Skip to content

ප්‍රශ්න අංක 14. දේව විශ්වාසයේ කුළුණු මොනවාද?

الباب / الفصل
قسم العقيدة

السؤال

س14: ما أركان الإيمان؟

ප්‍රශ්න අංක 14. දේව විශ්වාසයේ කුළුණු මොනවාද?

الجواب

ج:أركان الإيمان ستة:

  1. الإيمان بالله تَعَالَى.
  2. وملائكته.
  3. وكتبه.
  4. ورسله.
  5. واليوم الآخر.
  6. والقدر خيره وشره.

والدليل: حديث جبريل المشهور عند مسلم، قَالَ جبريل للنبي صَلَّىٰ اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«فَأَخْبِرْنِي عَنِ الْإِيمَانِ، قَالَ: أَنْ تُؤْمِنَ بِاللهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الْآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ».

පිළිතුර: අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ කුළුණු හයකි:

  1. සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම.
  2. මලාඉකාවරු (සුර දූතයෝ) ගැන විශ්වාස කිරීම.
  3. ධර්ම ග්‍රන්ථ විශ්වාස කිරීම.
  4. ධර්ම දූතවරු (නබිවරු) ගැන විශ්වාස කිරීම.
  5. විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම.
  6. හොඳ හා නරක සියල්ල අල්ලාහ් විසින් තීරණය කරන බව විශ්වාස කිරීම.

මේ සඳහා සාක්ෂි. සහිහ් මුස්ලිම් මූලාශ්‍රයෙහි එන සුප්‍රසිද්ධ හදීසයක ජිබ්රීල් නම් දේව දූතයා මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් මෙසේ විචාලේය.

ජිබ්රීල් නම් දේව දූතයා ඊමාන් යනු කුමක් දැ යි ඇසු ප්‍රශ්නයට, “අල්ලාහ් කෙරෙහි, ඔහුගේ මලාඉකාවරුන් කෙරෙහි, ඔහුගේ ග්‍රන්ථයන් කෙරෙහි, ඔහුගේ රසූල්වරුන් කෙරෙහි, අවසාන දිනය කෙරෙහි සහ අල් කද්ර්හි හොඳ හා නරක කෙරෙහි විශ්වාස කිරීම ඊමාන් වේ.” යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පිළිතුරු දුන්හ.