Skip to content
සූරා ලැයිස්තුව /

مَريَم

مَريَم is chapter 19 of the Quran and has 98 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

98 වැකි සූරා අංකය 19
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

كٓهيعٓصٓ

කාෆ්, හා, යා, අයින්, සාද්.

Explanation & meanings · 1
  1. මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න.

ذِكۡرُ رَحۡمَتِ رَبِّكَ عَبۡدَهُۥ زَكَرِيَّآ

(මෙය) තම ගැත්තා සකරිය්යා වෙත නුඹගේ පරමාධිපති දැක් වූ කරුණාව පිළිබඳ සිහිපත් කිරීමකි.

إِذۡ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيّٗا

ඔහු තම පරමාධිපතිව සිහින් ඇමතුමකින් ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.

قَالَ رَبِّ إِنِّي وَهَنَ ٱلۡعَظۡمُ مِنِّي وَٱشۡتَعَلَ ٱلرَّأۡسُ شَيۡبٗا وَلَمۡ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيّٗا

මාගේ පරමාධිපතියාණනි! මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී විහිදී ඇත. තවද මාගේ පරමාධිපතියාණනි! මම ඔබගේ ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් අභාග්‍යවන්තයකු නො වූයෙමි.

وَإِنِّي خِفۡتُ ٱلۡمَوَٰلِيَ مِن وَرَآءِي وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا فَهَبۡ لِي مِن لَّدُنكَ وَلِيّٗا

තවද මගෙන් පසුව පරම්පරා උරුමක්කරුවන් පිළිබඳව මම බිය වෙමි. මාගේ බිරිය ද වඳ කාන්තාවකි. එහෙයින් නුඹ වෙතින් උරුමක්කරුවකු මා වෙත පිරිනමනු.