මා වෙත ස්වර්ගය හා නිරය පෙන්වන ලදී. යහපත හෝ අයහපත ඇති දිනයක් සේ මම එය නොදුටුවෙමි. මා දන්නා දෑ ඔබ සැම දන්නේ නම්, අඩුවෙන් සිනහ සී වැඩියෙන් හඬා වැළපෙනු ඇත
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් හට එතුමාණන්ගේ මිතුරන්ගෙන් යම් කරුණක් පිළිබඳ දැන ගන්නට ලැබුණි. පසුව එතුමාණෝ මෙසේ පවසා සිටියහ:
"මා වෙත ස්වර්ගය හා නිරය පෙන්වන ලදී. යහපත හෝ අයහපත ඇති දිනයක් සේ මම එය නොදුටුවෙමි. මා දන්නා දෑ ඔබ සැම දන්නේ නම්, අඩුවෙන් සිනහ සී වැඩියෙන් හඬා වැළපෙනු ඇත." (වාර්තාකරු) මෙසේ පැවසීය. "මීට වඩා දරුණු දිනයක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරන් හට පැමිණ තිබුණේ නැත." තව දුරටත් මෙසේ පැවසීය. "ඔවුහු ඔවුන්ගේ හිස් ආවරණය කර ගත්හ. ඔවුන් කෙඳිරි ගාන්නට පටන් ගත්හ." තවදුරටත් මෙසේ පවසන ලදී. එවිට උමර් තුමා නැගිට මෙසේ පැවසූහ: "අපි අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයා ලෙසත් පිළිගෙන ඇත්තෙමු." එම මිනිසා නැගිට "මගේ පියා කවුදැ?"යි විමසා සිටියේය. "ඔබේ පියා මේ තැනැත්තා ය යැයි පැවසීය." පසුව "අහෝ විශ්වාස කළවුනි! ඔබට හෙළි වූ විට ඔබට නපුරක් වන කරුණු පිළිබඳ ඔබ විමසා නොසිටිනු" යන (සූරා අල්-මාඉදා: 101) පාඨය පහළ විය.
«عُرِضَتْ عَلَيَّ الْجَنَّةُ وَالنَّارُ فَلَمْ أَرَ كَالْيَوْمِ فِي الْخَيْرِ وَالشَّرِّ، وَلَوْ تَعْلَمُونَ مَا أَعْلَمُ لَضَحِكْتُمْ قَلِيلًا وَلَبَكَيْتُمْ كَثِيرًا» قَالَ: فَمَا أَتَى عَلَى أَصْحَابِ رَسُولِ اللهِ صلى الله عليه وسلم يَوْمٌ أَشَدُّ مِنْهُ، قَالَ: غَطَّوْا رُءُوسَهُمْ وَلَهُمْ خَنِينٌ، قَالَ: فَقَامَ عُمَرُ فَقَالَ: رَضِينَا بِاللهِ رَبًّا، وَبِالْإِسْلَامِ دِينًا، وَبِمُحَمَّدٍ نَبِيًّا، قَالَ: فَقَامَ ذَاكَ الرَّجُلُ فَقَالَ: مَنْ أَبِي؟ قَالَ: «أَبُوكَ فُلَانٌ»، فَنَزَلَتْ: {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لا تَسْأَلُوا عَنْ أَشْيَاءَ إِنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ} [المائدة: 101].
