නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු ව යමන් දේශයට යැවූ කල්හි, ගවයින්ගෙන් සෑම තිහකටම (වසරක් සම්පූර්ණ වූ) තබීආ හෙවත් වස්සෙකු හෝ තබීආ හෙවත් වැස්සියකු (සකාත් ලෙස) ගන්නා මෙන් ද
මුආද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු ව යමන් දේශයට යැවූ කල්හි, ගවයින්ගෙන් සෑම තිහකටම (වසරක් සම්පූර්ණ වූ) තබීආ හෙවත් වස්සෙකු හෝ තබීආ හෙවත් වැස්සියකු (සකාත් ලෙස) ගන්නා මෙන් ද සෑම හතළිහකටම (වසර දෙකක් සම්පූර්ණ වූ) මුසින්නා හෙවත් වැස්සියෙකු ගන්නා මෙන් ද, වැඩි වියට පත් වූ සෑම කෙනෙකුගෙන්ම එක් දීනාරයක් හෝ එයට සරිළන සේ යමන් දේශයට අයත් රෙදි පිළි අතරින් මආෆිර් වර්ගයේ රෙදි පිළි ගන්නා මෙන් ද නියෝග කළහ.
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا وَجَّهَهُ إِلَى الْيَمَنِ أَمَرَهُ أَنْ يَأْخُذَ مِنَ الْبَقَرِ مِنْ كُلِّ ثَلَاثِينَ تَبِيعًا أَوْ تَبِيعَةً، وَمِنْ كُلِّ أَرْبَعِينَ مُسِنَّةً، وَمِنْ كُلِّ حَالِمٍ -يَعْنِي مُحْتَلِمًا- دِينَارًا أَوْ عَدْلَهُ مِنَ المَعَافِرِ، ثِيَابٌ تَكُونُ بِالْيَمَنِ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් බින් ජබල් (රළියල්ලාහු අන්හු) තුමාව යමන් දේශයේ ජනතාවට ඉගැන්වීම පිණිස හා ඉස්ලාමය වෙත ඔවුන් ඇරයුම් කිරීම පිණිස එහි යැවූහ. ඔහුට කරනු ලැබූ නියෝග අතරින් එක් කරුණක් වූයේ මුස්ලිම්වරුන්ගෙන් ඔවුන්ගේ ගවයින් සඳහා වන සකාත් ලබා ගන්නා ලෙස ය. එනම් ගවයින් තිස් දෙනෙකුට වසරක් සම්පූර්ණ වූ තබීඃ වර්ගයේ ගවයෙකු හෝ තබීආ වර්ගයේ වැස්සියෙකු හෝ සකාත් වශයෙන් ගැනීම හා සෑම හතළිස් දෙනෙකුටම වසර දෙකක් සම්පූර්ණ වූ මුසින්නා වර්ගයේ එළදෙනෙකු සකාත් ලෙස ගැනීමය. එමෙන්ම ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයාගෙන් වැඩිහිටිභාවය ලැබූ සෑම පිරිමියෙකු වෙනුවෙන්ම එක් දීනාරයක් බදු වශයෙන් ගැනීම හෝ දීනාරයකට සමාන වටිනාකමක් ඇති මආෆිරී හෙවත් යෙමන් දේශයේ රෙදිපිළි ගැනීම ය.
ජිස්යා හෙවත් බඳු ගනු ලබනුයේ වැඩිවියට පත් වූ අයගෙන් පමණි. වැඩි වියට පත් නොවූ අයගෙන් එසේ ලබා නොගැනීමේ නිර්ණායකය නම්, කුඩා දරුවකු හෝ කාන්තාවක් හෝ එවැනි වෙනත් කෙනෙකු සිරගත කළ විට ඔහුව මරා දැමීමට අවසර නොලැබීමය.
ජිස්යා බදු මුදල ඉමාම්ගේ (ප්‍රධානියාගේ) අභිමතය පරිදි තීරණය වන අතර එය ස්ථානය, කාලය, පොහොසත්කම සහ දරිද්‍රතාවය අනුව වෙනස් වේ. මෙයට සාක්ෂිය නම්, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් යේමනයේ ජනතාව සඳහා එය තීරණය කළ අවස්ථාවේ මුආද්(රළි)ට මෙසේ පැවසුහ: “සෑම වැඩිහිටි පිරිමියෙකුගෙන්ම දිනාර් එකක් ගන්න" යැයි පවසා තිබීමය. සිරියාවේ ජනතාව සඳහා උමර් (රළියල්ලාහු අන්හු) තුමා එය තීරණය කළ විට, ඔහුගේ අභිමතය තුළ ජිස්යා අගය ඊට වඩා වැඩි විය.
සකාත් එකතු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සහ එය එකතු කිරීම සඳහා කෙනෙකු පත් කිරීම කටයුතුභාර උදවියගේ යුතුකම් වලින් එකකි.
අත්-තබීඃ යනු වසරක් සම්පූර්ණ වී දෙවන වසරට පිවිසුණු ගවයෙකි. ඌ ඒ වන විටත් මව පසුපස යන බැවින් උන්ට තබී (පසුපස යන්නා) යන නාමය ලැබී ඇත.
දීනාර් යනු රන්කාසි වේ. ඉස්ලාමීය ව්‍යවහාරයේ දීනාර් යනු එහි බර රන් ග්‍රෑම් හතරයි කාලකි. (ග්‍රෑම් 4.25)
සුනන් අබූ දාවූද් (3/ 26) (1576).
සුනන් අත් තිර්මිදි (2/ 13) (623).
සුනන් අන් නසාඊ (5/ 25) (2450 - 2451).
සුනන් ඉබ්නු මාජහ් (3/ 22) (1803).
තවත් බලන්න (6)
فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.
لابن عثيمين (3/ 35).
توضيح الأحكام من بلوغ المرام.
لعبد الله البسام (3/ 297).
سبل السلام.
للصنعاني (1/ 517 ).