හා තමන් නොදන්නා පාපකම් සඳහා සමාව ඇයැදි සිටී.

සුළු පාපයන් මහා පාපයන්ට පෙර සඳහන් කෙරී ඇත්තේ ප්‍රශ්න කරන්නා ඔහුගේ ප්‍රශ්නය තුළ උත්සන්න වන බැවිනි. එනම් ඔහු කුඩා ප්‍රමාණයේ සිට එහි වර්ධනයක් ලබන බැවිනි. එමෙන්ම බොහෝ විට මහා පාපයන් මතු වන්නේ සුළු දෑ කෙරෙහි යොමු වන බැවින් සහ ඒවා ගැන අවධාරණය නො කරන බැවින් හා ඒවාට නොසැලකිලිමත් නිසාය. එය මහා පාපයන් වෙත යොමු කරන මාධ්‍යයක් මෙන් වනු ඇත.

උත්තරීතර අල්ලාහ්ට තම යටහත්භාවය පෙන්වීම, සුළු සහ මහා යන සියලුම පාපයන් සඳහා ඔහුගෙන් සමාව අයදීම.

නවවි තුමා මෙසේ පවසයි: මෙහි ඇතැම් වචන තවත් ඇතැම් වචනවලට ප්‍රයෝජනවත් නොවූව ද ප්‍රාර්ථනාව ගැන සහතික කිරීමක් ඒ සම්බන්ධ බොහෝ වචන මෙහි ඇතුළත් වේ.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 350) (483).

තවත් බලන්න (10)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 506).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص780).

شرح رياض الصالحين.

لابن عثيمين (5/ 509).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (17/ 111).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (2/ 979).