Skip to content

රන් සඳහා රන්, රිදී සඳහා රිදී, තිරිඟු සඳහා තිරිඟු, බාර්ලි සඳහා බාර්ලි, රටඉඳි සඳහා රටඉඳි, ලුණු සඳහා ලුණු වැනි එකට එක සමානව, අතට අත (අත්පිට මුදලට ගනුදෙනු) සිදු විය යුතුයි. මෙම වර්ග වෙනස් වී නම්, එය අතට අත අත්පිට මුදලට නම්, ඔබ කැමති පරිදි විකුණා ගන්න

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"රන් සඳහා රන්, රිදී සඳහා රිදී, තිරිඟු සඳහා තිරිඟු, බාර්ලි සඳහා බාර්ලි, රටඉඳි සඳහා රටඉඳි, ලුණු සඳහා ලුණු වැනි එකට එක සමානව, අතට අත (අත්පිට මුදලට ගනුදෙනු) සිදු විය යුතුයි. මෙම වර්ග වෙනස් වී නම්, එය අතට අත අත්පිට මුදලට නම්, ඔබ කැමති පරිදි විකුණා ගන්න."

«الذَّهَبُ بِالذَّهَبِ، وَالْفِضَّةُ بِالْفِضَّةِ، وَالْبُرُّ بِالْبُرِّ، وَالشَّعِيرُ بِالشَّعِيرِ، وَالتَّمْرُ بِالتَّمْرِ، وَالْمِلْحُ بِالْمِلْحِ، مِثْلًا بِمِثْلٍ، سَوَاءً بِسَوَاءٍ، يَدًا بِيَدٍ، فَإِذَا اخْتَلَفَتْ هَذِهِ الْأَصْنَافُ، فَبِيعُوا كَيْفَ شِئْتُمْ، إِذَا كَانَ يَدًا بِيَدٍ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

පොළිය ඇතිවිය හැකි වර්ග හයක් සම්බන්ධයෙන් ඒවා ව්‍යාපාර කළ හැකි වලංගු ක්‍රමය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළහ. ඒවානම්: රන්, රිදී, තිරිඟු, බාර්ලි, රටඉඳි සහ ලුණු. එය රන් සඳහා රන්, රිදී සඳහා රිදී යනාදී ලෙසින් අදාළ වර්ගයෙන්ම ගනු දෙනුවක් සිදු වන්නේ නම් කොන්දේසි දෙකක් පිළිපැදිය යුතු වේ. පළමුවැන්න: රන් හා රිදී වැනි කිරිය හැකි දෙයක් වී නම් එම කිරුම එක සමාන විය යුතුය. එසේ නැතහොත් තිරිඟු බාර්ලි රට ඉඳි හා ලුණු වැනි මැනිය හැකි දෙයක් නම් එම මිණුම එක සමාන විය යුතුය. දෙවැන්න: විකුණුම්කරු වටිනාකම අතට ගත යුතු අතර ගැනුම්කරු භාණ්ඩය අතට ගත යුතුය. එය විය යුත්තේ ව්‍යාපාර ගිවිසුම සිදුවන එම ස්ථානයේමය. නමුත් රන් සඳහා රිඳී, රට ඉඳි සඳහා තිරිඟු යනාදී ලෙස අදාළ භාණ්ඩ වෙනස් වූ විටෙක එක් කොන්දේසියක් මත පමණක් පදනම්ව වලංගු වනු ඇත. එනම් එය ව්‍යාපාර ගිවිසුම සිදු වූ ස්ථානයේම විකුණුම්කරු එහි වටිනාකම ද ගැනුම් කරු එම භාණ්ඩය ද අතට අත හුවමාරු කර ගැනීමය. එසේ නොවූ විටෙක එම ගනුදෙනුව අවංලගු වේ. තහනම් කරන ලද පොළිය තුළ විකුණුම්කරු හා ගැනුම්කරු ඇද වැටීම එහි දී එක සමානය.

හදීසයෙන් උගත හැකි පාඩම්

පොළී අරමුදල් හා ඒවා ව්‍යාපාර කරන ක්‍රමය පැහැදිලි කිරීම.

පොලී ගනුදෙනු තහනම් ය.

කොළ සල්ලි වනාහි, පොලිය යන හේතු සාධකය මත රන් හා රිදී සඳහා වන නීතිය එයට ද අදාළ වේ.

‌පොලී ඇති විය හැකි භාණ්ඩ ගනුදෙනු කිරීමේ තත්ත්වයන් හයකි. 1- පොලී භාණ්ඩය එම වර්ගයේම පොලී භාණ්ඩයකට විකිණීම. එය රන් සඳහා රන්, රටඉඳි සඳහා රටඉඳි විකුණන්නාක් මෙනිය. එය වලංගු වීමට නම් කොන්දේසි දෙකක් ඇත. කිරුමෙහි හා මිනුමෙහි එකිනෙකට සමාන විය යුතුය. ගිවිස ගත් ස්ථානයේම හුවමාරු විය යුතුය. 2- පොලී භාණ්ඩය වෙනත් වර්ගයේ පොලී භාණ්ඩයකට එකම හේතු සාධකයක් මත පදනම්ව විකිණීම. එය රන් සඳහා රිදී තිරිගු සඳහා බාර්ලි විකුණන්නාක් මෙනි. එහි දී එකිනෙකට සමාන විය යුතු නොවන අතර නමුත් අතිනතට හුවාමාරු කර ගැනීම කොන්දේසි වශයෙන් පැනවේ. 3- පොලී භාණ්ඩය වෙනත් වර්ගයේ පොලී භාණ්ඩයකට වෙනස් වූ හේතු සාධක මත පදනම්ව විකිණීම. ඒ සඳහා කොන්දේසි පැනවෙන්නේ නැත. අත්පිට සිදුවිය යුතු යැයි හෝ එකිනෙකට සමාන විය යුතු යැයි කොන්දේසි පැනවෙන්නේ හෝ නැත. එය රන් සඳහා රටඉඳි විකුණන්නාක් මෙනි.

පොලී නොවන භාණ්ඩ හෝ ඉන් එකක් පොලී සහිත අනෙක පොලී නොවන භාණ්ඩ හෝ විකිණීම හා මිලදී ගැනීම. ඒ සඳහා කොන්දේසි පැනවෙන්නේ නැත. අත්පිට සිදුවිය යුතු යැයි හෝ එකිනෙකට සමාන විය යුතු යැයි කොන්දේසි පැනවෙන්නේ හෝ නැත. එය රන් සඳහා නිශ්චල දේපල විකුණන්නාක් මෙනි.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (3/ 1210) (1587).

තවත් බලන්න (2)

فيض القدير (3/ 571).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (27/ 623).