මිනිසා තම කුසට වඩා නරක ලෙස පුරවන වෙනත් කිසිදු භාජනයක් නැත. ආදම්ගේ පුත්‍රයා තම කොඳු ඇට පෙළ ඍජුව තබා ගන්නා තරමට අනුභව කිරීම ප්‍රමාණවත්ය. එය නොවැළැක්විය හැකි නම්, තුනෙන් එකක් ආහාර සඳහා ද තුනෙන් එකක් බීම සඳහා ද ඉතිරි තුනෙන් එක ඔහුගේ හුස්ම සඳහා ද විය යුතුය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අල්-මික්දාද් ඉබ්නු මඃදී කරිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කර ඇත:
"මිනිසා තම කුසට වඩා නරක ලෙස පුරවන වෙනත් කිසිදු භාජනයක් නැත. ආදම්ගේ පුත්‍රයා තම කොඳු ඇට පෙළ ඍජුව තබා ගන්නා තරමට අනුභව කිරීම ප්‍රමාණවත්ය. එය නොවැළැක්විය හැකි නම්, තුනෙන් එකක් ආහාර සඳහා ද තුනෙන් එකක් බීම සඳහා ද ඉතිරි තුනෙන් එක ඔහුගේ හුස්ම සඳහා ද විය යුතුය."
«مَا مَلأَ آدَمِيٌّ وِعَاءً شَرًّا مِنْ بَطْنٍ، بِحَسْبِ ابْنِ آدَمَ أَكَلاَتٌ يُقِمْنَ صُلْبَهُ، فَإِنْ كَانَ لَا مَحَالَةَ، فَثُلُثٌ لِطَعَامِهِ، وَثُلُثٌ لِشَرَابِهِ، وَثُلُثٌ لِنَفَسِهِ».
උතුම් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අපට වෛද්‍ය විද්‍යාවේ මූලික කරුණු වලින් එකක් සම්බන්ධයෙන් මඟ පෙන්වූහ. එනම් පුද්ගලයෙකු තම සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ මඟකි. එය ආහාර ගැනීම අඩු කිරීම ය. ඒ වෙනුවට, ඔහුගේ කුසගින්න නිවෙන ප්‍රමාණයට සහ ඔහුගේ අවශ්‍ය කාර් යයන් ඉටු කිරීම සඳහා ශක්තිය ලබා දෙන ප්‍රමාණයට ආහාර ගත යුතුය. කුස පිරෙන්නට කෑමෙන් ක්ෂණිකව හෝ ප්‍රමාද වී හෝ, අභ්‍යන්තරව හෝ බාහිරව හෝ ඇති වන අසංඛ්‍යාත මාරාන්තික රෝග නිසා, පුරවනු ලබන නරකම භාජනය ආමාශයයි. පසුව දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ: "මිනිසාට කුස පුරවා ගන්නට අවශ්‍යතාවක් ඇත්නම්, ආහාර සඳහා ඔහු තුනෙන් එක් කොටසක් නියම කරගත යුතුය. අනෙක් තුනෙන් එක් කොටස පානය සඳහා ද ඉතිරි තුනෙන් එක් කොටස තම ආගමික මෙන්ම ලෞකික කටයුතුවල දී අල්ලාහ් ඔහුට නියම කළ දෑ ඉටු කිරීමෙන් මැලිකමක්, හානියක් හා පීඩනයක් ඇති නොවන තරමට හුස්ම සඳහා වෙන් කළ යුතුය.
අධික ලෙස ආහාර ගැනීමෙන් හා පානය කිරීමෙන් වළකින්න. මෙය වෛද්‍ය විද්‍යාවේ සියලුම මූලධර්ම ඇතුළත් පුළුල් මූලධර්මයකි, මන්ද අධික ලෙස කුස පිරෙන්නට ආහාර ගැනීම ලෙඩ රෝග ඇති කරයි.
ආහාර ගැනීමේ අරමුණ සෞඛ්‍යය හා ශක්තිය පවත්වා ගැනීමයි. ජීවිතයේ සුවය ඒ දෙකය.
ආහාර වලින් කුස පුරවා ගැනීම ශාරීරික හා ආගමික වශයෙන් හානි සිදු කරනු ඇත. උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: "අධික ලෙස ආහාර ගැනීමෙන් පරිස්සම් වන්න. මන්ද එය ශරීරය දූෂිත කරන අතර යාච්ඤා කිරීමට මැලිකම ඇති කරයි."
