නුඹලා එකිනෙකා අතර ත්‍යාග පිරිනමා ගනු. එමඟින් නුඹලා එකිනෙකා අතර සෙනෙහස ඇති කර ගනු ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"නුඹලා එකිනෙකා අතර ත්‍යාග පිරිනමා ගනු. එමඟින් නුඹලා එකිනෙකා අතර සෙනෙහස ඇති කර ගනු ඇත."
«تَهَادَوا تَحَابُّوا».
මුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරයා සමග තෑගිබෝග හුවමාරු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගන්වා ඇත. සැබැවින්ම තෑගිභෝග පිරිනැමීම ආදරය ඇතිවීමට හා හදවත් තුළ ලෙන්ගතුකම ඇතිවීමට හේතුවක් වේ.
තෑගි හුවමාරුකර ගැනීම සතුටුදායකය. මක්නිසාදයත් ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියෝග කර ඇති බැවිනි.
තෑගිභෝග පිරිනැමීම ආදරය ඇති වීමේ හේතු සාධකයකි.
තමන් අතර හා ජනතාව අතර ආදරය ඇති කරන ආකාරයේ සියලු ක්‍රියාවන් මිනිසා විසින් සිදු කළ යුතුය. එය තමන්ට හැකි අයුරින් තෑගිභෝග පිරිනැමීමෙන් හෝ මෛත්‍රීව කටයුතු කිරීමෙන් හෝ යහපත් කතාවෙන් හෝ සතුටු මුහුණින් පිළිගැනීමෙන් හෝ විය යුතුය.
අල්බයිහකී තුමාගේ අස්සුනන් අල්කුබ්රා (6/ 169).
තවත් බලන්න (5)
الأدب المفرد للبخاري (ص:208) (594).
مسند أبي يعلى الموصلي (11/ 9) (6148).
فتح ذي الجلال والإكرام بشرح بلوغ المرام (4/ 319).
فيض القدير (3/ 271).
التيسير بشرح الجامع الصغير (1/ 457).