අපි ප්‍රජාවන් අතුරින් අවසානය වෙමු. විනිශ්චය කරනු ලබන පළමු අය වෙමු
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අපි ප්‍රජාවන් අතුරින් අවසානය වෙමු. විනිශ්චය කරනු ලබන පළමු අය වෙමු. 'නූගත් ජාතිය සහ එහි වක්තෘවරයා කොහේද?' යැයි විමසනු ලැබේ. එවිට අපි අවසන් සහ පළමු අය වෙමු."
«نَحْنُ آخِرُ الأُمَمِ، وَأَوَّلُ مَنْ يُحَاسَبُ، يُقَالُ: أَيْنَ الأُمَّةُ الأُمِّيَّةُ وَنَبِيُّهَا؟ فَنَحْنُ الآخِرُونَ الأَوَّلُونَ».
තම ප්‍රජාව පැවැත්මෙන් හා කාලයෙන් අවසාන ප්‍රජාව වන බවත්, නැවත නැඟිටුවනු ලබන දිනයේදී විනිශ්චය කරනු ලබන ප්‍රජාවන් අතර පළමුවැන්න බවත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. නැවත නැඟිටුවනු ලබන දිනයේදී මෙසේ කියනු ලැබේ: 'උම්මි' (නූගත්) ජාතිය සහ එහි වක්තෘවරයා කොහේද?' එය එතුමාණන්ගේ ශිල්ප සාස්ත්‍රයේ එනම්, ලිවීමේ හා කියවීමේ නොහැකියාවට ආරෝපණය කර ඇත. විනිශ්චය කිරීම සඳහා පළමුව ඔවුන් කැඳවනු ලබති. මන්ද අපි කාලය හා පැවැත්ම අනුව අන්තිමයන් වන අතර, නැවත නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය කිරීමේ සහ ස්වර්ගයට ඇතුළු වීමේ පළමු ප්‍රජාව වෙමු.
පෙර ප්‍රජාවන්ට වඩා මෙම ප්‍රජාවේ උසස් බව.
තවත් බලන්න (3)
حاشية السندي على سنن ابن ماجه (2/575).
ذخيرة العقبى في شرح المجتبى (16/52).
مرشد ذوي الحجا والحاجة إلى سنن ابن ماجه (26/241).