මෙම කරුණ රාත්‍රිය හා දහවළ ළඟා වන සෑම තැනකටම පැතිරී යනු ඇත. මැටි ගඩොලින් තැනූ කිසිදු නිවසක් හෝ ඔටු හමින් තැනූ කිසිදු නිවසක් හෝ අල්ලාහ් එහි මෙම දහම ප්‍රවේශ කරනු මිස නැත. එය බලවත් ගෞරවයකින් හෝ අපහාසාත්මක නින්දාවකින් හෝ සිදු වනු ඇත. ගෞරවයයි, එමගින් අල්ලාහ් ඉස්ලාමය උසස් කරයි. අවමානයයි, එමගින් අල්ලාහ් දේව ප්‍රතික්ෂේපය නින්දාවට පත් කරයි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් තමීම් අද් දාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මෙම කරුණ රාත්‍රිය හා දහවළ ළඟා වන සෑම තැනකටම පැතිරී යනු ඇත. මැටි ගඩොලින් තැනූ කිසිදු නිවසක් හෝ ඔටු හමින් තැනූ කිසිදු නිවසක් හෝ අල්ලාහ් එහි මෙම දහම ප්‍රවේශ කරනු මිස නැත. එය බලවත් ගෞරවයකින් හෝ අපහාසාත්මක නින්දාවකින් හෝ සිදු වනු ඇත. ගෞරවයයි, එමගින් අල්ලාහ් ඉස්ලාමය උසස් කරයි. අවමානයයි, එමගින් අල්ලාහ් දේව ප්‍රතික්ෂේපය නින්දාවට පත් කරයි. තමීම් අද්-දාරී තුමා මෙසේ පවසා සිටියේය. මම ඒ ගැන මාගේ නිවැසියන් අතරින් දැන ගත්තෙමි. ඔවුන් අතර කිසිවකු හෝ ඉස්ලාමය වැළඳ ගත්තේ ද ඔහුට යහපත, ගෞරවය හා ශ්‍රේෂ්ඨත්වය නියම විය. එමෙන්ම ඔවුන් අතර කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුට නින්දාව, අපහාසය හා ජිස්යා බද්ධ නියම විය."
«لَيَبْلُغَنَّ هَذَا الأَمْرُ مَا بَلَغَ اللَّيْلُ وَالنَّهَارُ، وَلَا يَتْرُكُ اللهُ بَيْتَ مَدَرٍ وَلَا وَبَرٍ إِلَّا أَدْخَلَهُ اللهُ هَذَا الدِّينَ، بِعِزِّ عَزِيزٍ أَوْ بِذُلِّ ذَلِيلٍ، عِزًّا يُعِزُّ اللهُ بِهِ الإِسْلَامَ، وَذُلًّا يُذِلُّ اللهُ بِهِ الكُفْرَ» وَكَانَ تَمِيمٌ الدَّارِيُّ يَقُولُ: قَدْ عَرَفْتُ ذَلِكَ فِي أَهْلِ بَيْتِي، لَقَدْ أَصَابَ مَنْ أَسْلَمَ مِنْهُمُ الْخَيْرُ وَالشَّرَفُ وَالْعِزُّ، وَلَقَدْ أَصَابَ مَنْ كَانَ مِنْهُمْ كَافِرًا الذُّلُّ وَالصَّغَارُ وَالْجِزْيَةُ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ දන්වා සිටියි: සැබැවින්ම මෙම දහම මහපොළොවේ සියලුම ප්‍රදේශ ආවරණය කරනු ඇත. කවර ස්ථානයකට රාත්‍රිය හා දහවල ළගා වන්නේ ද මෙම දහම ද ඒ වෙත ළඟා වනු ඇත. ගමේ හා නගරයේ හෝ පිටිසර ප්‍රදේශයේ හා කාන්තාර ප්‍රදේශයේ හෝ වේවා එහි ඇති කවර නිවසක් වුව ද අල්ලාහ් මෙම දහම එහි ප්‍රවේශ නො කර අත්හැර දමන්නේම නැත. කවරෙකු මෙම දහම පිළිගෙන එය විශ්වාස කළේ ද සැබැවින්ම ඔහු ඉස්ලාමයේ ගෞරවය හේතුවෙන් ගෞරවනීය පුද්ගලයකු වනු ඇත. කවරෙකු එයට පිටුපා එය ප්‍රතික්ෂේප කළේ ද සැබැවින්ම ඔහු අවමානයෙන් යුතුව පහත් තත්ත්වයට පත්වනු ඇත. පසුව තමීම් අද්දාරී සහාබිවරයා සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර දෙයක් ප්‍රකාශ කළේ ද ඒ ගැන විශේෂයෙන් තම නිවැසියන් අතර හඳුනාගත හැකි වූ බවත් ඔවුන් අතරින් ඉස්ලාමය වැළඳගත් උදවියට යහපත ගෞරවය හා ශ්‍රේෂ්ඨත්වය හිමි වූ බවත් ඔවුන් අතරින් එය ප්‍රතික්ෂේප කළ උදවියට අවමානය හා අපහාසය අත් වූ අතරම ධනයෙන් මුස්ලිම්වරුන් වෙත ජිස්යා බද්දක් ගෙවන්නට සිදු වූ බවත් ප්‍රකාශ කර සිටියේය.
