අල්ලාහුම්ම කිනී අදාබක යව්ම තජ්මඋ අව් තබ්අස් ඉබාදක" (අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තන් එකට රැස් කරන හෝ ඔබ යළි අවදි කරන දිනයේ ඔබේ දඬුවමින් මා ආරක්ෂා කරනු මැනව!)
හුදයිෆා ඉබ්නු අල් යමාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී:
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට නිදා ගැනීමට අවශ්‍ය වූ විට, එතුමාණන් තම දකුණු අත කම්මුල යට තබාගෙන මෙසේ කියනු ඇත: اللَّهُمَّ قِنِي عَذَابَكَ يَوْمَ تَجْمَعُ أَوْ تَبْعَثُ عِبَادَكَ "අල්ලාහුම්ම කිනී අදාබක යව්ම තජ්මඋ අව් තබ්අස් ඉබාදක" (අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තන් එකට රැස් කරන හෝ ඔබ යළි අවදි කරන දිනයේ ඔබේ දඬුවමින් මා ආරක්ෂා කරනු මැනව!)
أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا أَرَادَ أَنْ يَنَامَ وَضَعَ يَدَهُ تَحْتَ رَأْسِهِ، ثُمَّ قَالَ: «اللَّهُمَّ قِنِي عَذَابَكَ يَوْمَ تَجْمَعُ أَوْ تَبْعَثُ عِبَادَكَ».
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිදා ගන්නට තම නිදියහනට ගිය විට, එතුමාණන් තම දකුණු අත කොට්ටයක් සේ සකසා තම දකුණු කම්මුල ඒ මත තබාගෙන මෙසේ පවසා සිටියහ: "අල්ලාහුම්ම" මාගේ පරමාධිපතියාණනි, "කිනී" මාව ආරක්ෂා කරනු මැනව "අදාබක" ඔබේ දඬුවමින් "යව්ම තජ්මඋ අව් තබ්අස් ඉබාදක" මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන විනිශ්චය දිනයෙහි.
මෙම උතුම් ප්‍රාර්ථනාවේ මහිමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කරමින් මෙම ප්‍රාර්ථනාව කඩ පාඩම් කිරීම සතුටු දායකය.
දකුණු දෙසට ඇළවී නිදා ගැනීම සතුටුදායකය.
"අල්ලාහුම්ම කිරී අදාබක" යන ප්‍රකාශය සම්බන්ධයෙන් සින්දි තුමා මෙසේ පවසයි: බුද්ධිමත් මිනිසා මරණය හා ඉන් පසු යළි අවදි කරනු ලැබීම මෙනෙහි කිරීමේ මාධ්‍යයක් බවට නින්ද නියම කර ගත යුතු බව මෙහි පෙන්වා දී ඇත.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂා වීම, අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව, ගැත්තා දැහැමි කටයුතු කිරීම සඳහා අල්ලාහ් ආශිර්වාද කිරීම හා ඔහුගේ පව්වලට අල්ලාහ් සමාව දීම මත පදනම් වී ඇත.
උත්තරීතර, අති උතුම් පරමාධිපතියාණන්ට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැක්වූ නිහතමානීකම.
යළි නැගිටුවා එක්රැස් කරනු ලැබීම සහතික කිරීම. සැබැවින්ම මිනිසුන් ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා ඔවුන්ගෙන් විභාග කරනු ලබනු පිණිස ඔවුන්ගේ පරමාධිපති වෙත හැරී යනු ඇත. එහෙයින් කවරෙකු යහපතක් ලබන්නේ ද ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කරත්වා! කවරෙකු ඒ හැර වෙනත් දෙයක් ලබන්නේ ද ඔහු ඔහුටම දොස් පවරා ගනිත්වා! එවැන්නක් සිදු වනුයේ අල්ලාහ් තම ගැත්තන් හට සටහන් කර ඇති ක්‍රියාවන් හේතුවෙනි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිදා ගන්නා අවස්ථාවන් පවා පැහැදිලි කිරීමට සහාබාවරුන් (රළියල්ලාහු අන්හුම්) තුළ තිබූ උනන්දුව.
"තම දකුණු අත තම කම්මුලට යටින් තබා ගත්තේය" යන ප්‍රකාශය වනාහි, එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පුරුද්දක් විය. එතුමාණන් දකුණු පැත්තට පටහැනිව සඳහන් වී ඇති කරුණුවල හැර සෙසු සියලුම කරුණුවල දී දකුණු පැත්තට ප්‍රමුඛත්වය දුන්හ.
දකුණු පැත්තට ඇළවී නිදා ගැනීම, එම තත්ත්වයේදී හෘද අස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කිරීමට වඩාත් උචිත වේ. එමෙන්ම එය හෘදයට වඩාත් සුවදායී වේ. මක්නිසාදයත් එය වම් පැත්තේ පිහිටා ඇති බැවිනි. කෙනෙකු වම් පැත්තට නිදා ගත්තේ නම්, හෘද වස්තුව මත අනෙකුත් ශරීර අවයව නැඹුරු වන බැවින් හදවතට හානි ගෙන දෙන්නට ඉඩ ඇත.
සුනන් අත් තිර්මිදි (5/ 404) (3398).
තවත් බලන්න (6)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 533).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (17/ 335).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (2/ 1001).