Skip to content
සූරා ලැයිස්තුව /

الشُّورى

الشُّورى is chapter 42 of the Quran and has 53 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

53 වැකි සූරා අංකය 42
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

حمٓ

හා මීම්.

Explanation & meanings · 1
  1. මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න.

عٓسٓقٓ

අයින් සීන් කාෆ්.

كَذَٰلِكَ يُوحِيٓ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් නුඹ වෙත හා නුඹට පෙර වූ අය වෙත දේව පණිවිඩ දන්වා සිටිනුයේ එලෙස ය.

لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ

අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ ඔහු සතු ය. තවද ඔහු අති උත්තරීතර ය; අති ශ්‍රේෂ්ඨ ය.

تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِن فَوۡقِهِنَّۚ وَٱلۡمَلَٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيَسۡتَغۡفِرُونَ لِمَن فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ

අහස්, ඒවාට මතුපිටින් පැළී යන්නට බලයි. තවද මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද මහපොළොවේ සිටින අය වෙනුවෙන් ඔවුහු සමාව අයැද සිටිති. දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු අතික්ෂමාශීලී ය; මහාකරුණාන්විත ය.