අල්ලාහ්ගේ දූතයාණන් හට එතුමාණන්ගේ මිතුරන් සම්බන්ධව කරුණක් දැන ගන්නට ලැබිණ. එය ඔවුන් බොහේ දෑ ඉල්ලා සිටින බැවිනි. එවිට එතුමාණෝ කෝප වී දේශනාවක් ඉදිරිපත් කොට මෙසේ පවසා සිටියහ. "මා වෙත ස්වර්ගය හා නිරය පෙන්වන ලදී. ස්වර්ගයේ අද දින මා දුටු දෑට වඩා යහපතක් හෝ නිරයේ අද දින මා දුටු දෑට වඩා නපුරක් මම කිසිවිටෙකත් දැක නැත. අද දින මා දුටු දෑ ඔබ දුටුවෙහු නම්, මා දැනගත් දෑ ඔබ දැනගත්තෙහු නම්, මහත් සේ ඔබ අනුකම්පාවට පත්වනු ඇත. එය ඔබට අඩුවෙන් සිනහ සෙන්නටත් වැඩියෙන් අඬන්නටත් සළස්වනු ඇත. අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවදුරටත් මෙසේ පැවසීය: මීට වඩා දරුණු දිනයක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරන් හට පැමිණ තිබුණේ නැත. ඔවුහු ඔවුන්ගේ හිස් ආවරණය කර ගත්හ. දැඩි සේ හඬා වැළපීම හේතුවෙන් නාසයෙන් පිටවන කෙඳිරි ගාන හඬක් ඔවුන් තුළින් වෙන්නට විය. එවිට උමර් තුමා නැගිට මෙසේ පැවසූහ: "අපි අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයා ලෙසත් පිළිගෙන ඇත්තෙමු." තවදුරටත් මෙසේ පැවසීය. එම මිනිසා නැගිට "මගේ පියා කවුදැ?යි විමසා සිටියේය. ඔහු "ඔබේ පියා මේ තැනැත්තා ය" යැයි පැවසීය. එවිට මෙසේ පහළ විය: "අහෝ විශ්වාස කළවුනි! ඔබට හෙළි වූ විට ඔබට නපුරක් වන කරුණු පිළිබඳ ඔබ විමසා නොසිටිනු" (අල්-මාඉදා: 101)
අල්ලාහ්ගේ දඬුවමට බිය වී හඬා වැළපීම සතුටුදායකය. වැඩියෙන් සිනහ නොවිය යුතුය. මක්නිසාදයත් එය නොසැලකිලිමත්කම හා හදවතේ පවතින දැඩි භාවය පෙන්වයි.
එම උපදෙස තුළින් සහාබාවරුන්ට දැඩි සේ බලපෑමක් ඇති විය. සර්වබලධාරී අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුන් දැඩිසේ බිය විය.
හඬා වැළපෙන අවස්ථාවේ මුහුණ වසා ගැනීම සතුටුදායකය.
කත්තාබි තුමා මෙසේ පැවසීය. "මෙම හදීසය බලපාන්නේ තමන්ට අවශ්‍යතාවක් නැති දෙයක් සම්බන්ධව බැඳී හිඳිමින් මුරණ්ඩු කාරී ලෙස විමසා සිටින අය සම්බන්ධයෙනි. එසේ විමසා සිටින්නා ඔහුට යම් අවශ්‍යතාවක් පිළිබඳ ප්‍රශ්නයක් මතු වී, ඒ ගැන ඉල්ලා සිටින විටෙක ඔහු කෙරෙහි කිසිදු පාපයක් හෝ දොසක් හෝ පිහිටන්නේ නැත."
අල්ලාහ්ට අවනත වීමෙහි ස්ථාවරව සිටීම, ඔහුට පිටුපෑමෙන් දුරස් වීම හා අල්ලාහ්ගේ සීමාවන් තුළ රැඳී සිටීම සඳහා උනන්දු කරවීම.
උපදෙස් දෙන අතරවාරයේ හා උගන්වන අතරවාරයේ (පිළිකුල් සහගත කරුණු සම්බන්ධයෙන්) කෝපය පෙන්වීමේ අවසරය.
සහීහුුල් බුහාරි (6/ 54) (4621).
සහීහ් මුස්ලිම් (4/ 1832) (2359).
තවත් බලන්න (6)
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 367).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 474).
النهاية في غريب الحديث والأثر.
لابن الأثير(1/ 45).