මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ අය එක් දිනක දෙවරක් ආහාර ගත්තේ නැත, එසේ ගෙන තිබුණත් දෙවේලෙන් එකක් රටඉඳි වලින් විය
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර් තා කරන ලදී.
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ අය එක් දිනක දෙවරක් ආහාර ගත්තේ නැත, එසේ ගෙන තිබුණත් දෙවේලෙන් එකක් රටඉඳි වලින් විය.
مَا أَكَلَ آلُ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَكْلَتَيْنِ فِي يَوْمٍ إِلَّا إِحْدَاهُمَا تَمْرٌ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය එක් දිනක දෙවරක් ආහාර ගෙන තිබුණේ නැත. එසේ ගෙන තිබුණත් දෙකෙන් එකක් රටඉඳි වලින් විය යැයි මුඃමින්වරුන්ගේ මාතාවක වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දන්වා සිටියාය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සහ එතුමාණන්ගේ පවුලේ අයගේ නිහතමානීකම. මන්ද ඇතැම් විට ඔවුන්ට දිනකට එක් ආහාර වේලකට වඩා සොයාගත නොහැකි විය.
ඔවුනට අන් ආහාරවලට වඩා ලබා ගත හැකි වූ පහසුම ආහාරය වූයේ රට ඉඳිය.
සරලකමේ හා ජීවන සම්පත් හිඟ වුව ද ඒ ගැන තෘප්තියට පත්වීමේ මහිමය. එය නබිවරුන්ගේ ගුණාංග හා ධර් ම දූතවරුන්ගේ පිළිවෙත් අතරින් විය.
දිනකට දෙවරක් ආහාර ගැනීම අවසර ලත් පිළිවෙතක් වන අතර එය අරාබිවරුන්ගේ ප්‍රසිද්ධ සිරිත් විරිත් වලින් එකක් විය. ඔවුන් දිනකට ආහාර වේල් දෙකක්, දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය ලෙස අනුභව කළහ.
සහීහුුල් බුහාරි (8/ 97) (6455).
සහීහ් මුස්ලිම් (4/ 2282) (2971).
තවත් බලන්න (1)
فتح الباري لابن حجر (11/ 292).