“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනයා අතර වඩාත් සදාචාර සම්පන්න අයකු වූහ.”
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනයා අතර වඩාත් සදාචාර සම්පන්න අයකු වූහ.”
كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَحْسَنَ النَّاسِ خُلُقًا.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජනයා අතර සදාචාර සම්පන්න භාවයෙන් වඩාත් පරිපූර්ණවත් අයකු වූහ. දැහැමි කතාව, යහපත් හැසිරීම, සිනහමුසු මුහුණ, හානිය වැළැක්වීම සහ අනෙකාගේ බර ඉසිලීම යනාදී සියලුම සදාචාර හා ගතිගුණවල දී ඉමහත් පූර්වාදර්ශය එතුමාණන් සතු විය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සදාචාර ගතිපැවතුම් පූර්ණවත් විය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැහැමි ගතිගුණවල පූර්ණවත් ආදර්ශයකි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගතිගුණවල දී එතුමාණන්ව පිළිපදින මෙන් උනන්දු කරවීම.
සහීහුුල් බුහාරි (8/ 45) (6203).
සහීහ් මුස්ලිම් (4/ 1805) (2310).
තවත් බලන්න (8)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 670).
نزهة المتقين شرح رياض الصالحين.
لمصطفى الخِن وغيره (1/ 524).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (9/ 57).
شرح رياض الصالحين.
لابن عثيمين (3/ 556).