මාගේ සමූහයා විසින් සිදුවන අත්වැරදීම්, අමතක වීම් හා ඔවුනට බලහත්කාරයෙන් කිරීමට සිදු වූ දෑට අල්ලාහ් මා වෙනුවෙන් ඔවුනට සමාව දී ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මාගේ සමූහයා විසින් සිදුවන අත්වැරදීම්, අමතක වීම් හා ඔවුනට බලහත්කාරයෙන් කිරීමට සිදු වූ දෑට අල්ලාහ් මා වෙනුවෙන් ඔවුනට සමාව දී ඇත."
«إنَّ اللَّهَ تَجَاوَزَ لِي عَنْ أُمَّتِي الخَطَأَ وَالنِّسْيَانَ وَمَا اسْتُكْرِهُوا عَلَيْهِ».
සැබැවින්ම අල්ලාහ් තම සමූහයාගෙන් අවස්ථා තුනක දී ඔවුන් සිදු කරන කරුණු නොසළකා හරින බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය. පළමුවැන්න: අත්වැරදීම්, එනම් කිසිදු උවමනාවකින් (චේතනාවකින්) තොරව ඔවුන් විසින් සිදු වන දෑ, එනම් මුස්ලිම්වරයකු යම් ක්‍රියාවක් සිදු කරන්නට අපේක්ෂා කර එම ක්‍රියාව ඔහු අපේක්ෂා කළ දෑට පටහැනිව සිදු වීමය. දෙවැන්න: අමතක වීම්: එනම් මුස්ලිම්වරයකුට යමක් මතකයෙන් සිදු කළ යුතුව තිබී නමුත් එම ක්‍රියාව සිදු කරන අවස්ථාවේ ඔහුට එය අමතක වී යාමය. එවිට ඒ සඳහා පවක් ඔහුට හිමි වන්නේ නැත. තුන්වැන්න: බලකරනු ලැබීම: ගැත්තෙකු තමන් අකැමැති ක්‍රියාවක් එය ඔහුට වැළැක්වීමට හැකියාවක් නොමැතිව සිදු කිරීමට බල කරනු ලබන්නේ නම්, එවිට ද ඔහු කෙරෙහි පාපයක් හෝ වරදක් හෝ හිමි වන්නේ නැත. ගැත්තා හා ඔහුගේ පරමාධිපතියාණන් අතර පවතින තහනම් කරන ලද කටයුතු පිළිබඳව සැළකීමේ දී මෙම හදීසයේ සඳහන් කරුණු සැළකිල්ලට ගනිමින්, අමතක වීම හේතුවෙන් නියෝග කරනු ලැබූ දෙයක් මඟ හැරුණු විටෙක ඔහු එම වගකීමෙන් බැහැර වන්නේ නැත. ඔහුගේ ක්‍රියාව අපරාධයකට හේතු වුවහොත් මැවීම් සඳහා වන වගකීම ද ඉවත් වන්නේ නැත. එය වැරදීමකින් කෙනෙකු ඝාතනය වූ විටෙක වැරැද්ද සිදු කළ පුද්ගලයා විසින් වන්දි පිරිනැමීම හෝ වැරදීමකින් වාහනයක් විනාශයට පත් වූ විටෙක එහි වගකීම විනාශ කළ පුද්ගලයා විසින් දරන්නාක් මෙනි.
මෙම අවස්ථා තුනෙහි පාපයක් සිදු වූ විටෙක එම පාපය ඉවත් කිරීමෙන් සර්ව බලධාරී අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි දක්වා ඇති කරුණාවේ හා දයාවේ විශාලත්ව ය.
නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත හා එතුමාගේ ප්‍රජාව වෙත අල්ලාහ් පෙන්වා ඇති භාග්‍යය.
පාපය ඉවත් වීමෙන් තීන්දුව හා වගකීම ඉවත් වන්නේ නැත. උදාහරණයක් ලෙස වුළූ ධෝවනය කිරීමට අමතක කර තමන් පිරිසිදු යැයි සිතා සලාත් ඉටු කළ අයෙකු මෙනි. ඒ හේතුවෙන් ඔහු කෙරෙහි පාපයන් ඇති නොවන නමුත් වුළූ ධෝවනය කර නැවත සලාත් ඉටු කළ යුතු වේ.
බලකිරීමේ විෂයෙහි පාපයෙන් ඉවත් වීමට නම් කොන්දේසි කිහිපයක් පූර්ණ වී තිබිය යුතුය. උදාහරණයක් ලෙස බල කරන්නා ඔහු කළ තර්ජනය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත්තෙකු වීම වැනිය.
සුනන් ඉබ්නු මාජහ් (3/ 200) (2045).
අල්බයිහකී තුමාගේ අස්සුනන් අල්කුබ්රා (7/ 584) (15094).
තවත් බලන්න (5)
අල් අර්බඌනන් නවවියියාහ් (ص127) (ح39).
التحفة الربانية في شرح الأربعين حديثًا النووية.
لإسماعيل الأنصاري (ص89).
شرح الأربعين النووية.
لابن عثيمين (ص382).
පොත්වල උපුටා දක්වා ඇත
7 පොත්තවත් බලන්න (7)
- المختصر في آداب السفر وصفة الحج والعمرة وآداب الزيارة والأدعية الجامعة مع ملحق بالفتاوى والمخالفات6- فتاوى الحج والعمرة والزيارة (للحرمين)«رُفِعَ عَنْ أُمَّتِي الخَطأُ والنِّسْيانُ وَمَا اسْتُكْرِهُوا عَلَيهِ».
- سؤال وجواب حول الإسلام«رُفِعَ عن أُمَّتي الخطأَ والنِّسيانَ وما استُكْرِهوا عليهِ»
- شرح الأربعين النووية«إنَّ اللَّهَ تَجَاوَزَ لِي عَنْ أُمَّتِي الْخَطَأَ وَالنِّسْيَانَ وَمَا اسْتُكْرِهُوا عَلَيْهِ».
- صفة الحج«إِنَّ اللهَ تَجَاوَزَ عَنْ أُمَّتِي الْخَطَأَ وَالنِّسْيَانَ وَمَا اسْتُكْرِهُوا عَلَيْهِ»[33].
- فتاوى الحج والعمرة والزيارة«رفع عن أمتي الخطأ والنسيان وما استكرهوا عليه».
- فتاوى الحج والعمرة والزيارةفتاوى الحج والعمرة والزيارة (للحرمين)«رفع عن أمتي الخطأ والنسيان وما استكرهوا عليه».
- مجموعة زاد التفسير (1)التفسير 1«إِنَّ اللَّهَ وَضَعَ عَنْ أُمَّتِى الْخَطَأَ وَالنِّسْيَانَ وَمَا اسْتُكْرِهُوا عَلَيْهِ» .