, ‘ඔබ අපේ නායකයාණන්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමාණෝ: “නායකයාණන් උත්තරීතර අල්ලාහ්ය” යැයි පැවසූහ. අපි: ‘අපට වඩා ශ්‍රේෂ්ටත්වයෙන් උතුම්ය. අපට වඩා උදාරත්වයෙන් ඉමහත්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමා: “ඔබ ප්‍රකාශ කරන (සාමාන්‍ය) වදනින් හෝ ඔබේ ඇතැම් ප්‍රකාශවලින් පවසන්න. නමුත් ෂෙයිතාන් ඔබව වරදට නො පොළොඹවිය යුතුයි.”
අබ්දුල්ලාහ් ඉබ්නු අෂ්-ෂික්හීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී.
“බනූ ආමිර් ගෝත්‍රයේ පිරිසක් සමග මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත ගියෙමි. එවිට අපි, ‘ඔබ අපේ නායකයාණන්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමාණෝ: “නායකයාණන් උත්තරීතර අල්ලාහ්ය” යැයි පැවසූහ. අපි: ‘අපට වඩා ශ්‍රේෂ්ටත්වයෙන් උතුම්ය. අපට වඩා උදාරත්වයෙන් ඉමහත්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමා: “ඔබ ප්‍රකාශ කරන (සාමාන්‍ය) වදනින් හෝ ඔබේ ඇතැම් ප්‍රකාශවලින් පවසන්න. නමුත් ෂෙයිතාන් ඔබව වරදට නො පොළොඹවිය යුතුයි.”
انْطَلَقْتُ في وَفدِ بَنِي عَامِرٍ إِلى رَسُولِ الله صلى الله عليه وسلم، فَقُلنا: أَنتَ سيّدُنَا، فقال: «السَّيدُ اللهُ»، قُلنا: وَأَفْضَلُنا فَضْلاً، وأعظَمُنا طَوْلاً، فقال: «قُولُوا بِقَولِكُم، أَو بَعضِ قولِكُم، وَلَا يَسْتَجْرِيَنَّكُم الشَّيطَانُ».
පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. එවිට ඔවුන් එතුමාණන් සමීපයට ගිය කල්හි, ඔවුහු එතුමාණන්ට -එතුමාණන් ප්‍රිය නොකරන ඇතැම් වචන භාවිත කරමින් ප්‍රශංසා කළෝය. එවිට ඔවුහු "ඔබ අපේ නායකයාණන්ය." යැයි පැවසූහ. එවිට එතුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: “නායකයාණන් උත්තරීතර අල්ලාහ්ය” මැවීම් කෙරෙහි වූ පූර්ණ නායකත්වය ඔහු සතුය. මැවීම් ඔහුගේ ගැත්තෝ වෙති. "ඔබ අපට වඩා ශ්‍රේෂ්ටත්වයෙන් උතුම්ය." යැයි පැවසුවෝය. එනම් නිලයෙන් ගෞරවයෙන් හා භාග්‍යයෙන් අපට වඩා උසස්ය. තවද, "ඔබ අපට වඩා උදාරත්වයෙන් ඉමහත්ය’ උසස්කමින් උදාරත්වයෙන් හා ගෞරවයෙන් අපට වඩා ඉමහත්ය. පසුව ඔවුන්ගේ සාමාන්‍ය ප්‍රකාශයෙන් කතා කරන මෙන් ද, බර වචන නොයෙදෙන මෙන් ද තහනම් කරන ලද දේව ආදේශය හා එහි මාධ්‍යයන් තුළට ෂෙයිතාන් ඇද ගෙන යන්නට බලන පුරසාරම් දෙඩීමෙන් හා ඉහවහා ප්‍රශංසා කිරීමෙන් වැළකි සිටින මෙන් ද ඒවා වෙත ෂෙයිතාන් ඔවුන් ඇදගෙන නොයා යුතු මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට මඟ පෙන්වූහ.
...:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගැන එතුමාණනගේ හිතමිතුරන්ගේ සිත් තුළ තිබූ ගරුත්වයේ ප්‍රමාණය හා ඔවුන් ඔහුට ගරු කිරීම.
වචනවලට බරක් දී පුරසාරම් දෙඩීමෙන් හා ප්‍රකාශවල අතිශයෝක්ති භාවයෙන් වැළැක්විම.
ඒකදේවවාදය උල්ලංඝනය කරන වචනවලින් හා ක්‍රියාවලින් ආරක්ෂා වීම.
ප්‍රශංසාවෙහි අතිශයෝක්තිභාවයෙන් ඉවත්වීම. එය ෂෙයිතන්ගේ ප්‍රවේශයයි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ආදම්ගේ දරුවන්ගේ ප්‍රධානියා වේ. හදීසයේ සඳහන් ව ඇති කරුණ නිහතමානිත්වය පෙන්වීමේ ප්‍රවේශයකි. එමෙන්ම ඔවුන් අතිශයෝක්තිභාවයට පත්වීම ගැන එතුමා තුළ තිබූ බිය ද හේතුවකි.
සුනන් අබූ දාවූද් (7/ 184) (4806).
මුස්නද් අහ්මද් (26/ 234) (16307).
තවත් බලන්න (6)
الملخص في شرح كتاب التوحيد.
لصالح الفوزان (ص424).
الجديد في شرح كتاب التوحيد.
لمحمد القرعاوي (ص472).
مشكاة المصابيح.
للألباني مشكاة المصابيح (3/ 1373).