ආගමික නීති අනුව, ආහාර ගැනීම කොටස්වලට බෙදා ඇත: 1. 'වාජි්බ් හෙවත් අනිවාර්යය ආහාරය : සුරක්ෂිත ජීවිතයක් සඳහා අවශ්‍ය වන ආහාරය. තවද එය මඟ හැරීම හානියට හේතු වේ. 2. 'ජාඉස්' හෙවත් අවසර ලත් ආහාරය: එය අනිවාර්ය ප්‍රමාණය ඉක්මවා යන සහ හානියට බිය නොවන දෙයකි. 3. 'මක්රූහ්' හෙවත් පිළිකුල: එය හානි කරනු ඇතැයි බිය වන දෙයයි. 4. 'මුහර්රම්' හෙවත් තහනම: එය හානිකර යැයි දන්නා දෙයයි. 5. 'මුස්තහබ්' හෙවත් ප්‍රියජනක : එය අල්ලාහ්ට නමස්කාර කිරීමට සහ කීකරු වීමට උපකාරී වන දෙයයි. මෙය හදීසයේ ඒවා තත්ත්වයන් තුනකින් සාරාංශ කර ඇත: පළමුවැන්න: කුස පිරවීම. දෙවනුව: කෙනෙකුගේ කොන්ද ශක්තිමත් කරන ආහාර හෝ මිටවල්. තෙවනුව: ඔහුගේ ප්‍රකාශය, "ඔහුගේ ආහාර සඳහා තුනෙන් එකක්, ඔහුගේ පානය සඳහා තුනෙන් එකක් සහ ඔහුගේ හුස්ම සඳහා තුනෙන් එකක්." මේ සියල්ල ආහාර වර්ග අනුමැතිය තිබෙන විටෙකය.
මෙම හදීසය වෛද්‍ය විද්‍යාවේ රීති අතරින් එකකි. වෛද්‍ය විද්‍යාව මූලධර්ම තුනක් මත පදනම් වී ඇත: ශරීර ශක්තිය සුරක්ෂා කිරීම, ආහාර පාලනය, ඒවා ශරීරයෙන් බැහැර කිරීම. හදීසයේ ඒවායින් පළමු දෙක ඇතුළත් වේ, සර්ව බලධාරි අල්ලාහ්ගේ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ: “කන්න, බොන්න, නමුත් නාස්ති නොකරන්න. ඇත්ත වශයෙන්ම, ඔහු නාස්ති කරන්නන් ප්‍රිය කරන්නේ නැත.” [අල්-අඃරාෆ්: 31]
මිනිසාගේ ආගමික හා ලෞකික ජීවිතයේ, ඔහුගේ යහපත ෂරීආව තුළ අන්තර්ගතව ඇති බැවින් මෙම ෂරීආ නීතියේ පරිපූර්ණත්වය එය පෙන්නුම් කරයි.
ෂරීආ අධ්‍යාපනය තුළ වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම සහ එහි වර්ග ද ඇතුළත් වේ. එය මී පැණි සහ කළුදුරු පිළිබඳ සඳහන් වී ඇති සේය.
ෂරීආ නීතියේ විධිවිධානවල ප්‍රඥාව අඩංගු වන අතර ඒවා හානිය වැළැක්වීම සහ ප්‍රතිලාභ අත්කර ගැනීම මත පදනම් වේ.
සුනන් අත් තිර්මිදි (4/ 188) (2380).
සුනන් ඉබ්නු මාජහ් (4/ 448) (3349).
මුස්නද් අහ්මද් (28/ 422) (17186).
තවත් බලන්න (7)
فتح الباري لابن حجر (9/ 528).
جامع العلوم والحكم في شرح خمسين حديثا من جوامع الكلم.
لابن رجب (2/ 467).
التحفة الربانية في شرح الأربعين حديثًا النووية.
لإسماعيل الأنصاري (ص100).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
لعبد المحسن العباد (ص148).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්තවත් බලන්න (4)
- سؤال وجواب حول الإسلام«مَا مَلَأَ آدَمِيٌّ وِعَاءً شَرًّا مِنْ بَطْنٍ، بِحَسْبِ ابْنِ آدَمَ أُكُلَاتٌ يُقِمْنَ صُلْبَهُ، فَإِنْ كَانَ لَا مَحَالَةَ، فَثُلُثٌ لِطَعَامِهِ، وَثُلُثٌ لِشَرَابِهِ، وَثُلُثٌ لِنَفَسِهِ»
- شرح الأربعين النووية«مَا مَلَأَ آدَمِيٌّ وِعَاءً شَرًّا مِنْ بَطْنٍ، بِحَسْبِ ابْنِ آدَمَ أُكُلَاتٌ يُقِمْنَ صُلْبَهُ، فَإِنْ كَانَ لَا مَحَالَةَ، فَثُلُثٌ لِطَعَامِهِ، وَثُلُثٌ لِشَرَابِهِ، وَثُلُثٌ لِنَفَسِهِ».
- مشروع منهاج زادكزادك 1 طالب«مَا مَلَأَ آدَمِيٌّ وِعَاءً شَرًّا مِنْ بَطْنٍ، بِحَسْبِ ابْنِ آدَمَ أُكُلَاتٌ يُقِمْنَ صُلْبَهُ، فَإِنْ كَانَ لَا مَحَالَةَ فَثُلُثٌ لِطَعَامِهِ، وَثُلُثٌ لِشَرَابِهِ، وَثُلُثٌ لِنَفَسِهِ»
- نبراس طالب (2)نبراس طالب (2) «مَا مَلَأَ آدَمِيٌّ وِعَاءً شَرًّا مِنْ بَطْنٍ، بِحَسْبِ ابْنِ آدَمَ أُكُلَاتٌ يُقِمْنَ صُلْبَهُ، فَإِنْ كَانَ لَا مَحَالَةَ فَثُلُثٌ لِطَعَامِهِ، وَثُلُثٌ لِشَرَابِهِ، وَثُلُثٌ لِنَفَسِهِ»