Skip to content

සැබැවින්ම මම ශාප කරන්නෙකු ලෙස කිසිවිටෙකත් එවනු ලැබුවේ නැත. සැබැවින්ම මම එවනු ලැබුවේ දයාවක් ලෙසිනි

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! බහුදේවවාදීන්ට ශාප කරන්න" යැයි කියනු ලැබීය. එතුමාණෝ මෙසේ පැවසූහ.

"සැබැවින්ම මම ශාප කරන්නෙකු ලෙස කිසිවිටෙකත් එවනු ලැබුවේ නැත. සැබැවින්ම මම එවනු ලැබුවේ දයාවක් ලෙසිනි."

«إِنِّي لَمْ أُبْعَثْ لَعَّانًا، وَإِنَّمَا بُعِثْتُ رَحْمَةً».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

බහුදේවවාදීන්ට එරෙහිව අල්ලාහ්ගෙන් ප්‍රාර් ථනා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉල්ලා සිටිනු ලැබීය. එවිට එතුමාණෝ: "අල්ලාහ් විසින් මා එවන ලද්දේ මිනිසුන්ට ශාප කිරීමට, දෙවියන් වහන්සේගේ දයාවෙන් ඔවුන් ඈත් කර නෙරපා හැරීමට, හෝ එමඟින් ඔවුනට යහපත අහිමි කිරීමට ප්‍රාර් ථනා කිරීමට නොවේ. ඒ වෙනුවෙන් මා එවනු ලැබුවේ නැත. සැබැවින්ම මා එවනු ලැබුවේ පොදුවේ මිනිසුන්ට සහ විශේෂ යෙන් විශ්වාස කරන්නන්ට යහපත්කම සහ දයාව සඳහා හේතුවක් වීමට ය.

හදීසයෙන් උගත හැකි පාඩම්

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගුණධර්මයෙහි පරිපූර් ණත්වය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර් ශය අනුගමනය කරමින්, අපහාස හා ශාප වලින් තොරව දිව ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම.

ශාප කිරීම තහනම් බව මෙහි සඳහන් වේ.

මිනිසුනට දයාව හා කරුණාව පෙන්වීමට උනන්දු කිරීම.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 2006) (2599).

තවත් බලන්න (2)

المفهم لما أشكل من تلخيص كتاب مسلم (6/ 582).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (40/ 683).