සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උත්තරීතර අල්ලාහ් වෙත ඇරයුම් කරමින් කිස්රා, කයිසර් හා නජ්ජාසි වෙත මෙන්ම පාලකයින් සෑම කෙනෙකු වෙතම ලිපි යැවූහ
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී:
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උත්තරීතර අල්ලාහ් වෙත ඇරයුම් කරමින් කිස්රා, කයිසර් හා නජ්ජාසි වෙත මෙන්ම පාලකයින් සෑම කෙනෙකු වෙතම ලිපි යැවූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාත් ඉටු කළ නජ්ජාසි මොහු නොවීය.
أَنَّ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَتَبَ إِلَى كِسْرَى، وَإِلَى قَيْصَرَ، وَإِلَى النَّجَاشِيِّ، وَإِلَى كُلِّ جَبَّارٍ يَدْعُوهُمْ إِلَى اللهِ تَعَالَى، وَلَيْسَ بِالنَّجَاشِيِّ الَّذِي صَلَّى عَلَيْهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
නබි (සල්ලල්ලාහු අලයහී වසල්ලම්) තුමාණන් මිය යන්නට පෙර තමන් අවට සිටින ප්‍රජාවන් රජකළ රජවරුන් වෙත ඉස්ලාමය වෙත ඇරයුම් කරමින් ලිපි යැවූ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි. එහි දී කිස්රා රජවරුන්ට ලිපි යැවූහ. කිස්රා යනු පර් සියාව රජ කළ සෑම රජවරයෙක්ම ඒ නමින් හැඳින්වේ. කයිසර් වෙත යැවූහ. රෝමය පාලනය කළ සෑම රජවරයෙක්ම ඒ නමින් හැඳින් වේ. නජ්ජාසි වෙත ද යැවූහ. ඇබීසීනියාව පාලනය කළ සෑම රජවරයෙක්ම ඒ නමින් හැඳින් වේ. එමෙන්ම මිනිසුන් කෙරෙහි ආධිපත්‍යය දරණ ඔවුන්ට පීඩා කරමුන් පාලනය කරන සෑම පාලකයෙකු වෙතම ලිපි යැවූහ. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් පැහැදිලි කිරීමේ දී ලිපි ලියා එවනු ලැබූ නජ්ජාසි රජු ඉස්ලාමය වැළඳ ගත් රජතුමා මිය ගිය බවත්, එතුමා කෙරෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගාඉබ් ජනාසා සලාතය ඉටු කළ රජු නොවන බවත්ය .
මුස්ලිම් නොවන රජවරුන් හා පාලකයින් වෙත ඉස්ලාමයේ පණිවිඩය එවා ඔවුන් ඒ වෙත ඇරයුම් කිරීම ආගමානුකූල කටයුත්තකි.
ලිපි ලිවීමෙන් හා ලිපි යැවීමෙන් කටයුතු කිරීම ආගමානුකූල කටයුත්තකි.
සහීහ් මුස්ලිම් (3/ 1397) (1774).
තවත් බලන්න (3)
المفهم لما أشكل من تلخيص كتاب مسلم (3/ 612).
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (31/ 67).
النهاية في غريب الحديث والأثر (136).