Skip to content

“සැබැවින්ම කීර්තිමත් උත්තරීතර අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ග වැසියනි! එවිට ඔවුහු: (එසේය,) අපගේ පරමාධිපතියාණනි! ඔබ සමීපයට පැමිණ ඔබෙන් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි! ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“සැබැවින්ම කීර්තිමත් උත්තරීතර අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ග වැසියනි! එවිට ඔවුහු: (එසේය,) අපගේ පරමාධිපතියාණනි! ඔබ සමීපයට පැමිණ ඔබෙන් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි! ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.” යැයි පවසති. එවිට ඔහු: “මීට වඩා උතුම් දෙයක් මම නුඹලාට පිරිනමමි.” යැයි පවසයි. ඔවුහු: “අහෝ පරමාධිපතියාණනි! මීටත් වඩා උතුම් වනුයේ කුමන කරුණක් ද?” යැයි විමසති. එවිට ඔහු. “මාගේ තෘප්තිය නුඹලාට නියම විය. එහෙයින් මින්පසු මම කිසිවිටෙක නුඹලා කෙරෙහි කෝප නොවෙමි.” යැයි පවසයි.

«إِنَّ اللَّهَ تَبَارَكَ وَتَعَالَى يَقُولُ لِأَهْلِ الجَنَّةِ: يَا أَهْلَ الجَنَّةِ؟ فَيَقُولُونَ: لَبَّيْكَ رَبَّنَا وَسَعْدَيْكَ، فَيَقُولُ: هَلْ رَضِيتُمْ؟ فَيَقُولُونَ: وَمَا لَنَا لاَ نَرْضَى وَقَدْ أَعْطَيْتَنَا مَا لَمْ تُعْطِ أَحَدًا مِنْ خَلْقِكَ؟ فَيَقُولُ: أَنَا أُعْطِيكُمْ أَفْضَلَ مِنْ ذَلِكَ، قَالُوا: يَا رَبِّ، وَأَيُّ شَيْءٍ أَفْضَلُ مِنْ ذَلِكَ؟ فَيَقُولُ: أُحِلُّ عَلَيْكُمْ رِضْوَانِي، فَلاَ أَسْخَطُ عَلَيْكُمْ بَعْدَهُ أَبَدًا».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ස්වර්ගවාසීන් ස්වර්ගයේ සිටිය දී උත්තරීතර අල්ලාහ් ඔවුන් දෙස බලා: "අහෝ ස්වර්ග වැසියනි!" යැයි අමතයි. එවිට ඔවුහු පිළිතුරු වශයෙන් "ලබ්බයික් රබ්බනා! වසඃදෙයික් (අපගේ පරමාධිපතියාණනි! ඔබ හමුවට අපි පැමිණ ඇත්තෙමි. ඔ‌බේ තෘප්තිය අපි පතමු)" යැයි පවසා පිළිතුුරු දෙනු ඇත. එවිට ඔහු ඔවුනට, "ඔබ තෘප්තියට පත් වූයෙහි ද?" යැයි විමසයි. ඔවුහු, "එසේය, අපි තෘප්තිමත් වූයෙමු. අපි තෘප්තියට පත් නොවන දෙයක් නැත. ඔ‌බ ඔබේ මැවීම් කිසිවකට නොදුන් දෑ ඔබ අපට පිරිනමා ඇත!" යැයි පවසති. එවිට සුවිශුද්ධයාණන් මෙසේ පවසයි. "මීට වඩා ශ්‍රේෂ්ට දෙයක් මම ඔබට පිරිනැමිය යුතු නොවේ ද?" ඔවුහු, "අපගේ පරමාධිපතියාණනි! මීට වඩා ශ්‍රේෂ්ට වනුයේ කුමක් ද?" යැයි විමසති. එවිට ඔහු, "මාගේ සදා තෘප්තිය ඔබ වෙත මම පහළ කළෙමි. මින්පසු කිසිදා මම ඔබ සමග කෝප නොවෙමි." යැයි පවසයි.

හදීසයෙන් උගත හැකි පාඩම්

ස්වර්ගවාසීන් සමග සර්වබලධාරී අල්ලාහ් කතා කිරීම.

තමන්ව පිළිගත් බවටත් තම තෘප්තිය ඔවුන් වෙත නියම කළ බවටත් කිසිදිනෙක ඔහු කෝප නොවන බවටත් ස්වර් ගවාසීන් හට ශුභාරංචි දන්වා සිටීම.

ඔවුන්ගේ නිලයන් වෙනස් වුව ද, ඔවුන්ගේ තරාතිරම් විවිධ වුව ද, ඒ කවර තත්ත්වයක ඔවුන් පසු වුව ද ස්වර්ගයේ වැඩ සිටින්නන් සෑම ‌කෙනෙකුම තෘප්තියට පත් වෙයි. ඊට හේතුව ඔවුන් සියලු දෙනාම එකම ප්‍රකාශයකින් පිළිතුරු දෙන බැවිනි. එනම් "ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.” යන්නෙනි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 114) (6549).

සහීහ් මුස්ලිම් (4/ 2176) (2829).

තවත් බලන්න (6)

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين.

نزهة المتقين شرح رياض الصالحين.

مجموعة من الباحثين (2/ 1293).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (3/ 348).