Skip to content

“මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියෙමි. පිරිසකගේ කසල ගොඩක් වෙත ගිය එතුමාණෝ සිටගෙනම මූත්‍රා කළහ

හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

“මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියෙමි. පිරිසකගේ කසල ගොඩක් වෙත ගිය එතුමාණෝ සිටගෙනම මූත්‍රා කළහ. මම දුරස්වන්නට බැලුවෙමි. එවිට එතුමා තමන් වෙත ළං වන මෙන් පවසා සිටියහ. පසුව මම එතුමාණන්ගේ විළුඹු දෙක අසළ සිට ගන්නා තරමටම සමීප වූයෙමි. පසුව එතුමාණෝ වූළු ධෝවනය කර, (එහි දී) එතුමාණන්ගේ පා ආවරණ දෙක මත එතුමාණෝ (ජලයෙන්) පිරිමැද්දාහ.“

كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَانْتَهَى إِلَى سُبَاطَةِ قَوْمٍ، فَبَالَ قَائِمًا، فَتَنَحَّيْتُ فَقَالَ: «ادْنُهْ» فَدَنَوْتُ حَتَّى قُمْتُ عِنْدَ عَقِبَيْهِ فَتَوَضَّأَ فَمَسَحَ عَلَى خُفَّيْهِ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සැබැවින්ම තමන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග සිටි බවත්, එතුමාණන්ට මූත්‍රා කිරීමට අවශ්‍ය වී එතුමාණෝ පිරිසකගේ කසල දමන ස්ථානයකට පිටව ගිය බවත් - එය කසල මෙන්ම නිවසේ අතුගා දමන ‌වැඩි රොඩු දමන ස්ථානයකි - එහි එතුමාණෝ සිටගෙනම මූත්‍රා කළ බවත් දන්වා සිටියේය. බොහෝ වේලාවට එතුමාණන්ගේ සිරිත වාඩි වී මූත්‍රා කිරීම ය. එවිට හුදෙයිෆා තුමා එතුමාණන්ගෙන් වෙන්ව ඈතට යන්නට බැලුවේය. එවිට එතුමාණෝ සමීපයට එන මෙන් ඔහුට පවසා සිටි අතර එතුමාණන්ගේ පිටුපසින් එතුමාණන්ගේ දෙපා පිටුපසෙහි සිටගන්නා තරමට හෙතෙම සමීප විය. එසේ සිදු කළේ එම තත්ත්වයේ එතුමාණන් දෙස ‌අනෙක් අයගේ නෙත් යොමු නොවනු වස් ඔහු තමට තිරයක් සේ සිටිනු පිණිසය. පසු ව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ වුළු ගත්හ. ‌එතුමාණන් දෙපා සෝදන අවස්ථාවේ තම ‌සපත්තු උර දෙක මත පිරි මැදීමෙන් එය ප්‍රමාණවත් කර ගත්හ. ඒ දෙක දෙපා ආවරණය වන සේ පැළද සිටි සිනිදු හමින් නිෂ්පාදන කරනු ලැබූ සපත්තු උර දෙකක් විය. එතුමාණේ ඒ දෙක ගැලවූයේ නැත.

හදීසයෙන් උගත හැකි පාඩම්

පාවහන් උර මත ජලයෙන් පිරිමැදීම ආගමානුගත කරන ලද්දකි.

තමන්ට කිසිවක් නො දැවටීමේ කොන්දේසිය මත සිටගෙන මූත්‍රා කිරීමේ අවසරය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කසල ගොඩ තෝරා ගත්හ. එය කොළරොඩු හා කුණු දමන ස්ථානයක් විය. එසේ කිරීමට හේතුව බොහෝ වේලාවකට මූත්‍රා කරන්නා වෙත මූත්‍රා නැවත හැරී නො ඒමට එය පහසු වන බැවිනි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 54) (224).

සහීහ් මුස්ලිම් (1/ 228) (273).

තවත් බලන්න (4)

تيسير العلام شرح عمدة الأحكام.

للبسام (ص51).

تنبيه الأفهام شرح عمدة الأحكام.

لابن عثيمين (1/ 61).