එකතු වී (සාමුහිකව) ඉටු කරනු ලබන සලාතය ඔබ අතරින් කිසිවකු තනිව ඉටු කරන සලාතයට වඩා කොටස් විසි පහකින් උතුම් වන්නේය. ෆජ්ර් සලාතයේ දී රාත්‍රි කාලයේ මලක්වරු හා දහවල් කාලයේ මලක්වරු රැස් වෙති
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි" යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"එකතු වී (සාමුහිකව) ඉටු කරනු ලබන සලාතය ඔබ අතරින් කිසිවකු තනිව ඉටු කරන සලාතයට වඩා කොටස් විසි පහකින් උතුම් වන්නේය. ෆජ්ර් සලාතයේ දී රාත්‍රි කාලයේ මලක්වරු හා දහවල් කාලයේ මලක්වරු රැස් වෙති. පසුව අබූ හුරෙයිරා තුමා මෙසේ පවසා සිටියේය: එසේ නම් ඔබ කැමති නම් මෙය පාරායනය කරන්න. "නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය සාක්ෂි දරනු ලබන්නක් විය." (අල්-ඉස්රා: 78)
«تَفْضُلُ صَلاَةُ الجَمِيعِ صَلاَةَ أَحَدِكُمْ وَحْدَهُ، بِخَمْسٍ وَعِشْرِينَ جُزْءًا، وَتَجْتَمِعُ مَلاَئِكَةُ اللَّيْلِ وَمَلاَئِكَةُ النَّهَارِ فِي صَلاَةِ الفَجْرِ» ثُمَّ يَقُولُ أَبُو هُرَيْرَةَ: فَاقْرَءُوا إِنْ شِئْتُمْ: {إِنَّ قُرْآنَ الفَجْرِ كَانَ مَشْهُودًا} [الإسراء: 78].
ඉමාම් හෙවත් සලාතය මෙහෙයවන කෙනෙකු සමග සාමුහිකව සලාතය ඉටු කරන පුද්ගලයකුගේ කුසල් හා ප්‍රතිඵල ඔහුගේ නිවසේ හෝ ඔහුගේ රැකියා ස්ථානයේ ඔහු තනිව ඉටු කරන සලාතයට වඩා විසි පස් ගුණයකින් උතුම් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පසුව රාත්‍රියේ හා දහවලේ මලක්වරුන් ෆජ්ර් සලාතයේ දී රැස් වන බව ද එතුමාණෝ මෙනෙහි කළහ. පසුව අබූ හුරෙයිරා තුමා එයට සාක්ෂියක් ලෙස මෙසේ පවසා සිටියේය: ඔබ කැමති නම් මෙය පාරායනය කරන්න: "නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය සාක්ෂි දරනු ලබන්නක් විය." (අල්-ඉස්රා: 78) සැබැවින්ම ෆජ්ර් සලාතය වනාහි, රාත්‍රියේ පැමිණි මලක්වරු හා දහවල් කාලයේ පැමිණෙන මලක්වරු ඒ සඳහා පැමිණෙති.
ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය: සාමුහික ලෙස මස්ජිදයේ සලාත් ඉටු කිරීම නිවසේ හා රැකියා ආයතනයේ සාමුහිකව හා තනි තනිව ඉටු කරන සලාතයට වඩා අධිකය. ඒ ගැන ඉබ්නු දකීක් අල් ඊද් මෙසේ පවසයි:
'ෆජ්ර් සලාත් වේලාවේ, මලක්වරුන් රැස්වීමේ සුවිශේෂිත්වය පවතින බැවින් එහි මහිමය මෙහි සඳහන් වේ.
බින් බාස් තුමා ප්‍රකාශ කර ඇත්තේ: "මෙම මහඟු යහපත ලබා ගනු පිණිස තම නිවස දුරින් පිහිටිය ද සාමුහකිව සලාතය ඉටුකිරීමට දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා උනන්දු විය යුතු ය."
නවවි තුමා සියලුම වාර්තාවන් සංසන්ධනය කරමින් මෙසේ පවසා ඇත.: සැබැවින්ම සාමුහික සලාතය වනාහි එය විසිපස් ගුණයකින් උතුම් වේ. තවත් වාර්තාවක් අනුව විසි හත් ගුණයකින් උතුම් වේ. මේ දෙක සංසන්ධනය කර බලන විට ක්‍රම තුනකින් මෙය පිහිටනු ඇත. පළමුවැන්න: මෙහි පරස්පරතාවයක් නැත. එය කිහිපයක් සඳහන් කිරීම බොහෝ දේ ප්‍රතික්ෂේප නොකරන බැවිනි. මූලධර්මවාදීන්ට අනුව සංඛ්‍යා සංකල්පය වලංගු නොවන්නකි. දෙවැන්න: මුලින්ම ඔහුට කිහිපයක් දන්වා, පසුව සර්වබලධාරි දෙවියන් ඔහුට භාග්‍යය වැඩි කරන බව දන්වා එය ප්‍රකාශ කර තිබීම. තුන්වැන්න: සලාතය හා සලාත් ඉටු කරන්නන්ගේ තත්ත්වයන් අනුව වෙනස් වීම. ඇතැම් විට ඔවුන්ගෙන් සමහරෙකුට විසි පස් ගුණයක් හිමි වේ. තවත් ඇතැමෙකුට විසි හත් ගුණයක් හිමි වේ. එය සලාතය පූර්ණත්වය, එහි ක්‍රමය, ඒ තුළ පවතින ශ්‍රද්ධාව, සහභාගී වන පිරිසේ අධිකත්වය, ඔවුන්ගේ මහිමය, ස්ථානයේ ගෞරවය යනාදී අනුව පිහිටනු ඇත. මැනවින් දන්නා අල්ලාහ් ය.
සහීහුුල් බුහාරි (1/ 131) (648).
සහීහ් මුස්ලිම් (1/ 450) (649).
තවත් බලන්න (4)
تيسير الكريم الرحمن في تفسير كلام المنان.
لعبد الرحمن آل سعدي (ص464).
توضيح الأحكام مِن بلوغ المرام.
لعبد الله البسام (2/ 210).