Skip to content

බද්ර් (සටනට) හා හුදෙයිබිය්යා (ගිවිසුමට) සහභාගී වූ මිනිසා කිසිවිටෙකත් අපා ගින්නට ප්‍රවේශ වන්නේ නැත

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු ජාබිර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"බද්ර් (සටනට) හා හුදෙයිබිය්යා (ගිවිසුමට) සහභාගී වූ මිනිසා කිසිවිටෙකත් අපා ගින්නට ප්‍රවේශ වන්නේ නැත."

«لن يدخلَ النارَ رجلٌ شَهِد بدرًا والحُدَيْبِيَة».

අහ්මද් විසින් මෙය වාර්තා කර ඇති අතර එහි මූලය සහීහ් මුස්ලිම් ග්‍රන්ථයේ ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

හිජ්රි දෙවැනි වසරේ සිදුවු බද්ර් යුද්ධයට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එක්ව සටන් කරමින් සහභාගී වූ අය හා හුදෙයිබිය්යා ගිවිසුමට සහභාගී වූ අය කිසිවිටෙකත් අපා ගින්නට පිවිසෙන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. හිජ්රි හය වැනි වසරේ සිදු වූ බය්අතුල් රිළ්වාන් ද එහි ඇතුළත් වේ.

හදීසයෙන් උගත හැකි පාඩම්

බද්ර් යුද්ධයට හා හුදෙයිබිය්යා ගිවිසුමට සහභාගී වූ අයගේ මහිමය. සැබැවින්ම ඔවුන් කිසිවිටෙකත් අපා ගින්නට ඇතුළත් නොවන පිරිසකි.

සැබැවින්ම අල්ලාහ් ඔවුන්ව අපරාධවලින් ආරක්ෂා කරන බවත්, ඊමාන් හෙවත් දේව විශ්වාසය මත මිය යන්නට ඔවුනට ආශිර්වාද කරන බවත් අපා ගින්නේ වේදනාවෙන් තොරව ස්වර්ග උයනට ඔවුන්ව ඇතුළත් කරන බවත් ඔහු පැහැදිලි කරයි. එය අල්ලාහ් අභිමත කරන අයට පිරිනමන ඔහුගේ භාග්‍යය. අල්ලාහ් සර්වබලධාරී, භාග්‍ය පිරිනමන්නාය.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 1942) (2495).

මුස්නද් අහ්මද් (23/ 410) (15262).

තවත් බලන්න (6)

المصباح المنير في غريب الشرح الكبير.

لأحمد الفيومي (1/ 123).

فيض القدير شرح الجامع الصغير.

للمناوي (5/ 302).

المنهاج شرح صحيح مسلم بن الحجاج.

للنووي (16/ 57).