Skip to content

“අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග සහර් කළෙමු. පසුව එතුමාණෝ සලාතය සඳහා නැගී සිටියහ. මම, "අදාන් හා සහර් අතර කොපමණ කාලයක් තිබුණේදැ?"යි විමසා සිටියෙමි. එතුමා, "ආයාත් පනහක ප්‍රමාණයක්" යැයි පැවසූහ

සෙයිද් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග සහර් කළෙමු. පසුව එතුමාණෝ සලාතය සඳහා නැගී සිටියහ. මම, "අදාන් හා සහර් අතර කොපමණ කාලයක් තිබුණේදැ?"යි විමසා සිටියෙමි. එතුමා, "ආයාත් පනහක ප්‍රමාණයක්" යැයි පැවසූහ.

تَسَحَّرْنَا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، ثُمَّ قَامَ إِلَى الصَّلاةِ، قُلْتُ: كَمْ كَانَ بَيْنَ الأَذَانِ وَالسَّحُورِ؟ قَالَ: قَدْرُ خَمْسِينَ آيَةً.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ඇතැම් සහබාවරු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග සහර් කළහ. පසුව එතුමාණෝ ෆජ්ර් සලාතය සඳහා නැගී සිටියහ. එවිට අනස් තුමා සෙයිද් ඉබ්නු සාබිත් දෙස බලා, "අදාන් හා සහර් අවසානය දක්වා අතර කොපමණ කාලයක් තිබුණේදැ?"යි විමසා සිටියහ. එවිට සෙයිද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසූහ. "එය දීර්ග නොවන, කෙටි නොවන, එමෙන්ම වේගවත් නොවන, මන්දගාමී නොවන, මධ්‍යස්ථ ආයත් පනහක් කියවන ප්‍රමාණයකි."

හදීසයෙන් උගත හැකි පාඩම්

ෆජ්ර් සලාතයට සුළු මොහොතක් දක්වා සහර් ප්‍රමාද කිරීමේ මහිමය. ඊට හේතුව එසේ ප්‍රමාද කිරීම ඔහුගේ ශරීරයට මහත් සෙතකි. එමෙන්ම එදින තුළ ඔහුට එය බොහෝ ප්‍රයෝජන ගෙන දෙන්නක් වනු ඇත.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් දැනුම ලැබීම සඳහා එතුමාණන් වෙත එක්රැස්වීමට සහාබාවරුන් තුළ තිබූ උනන්දුව.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහගාමීන් සමගම එක්ව ආහාර අනුභව කරමින් එතුමාණන් ඔවුන් සමග පවත්වාගෙන ගිය යහපත් ආශ්‍රය.

උපවාසය රැකීමේ ආරම්භක වේලාව ෆජ්ර් (අළුයම) උදාවය.

"අදාන් හා සහර් අතර කොපමණ කාලයක් වීද?" යන එතුමාගේ ප්‍රකාශය වනාහි, තවත් හදීසයක ප්‍රකාශිත ප්‍රකාශයක් අනුව සහර් අවසන් වීම හා සලාතයට පිවිසීම අතර කොපමණ කාලයක් වී ද? යන්නය. ඇතැම් හදීස් ඒවායින් සමහරක් තවත් සමහරක් විග්‍රහ කරනු ඇත.

මුහල්ලිබ් තුමා මෙසේ පවසයි. "ශරීර ක්‍රියාවන් සමග වේලාව තක්සේරු කිරීමක් මෙහි අන්තර්ගතව ඇත. ක්‍රියාවන් සමග වේලාවන් සීමා කිරීම අරාබිවරුන්ගේ සිරිතක් විය. එය "එළුවාගෙන් කිරි දොවන කාල ප්‍රමාණයක්. ඔටුවකු කපා හරින කාල ප්‍රමාණයක්" යැයි ඔවුන් ප්‍රකාශ කිරීම වැනිය. ඒ අනුව සෙයිද් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා මෙහි කාලය ගැන තක්සේරු කළේ පාරායනය කිරීමට ගතවන කාලය සමගය. එමෙන්ම සැබැවින්ම එම වේලාව අල් කුර්ආනය කියවා නැමදුම් කිරීමේ වේලාව බව ද පෙන්වා දෙයි. ක්‍රියාව නොවන දෙයක් මත ඔවුන් තක්සේරු කර සිටියේ නම්, උදාහරණ ලෙස "නිලයක ප්‍රමාණයක් හෝ පැය පහෙන් එකින් තුනෙන් කොටසක කාලයක් යනාදී ලෙස පවසා සිටියහ.

ඉබ්නු අබූ ජුම්රා තුමා මෙසේ පවසයි. "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සමූහයාට වඩාත් පහසු හා සැහැල්ලු දෑ පිළිබඳ අපේක්ෂාවෙන් සිටි අතර එතුමාණෝ ඒ අනුව කටයුතු කළහ. එතුමාණන් එසේ සහර් නොකළේ නම්, ඔවුන් ද එය පිළිපදින්නට තිබුණි. එවිට ඔවුන් ඇතැමෙක්ට එය අසීරු කාර්යයක් වනු ඇත. එතුමාණන් මධ්‍යම රාත්‍රියෙහි සහර් කළේ නම් ඇතැමුන්ට එය ද දුෂ්කර විය හැකිය. එයින් නින්ද ඔහු අබිබවා ගොස් සුබ්හු සලාතය මඟ හරින තරමට ඔවුන්ව ගෙන යනු ඇත. එසේ නැතහොත් රාත්‍රී කාලයේ අවදිව සිටීමට වෙහෙස දැරීමේ අවශ්‍යතාව ඔවුනට හට ගනු ඇත.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (3/ 29) (1921).

සහීහ් මුස්ලිම් (2/ 771) (1097).

තවත් බලන්න (6)

تيسير العلام.

لعبد الله البسام (ص318).

تنبيه الأفهام شرح عمدة الأحكام.

لابن عثيمين (3/ 418).

خلاصة الكلام على عمدة الأحكام.

لفيصل آل مبارك (ص147).