مَدَر: طين، والمراد أهل القرى والمدن.
وبر: شعر وصوف، والمراد أهل البادية والصحراء.
සැබැවින්ම මුස්ලිම්වරුන්ගේ දහම මහපොළොවේ සියලුම ප්‍රදේශ වල පැතිරෙනු ඇතැයි මුස්ලිම්වරුන්ට ශුභාරංචි දැන්වීම.
ගෞරවය, ඉස්ලාමය හා මුස්ලිම්වරුන් සතු ය. අවමානය, එය ප්‍රතික්ෂේප කිරීම හා එය ප්‍රතික්ෂේප කරන්නන් සතු ය.
මෙහි නබිත්වයේ සාධකයක් හා සළකුණක් දක්නට ඇත. එනම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටි පරිදිම එම කටයුත්ත සිදුවීමය.
මුස්නද් අහ්මද් (28/ 154) (16957).
(15/ 163).
තවත් බලන්න (5)
النهاية في غريب الحديث والأثر.
لابن الأثير (4/ 309).
المصباح المنير في غريب الشرح الكبير.
لأحمد الفيومي (1/ 163).
الموسوعة الفقهية الكويتية.
පොත්වල උපුටා දක්වා ඇත
5 පොත්තවත් බලන්න (5)
- مجالس تدارس القرآن للمبتدئين (سورة الفاتحة وقصار المفصّل)1«لَيبلُغنَّ هذا الأمر ما بلغ الليل والنهار ولا يترك الله بيت مَدَر ولا وَبَر إلا أدخله الله هذا الدين بعزّ عزيز أو بذلّ ذليل، عزًا يعز الله به الإسلام وأهله، وذلًا يذل الله به الكفر»([131])..
- نبراس طالب (2)نبراس طالب (2) عَنْ تَمِيمٍ الدَّارِيِّ قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صلى الله عليه وسلم يَقُولُ: «لَيَبْلُغَنَّ هَذَا الأَمْرُ مَا بَلَغَ اللَّيْلُ وَالنَّهَارُ، وَلاَ يَتْرُكُ اللهُ بَيْتَ مَدَرٍ وَلاَ وَبَرٍ إِلاَّ أَدْخَلَهُ اللهُ هَذَا الدِّينَ»
- نبراس طالب (5)1«لَيَبْلُغَنَّ هَذَا الْأَمْرُ مَا بَلَغَ اللَّيْلُ وَالنَّهَارُ، وَلَا يَتْرُكُ اللهُ بَيْتَ مَدَرٍ وَلَا وَبَرٍ (بيتًا مبنيًّا من طين أو من شعر) إِلَّا أَدْخَلَهُ اللهُ هَذَا الدِّينَ»
- وثيقة منهج نبراس لمدارس نهاية الأسبوع1"ليَبْلُغن هذا الأمر ما بلغ اللَّيل والنَّهار، ولا يترك الله بيت مَدَرٍ ولا وبرٍ إلا أدخله الله هذا الدين"
- وثيقة منهج نبراس لمدارس نهاية الأسبوع1"ليَبْلُغن هذا الأمر ما بلغ اللَّيل والنَّهار، ولا يترك الله بيت مَدَرٍ ولا وبرٍ إلا أدخله الله هذا الدين"