Skip to content
සූරා ලැයිස්තුව /

التَّحرِيم

التَّحرِيم is chapter 66 of the Quran and has 12 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

12 වැකි සූරා අංකය 66
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ لِمَ تُحَرِّمُ مَآ أَحَلَّ ٱللَّهُ لَكَۖ تَبۡتَغِي مَرۡضَاتَ أَزۡوَٰجِكَۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

අහෝ නබිවරය! නුඹ නුඹගේ බිරියන්ගේ තෘප්තිය සොයමින් නුඹට අල්ලාහ් අනුමත කළ දෑ නුඹ තහනම් කර ගනුයේ ඇයි? තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.

قَدۡ فَرَضَ ٱللَّهُ لَكُمۡ تَحِلَّةَ أَيۡمَٰنِكُمۡۚ وَٱللَّهُ مَوۡلَىٰكُمۡۖ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ

නුඹලාගේ දිවුරුම්වලින් මිදීමේ ක්‍රමයක් අල්ලාහ් නුඹලාට නියම කළේ ය. තවද අල්ලාහ් නුඹලාගේ ආරක්ෂක ය. තවද ඔහු සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.

وَإِذۡ أَسَرَّ ٱلنَّبِيُّ إِلَىٰ بَعۡضِ أَزۡوَٰجِهِۦ حَدِيثٗا فَلَمَّا نَبَّأَتۡ بِهِۦ وَأَظۡهَرَهُ ٱللَّهُ عَلَيۡهِ عَرَّفَ بَعۡضَهُۥ وَأَعۡرَضَ عَنۢ بَعۡضٖۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتۡ مَنۡ أَنۢبَأَكَ هَٰذَاۖ قَالَ نَبَّأَنِيَ ٱلۡعَلِيمُ ٱلۡخَبِيرُ

නබිවරයා ඔහුගේ බිරියන්ගෙන් ඇතැමෙකුට කතාවක් රහසින් කියූ අවස්ථාවේ එක් බිරියකු (අන් අය වෙත) එය දන්වා සිටි කල්හි (මෙසේ රහස හෙළිදරව් වීම) අල්ලාහ් එය නබිවරයා වෙත හෙළි කළේ ය. ඉන් කොටසක් නබිවරයා ඇයට දන්වා සිට කොටසක් නො සලකා හැරියේ ය. ඔහු එය ඇයට දන්වා සිටි කල්හි “මෙය ඔබට දන්වා සිටියේ කවු දැ? යි” ඇය ඇසුවා ය. “අභිඥානවන්ත වූ සර්ව ඥානියාණෝ මට දැනුම් දුන්නේය”යැයි ඔහු පැවසී ය.

إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدۡ صَغَتۡ قُلُوبُكُمَاۖ وَإِن تَظَٰهَرَا عَلَيۡهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوۡلَىٰهُ وَجِبۡرِيلُ وَصَٰلِحُ ٱلۡمُؤۡمِنِينَۖ وَٱلۡمَلَٰٓئِكَةُ بَعۡدَ ذَٰلِكَ ظَهِيرٌ

(නබිවරයාගේ භාර්යාවන් වන) නුඹලා දෙදෙනා ම අල්ලාහ් වෙත පශ්චාත්තාප වූවා නම් (මැනවි!) හේතුව නුඹලා දෙදෙනාගේ හදවත් සැබැවින් ම විතැන්වී ඇත. ඔහුට එරෙහිව නුඹලා දෙදෙනා එකිනෙකාට උර දුන්නෙහු නම් එවිට (දැනගනු!) නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ඔහුගේ භාරකරු ය. ඉන් පසුව ජිබ්රීල් ද දේව විශ්වාසවන්තයින්ගෙන් දැහැමියා ද මලක්වරු ද උර දෙන්නන් ය.

عَسَىٰ رَبُّهُۥٓ إِن طَلَّقَكُنَّ أَن يُبۡدِلَهُۥٓ أَزۡوَٰجًا خَيۡرٗا مِّنكُنَّ مُسۡلِمَٰتٖ مُّؤۡمِنَٰتٖ قَٰنِتَٰتٖ تَٰٓئِبَٰتٍ عَٰبِدَٰتٖ سَٰٓئِحَٰتٖ ثَيِّبَٰتٖ وَأَبۡكَارٗا

ඔහු නුඹලාව දික්කසාද කළේ නම් නුඹලාට වඩා යහපත් අවනත වන, විශ්වාස කරන, යටහත් වන, පාප ක්ෂමාවෙහි නිරත වන, නැමදුම් කරන, උපවාසයේ නිරත වන, වැන්දඹුවන් හා කන්‍යාවියන් බිරියන් වශයෙන් ඔහුගේ පරමාධිපති ඔහුට වෙනස් කර දෙන්නට පුළුවණ.