Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"වැන්දඹුවන් සහ දුප්පතුන් හට උපකාර කිරීම සඳහා කැප වන තැනැත්තා, අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නා හා සමාන වේ. එසේ නැතහොත් රාත්‍රියේ නැමදුමෙහි නිරත ව, දහවල් කාලයේ උපාවසයේ නිරත වන තැනැත්තා හා සමාන වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ක්‍රියාවන් හයකි. මිනිසුන් සිව් දෙනෙකි. එසේ නම්, අනිවාර්යය කරන කරුණු දෙක, සමානයට සමානය, යහපතට ඒ හා සමාන දස ගුණය හා යහපතට හත්සීය ගුණය වේ. අනිවාර්යය කරන කරුණු දෙක වනාහි: කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නො කරන තත්ත්වයේ මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කරන තත්ත්වයේ මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිි‌සෙයි. සමානයට සමානය වනාහි: තම සිතට හැඟෙන තරමට හා අල්ලාහ් ද එය ඔහුගෙන් හඳුනා ගන්නා තරමට කවරෙකු යම් යහපතක් සිතුවේ ද ඔහුට කුසලක් ලියනු ලැබේ. කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඔහුට නපුරක් ලියනු ලැබේ. කවරෙකු යම් යහපතක් සිදු කළේ ද ඒ හා සමාන කුසල් දහයක් හිමි වේ. කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යමක් වියදම් කළේ ද කුසල හත්සීය ගුණයකින් ගුණ වේ. මිනිසුන් වනාහි: මෙලොවෙහි විස්තීරණභාවය ලබා මතුලොවෙහි පීඩනයට ලක් වන්නා ද ඔවුන් අතර සිටී. මෙලොවෙහි පීඩනයට ලක්ව මතුලොවෙහි විස්තීරණභාවය ලබන්නා ද ඔවුන් අතර සිටී.එමෙන්ම මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද පීඩනයට ලක් වන්නා ද මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි විස්තීරණභාවය ලබන්නා. ද ඔවුන් අතර සිටී."
හසන් ගණයට අයත් හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
"පුද්ගලයකු වියදම් කරන විශිෂ්ටතම දීනාරය නම්, තම පවුලේ අය වෙනුවෙන් වියදම් කරන දීනාරය, අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම ප්‍රවාහනික සත්වයා වෙනුවෙන් මිනිසා වියදම් කරන දීනාරය හා අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම සගයින් වෙනුවෙන් වියදම් කරන දීනාරයයි" යැයි පැවසූහ. අබූ කිලාබා තුමා: "හෙතෙම තම පවුලෙන් ආරම්භ කර ඇති" බව පැවසීය. තවදුරටත් අබූ කිලාබා තුමා මෙසේ පැවසීය: ‘තම කුඩා පවුල වෙනුවෙන් වියදම් කරන මිනිසාට හිමි ප්‍රතිඵලයට වඩා උතුම් වනුයේ වෙනත් කවර මිනිසෙකුගේ ප්‍රතිඵල ද? අල්ලාහ් ඔහු තුළින් ඔවුන්ට පෝෂණය ලබා දී, ඔවුනට සෙත සලසා දෙයි. තවද ඔවුන් පොහොසත් කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නුඹලා දේවත්වය විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා අතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුඹලා දේවත්වය විශ්වාස කරන්නේ නැත. නුඹලා සිදු කළ විට නුඹලා අතර සෙනෙහස ඇතිකරවන කරුණක් මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? නුඹලා අතර සලාමය පතුරුවා හරින්න.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තා වුළූ ධෝවනය කරන විට, ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම වරදක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත. එසේම ඔහුගේ දෑත් සෝදා හැරියේ නම් ඔහුගේ අතින් කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ අත් දෙකින් පහව යනු ඇත. එසේම ඔහුගේ පාද සෝදා හැරියේ නම් ඔහුගේ පාද ගමන් කර, කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ පාද දෙකින් පහව යනු ඇත. අවසානයේ සියලු පාපයන්ගෙන් පිරිසිදු වූ අයකු සේ බැහැර වනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.