Skip to content

සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පැවසුවේ නම් ඔහුට අත්ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත.”

සුලෙයිමාන් ඉබ්නු සුරද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටියෙමි. මිනිසුන් දෙදෙනෙකු එකිනෙකාට බැණ වදිමින් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණ රතු වී තිබිණ. ඔහුගේ ගෙල නහර ද පිම්ඹී තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පැවසුවේ නම් ඔහුට අත්ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත.” යැයි පැවසූහ. පසුව ඔවුහු ඔහුට: සැබැවින්ම ඔබ ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි බව සැළ කර සිටියෝය. එවිට ඔහු 'මට පිස්සු හැදී ඇත්තේ ද? යැයි පවසා සිටි බවත් සඳහන් වී ඇත.

كُنْتُ جَالِسًا مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَرَجُلاَنِ يَسْتَبَّانِ، فَأَحَدُهُمَا احْمَرَّ وَجْهُهُ، وَانْتَفَخَتْ أَوْدَاجُهُ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنِّي لَأَعْلَمُ كَلِمَةً لَوْ قَالَهَا ذَهَبَ عَنْهُ مَا يَجِدُ، لَوْ قَالَ: أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ، ذَهَبَ عَنْهُ مَا يَجِدُ» فَقَالُوا لَهُ: إِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «تَعَوَّذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ»، فَقَالَ: وَهَلْ بِي جُنُونٌ؟

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මිනිසුන් දෙදෙනෙකු එකිනෙකාට බැණ වදිමින් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණ රතු වී තිබිණ. ඔහුගේ ගෙල වටා ඇති නහර ද ඉදිමී තිබිණ. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: 'සැබැවින්ම මම වදනක් දනිමි. එය මහත්සේ කෝපයට පත් වූ මෙම තැනැත්තා පවසන්නේ නම්, කෝපය ඔහුගෙන් පහව යනු ඇත. ඔහු 'අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම අල්ලාහ් වෙත පතමි.) යැයි පැවසුවේ නම් මැනව.' යැයි පැවසුහ. එවිට එහි සිටි පිරිස ඔහුට: 'සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ් වෙත පතන මෙන් පවසා සිටියේ යැ'යි පවසා සිටියෝය. එවිට ඔහු 'මට පිස්සු හැදී ඇත්තේ ද?' යැයි පවසා සිටිය. ඔහු ඉන් අදහස් කළේ පිස්සු හැඳුණු අයකු මිස වෙනත් කිසිවකු ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව නොපතන බවය.

හදීසයෙන් උගත හැකි පාඩම්

යම් කාරණාවක් වී නම් එවැනි අවස්ථාවක ඒ ගැන මඟ පෙන්වීමට හා කියා දීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තුළ තිබූ දැඩි කැමැත්ත.

කෝපයට පත්වීම ෂෙයිතාන්ගෙන් සිදු වන්නකි.

කෝපය ඇති වූ අවස්ථාවක හෙළන ලද ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීමට නියෝග කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "ෂෙයිතාන් ඔබව කෝපටය පත් කරන්නේ නම් ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න.." (අල්-කුර්ආන් පාඨයකි)

බැණ වැදීම හා ඒ හා සමානව දොස් නැගීම ගැන අවවාද කිරීම. මෙම කරුණු දෙක හේතුවෙන් මිනිසුුන් දුරස්ව යනු ඇත. එය සැබැවින්ම ඒ දෙක මිනිසුන් අතර දූෂිතකම් ඇති කිරීමට තුඩු දෙන බැවිනි.

සවන් නොදුන් අය වෙත උපදෙස දන්වා සිටීම. එය, ඔවුන් එමගින් ප්‍රයෝජන ලබනු පිණිසය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කෝපය ගැන අවවාද කරමින් සිටියහ. සැබැවින්ම එය නපුරට හා නොසැළකිලිමත්කමට හේතුවන බැවිනි. උත්තරීතර අල්ලාහ් තහනම් කළ කරුණක මිස වෙනත් කිසිදු අවස්ථාවක (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෝප වූයේ නැත. එම කෝපය ප්‍රශංසනීය කෝප වීමකි.

'මට පිස්සු හැදී ඇත්තේ ද?' යන ප්‍රකාශය සම්බන්ධයෙන් නවවි තුමා මෙසේ පවසයි: සැබැවින්ව එසේ ප්‍රකාශ කළ තැනැත්තා කුහකයින් අතරින් හෝ දරදඬු ගම්බද අරාබිවරුන් අතරින් හෝ කෙනෙකු විය හැකි බවය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 124) (3282).

සහීහ් මුස්ලිම් (4/ 2015) (2610).

තවත් බලන්න (8)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 110).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص50).

شرح رياض الصالحين.

لابن عثيمين (1/ 270).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 78).