4 : 7
لِّلرِّجَالِ نَصِيبٞ مِّمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَ وَلِلنِّسَآءِ نَصِيبٞ مِّمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَ مِمَّا قَلَّ مِنۡهُ أَوۡ كَثُرَۚ نَصِيبٗا مَّفۡرُوضٗا
දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කොටසක් පිරිමි පාර්ශවයට ඇත. එමෙන් ම දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කොටසක් කාන්තා පාර්ශවයට ද ඇත. සුළු ප්‍රමාණයක් හෝ වැඩි ප්‍රමාණයක් හෝ වේවා එයින් නියම කරන ලද කොටසක් ඇත.