Skip to content

දැනුම ඉවත් වීම, මෝඩකම් වැඩිවීම, කාම අපචාර වැඩිවීම, මත්පැන් පානය වැඩිවීම, පිරිමින් අඩු වීම සහ රැකබලා ගන්නා එක් පිරිමියකුට කාන්තාවන් පනස් දෙනෙකු වන තරමට කාන්තාවන් වැඩිවීම යනාදිය අවසන් හෝරාවේ සළකුණු අතරින් වෙති

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මා අසා දැනගත් හදීසයක් මම ඔබට ප්‍රකාශ කර සිටිමි. ඒ ගැන මා හැරෙන්නට වෙනත් කිසිවකු ඔබට නොපවසනු ඇත. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කර සිටිනු මම අසා ඇත්තෙමි.

"දැනුම ඉවත් වීම, මෝඩකම් වැඩිවීම, කාම අපචාර වැඩිවීම, මත්පැන් පානය වැඩිවීම, පිරිමින් අඩු වීම සහ රැකබලා ගන්නා එක් පිරිමියකුට කාන්තාවන් පනස් දෙනෙකු වන තරමට කාන්තාවන් වැඩිවීම යනාදිය අවසන් හෝරාවේ සළකුණු අතරින් වෙති."

«إِنَّ مِنْ أَشْرَاطِ السَّاعَةِ أَنْ يُرْفَعَ العِلْمُ، وَيَكْثُرَ الجَهْلُ، وَيَكْثُرَ الزِّنَا، وَيَكْثُرَ شُرْبُ الخَمْرِ، وَيَقِلَّ الرِّجَالُ، وَيَكْثُرَ النِّسَاءُ حَتَّى يَكُونَ لِخَمْسِينَ امْرَأَةً القَيِّمُ الوَاحِدُ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ආගමික දැනුම ඉවත් වීම අවසන් හෝරාව ක්‍රියාත්මක වීමේ කාලය සමීප වී ඇති බව සහතික කරන සළකුණු අතරින් එකකි. එය විද්වතුන් මිය යාමෙන් සිදුවන්නකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෝඩකම අධික වී එය ව්‍යාප්ත වෙයි. කාම අපචාරය හා දුරාචාරය පැතිරෙයි. මත් පානය වැඩිවෙයි. පිරිමින්ගේ සංඛ්‍යාව අඩු වී කාන්තා සංඛ්‍යාව වැඩිවෙයි. එය ඔවුන්ගේ කටයුතු භාර ගන්නා, ඔවුන්ගේ යහපත ක්‍රියාත්මක කරන එක් පිරිමියකුට කාන්තාවන් පනස් දෙනෙකු වන තරමට වැඩිවනු ඇත.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

අවසන් හෝරාවේ ඇතැම් සළකුණු පැහැදිලි කිරීම.

අවසන් ‍හෝරාවේ වේලාව පිළිබඳ දැනුම අල්ලාහ් ආරක්ෂා කර ඇති ගුප්ත කරුණුවලින් එකකි.

ආගමික දැනුම, එය අහිමි වීමට පෙර හැදෑරීම සඳහා උනන්දු කරවීම.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (7/ 37) (5231).

සහීහ් මුස්ලිම් (4/ 2056) (2671).

තවත් බලන්න (2)

فتح الباري لابن حجر (9/ 330).

عمدة القاري شرح صحيح البخاري (20/ 213).