Skip to content

“ඔබ අතරින් කිසිවකු වුළුෑ ගන්නා විට ඔහුගේ නාසය තුළට ජලය ගෙන ගොස් පසු ව නාසය සීරා පිරිසිදු කළ යුතුය. ඔබ අතරින් කිසිවකු (තම ශාරීරික අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා) ගල් භාවිත කරන්නේ ද ඔහු ඔත්තේ සංඛ්යාවක් භාවිතා කළ යුතුය

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

“ඔබ අතරින් කිසිවකු වුළුෑ ගන්නා විට ඔහුගේ නාසය තුළට ජලය ගෙන ගොස් පසු ව නාසය සීරා පිරිසිදු කළ යුතුය. ඔබ අතරින් කිසිවකු (තම ශාරීරික අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා) ගල් භාවිත කරන්නේ ද ඔහු ඔත්තේ සංඛ්යාවක් භාවිතා කළ යුතුය. ඔබ අතරින් කිසිවකු නින්දෙන් අවදි වූ විට තම දෙඅත් ජල භාජනයට දැමීමට පෙර සෝදා ගත යුතුයි. හේතුව සැබැවින්ම රාත්‍රියේ තම දෑත් පිහිටියේ කොතැනකදැ?යි ඔබ කිසිවෙකු නොදන්නා බැවිනි.” මුස්ලිම් හි සඳහන් තවත් ප්‍රකාශයක: "ඔබ කිසිවෙකු හෝ නින්දෙන් අවදි වූ විට, ඔහු තම අත තුන්වරක් සෝදා හරින තෙක් භාජනය තුළට නො ගිල්විය යුතුය. සැබැවින්ම ඔහුගේ අත රාත්‍රියේ තිබුණේ කොතැනක දැයි නොදන්නා බැවිනි."

«إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَلْيَجْعَلْ فِي أَنْفِهِ ثُمَّ لِيَنْثُرْ، وَمَنِ اسْتَجْمَرَ فَلْيُوتِرْ، وَإِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلْيَغْسِلْ يَدَهُ قَبْلَ أَنْ يُدْخِلَهَا فِي وَضُوئِهِ، فَإِنَّ أَحَدَكُمْ لاَ يَدْرِي أَيْنَ بَاتَتْ يَدُهُ». ولفظ مسلم: «إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلَا يَغْمِسْ يَدَهُ فِي الْإِنَاءِ حَتَّى يَغْسِلَهَا ثَلَاثًا، فَإِنَّهُ لَا يَدْرِي أَيْنَ بَاتَتْ يَدُهُ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පිරිසිදු කිරීමේ ඇතැම් නීති පැහැදිළි කළහ. ඒවා අතරින්: පළමුවැන්න: කවරෙකු වුළූ ධෝවනය කළේ ද හුස්ම සමග තම නාසය තුළට ජලය ගලන්නට සළස්වා පසුව හුස්ම සමගම එය බැහැර කළ යුතුය. දෙවැන්න (මළ මූත්‍රා කළ පසු) : ඉන් බැහැර වන අපිවිත්‍ර දෑ පිරිසිදු කිරීමටත් ජලයෙන් තොරව ගල් හෝ එවැනි වෙනත් දෙයකින් එය ඉවත් කිරීමටත් සිතන්නේ නම්, එය ඔත්තේ සංඛ්‍යාවකින් පිරිසිදු කළ යුතුය. එහි අවමය විය යුත්තේ වාර තුනකි. එහි උපරිම වනුයේ බැහැර වන දෑ ඉවත් කර එම ස්ථානය පිරිසිදු කිරීමය. තුන්වැන්න: කවරෙකු රාත්‍රී නින්දෙන් අවදි වූයේ ද, ඔහු වුළූ ධෝවනය සඳහා තම අත් එහි දමන්නට පෙර භාජනයට පිටතින් තුන් වරක් සෝදාගත යුතුය. සැබැවින්ම තම අත් රාත්‍රියේ කොතැනක තිබුණේ දැයි ඔහු නොදන්නා බැවිනි. එවිට අපවිත්‍ර දෑ ගැන බියක් ඇති වේ. ෂෙයිතාන් මිනිසාට හානිදායක හෝ ජලය අපිරිසිදු කරන දෑද එයට එකතු කළ හැක.

වචනාර්ථ

اسْتَجْمَرَ: استعمل الجمار-وهي الحجارة-، أزال الخبث من المخرج بالحجارة أو نحوها.

හදීසයෙන් උගත හැකි පාඩම්

වුළූ ධෝවනයෙහි නාසය පිරිසිදු කිරීම අනිවාර්යය වේ. එනම්: හුස්ම හරහා නාසය තුළට ජලය ගලා යන්නට සැලැස්වීමය. නාසය සිරීමද අනිවාර්යය වේ. එනම්: හුස්ම හරහා නාසයෙන් ජලය පිට කිරීමය.

ගල් හෝ එවැනි ද්‍රව්‍යයකින් පිරිසිදු කිරීමේ දී ඔත්තේ සංඛ්‍යාවක් පිළිපැදීම සතුටු දායකය.

රාත්‍රී නින්දෙන් අවදි වූ පසු දෑත් තුන්වරක් සෝදා ගැනීම ආගමානුගත කරන ලද්දකි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 43) (162).

සහීහ් මුස්ලිම් (1/ 233) (278).

තවත් බලන්න (4)

تيسير العلام شرح عمدة الأحكام.

للبسام (ص19).

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 11).