ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ ඉන් පසු ඇති රකආත් හතර කවරෙකු පිළිපදින්නේ ද අල්ලාහ් ඔහුව නිරයට තහනම් කරනු ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ඒතුමාණන්ගේ බිරියක වූ උම්මූ හබීබා (රළියල්ලාහු අන්හා තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
"ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ ඉන් පසු ඇති රකආත් හතර කවරෙකු පිළිපදින්නේ ද අල්ලාහ් ඔහුව නිරයට තහනම් කරනු ඇත."
«مَنْ حَافَظَ عَلَى أَرْبَعِ رَكَعَاتٍ قَبْلَ الظُّهْرِ وَأَرْبَعٍ بَعْدَهَا حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ».
යමෙක් ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ ඉන් පසු රකආත් හතරක් සුවෙච්ඡාවෙන් ඉටු කර එය සුරක්ෂිතව අඛණ්ඩව පිළිපදින්නේ ද ඔහුට අල්ලාහ් අපා ගින්න තහනම් කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ශුභාරංචි දන්වා සිටියහ.
ලුහර් සලාතයට පෙර රකආත් හතර සහ ඉන් පසුව රකආත් හතර ඉටුකිරීම සතුටු දායකය.
පෙර පවතින අතිරේක සලාත් වනාහි -එනම් ෆර්ලු සලාතයට පෙර පවතින අමතර සලාත්- එහි ඇතැම් යථාර්ථවාදී ප්‍රඥාවන් දැකිය හැක. ඒ අතරින්, සලාත් ඉටු කරන්නා ෆර්ලු සලාතයේ නියැලීමට පෙර නැමදුම සඳහා තමන්ව සූදානම් කර ගැනීමය. පසු පවතින සලාත් වනාහි, එහි පවතින යථාර්ථය නම්, අනිවාර්යය සලාත් අතර සිදුවනු අඩුපාඩු පුරවාලීමය.
අතිරේක සලාත් සඳහා අතිමහත් ඵල ප්‍රයෝජන ඇත. ඒ අතරින් යහපත වැඩිවීම, පාපකම් සඳහා ප්‍රතිකර්මයක් වීම නිලයන් උසස් වීම යනාදිය ඇත.
මෙවැනි ප්‍රතිඥා දෙන ලද හදීස් සම්බන්ධයෙන් අහ්ලුස් සුන්නාවාසීන් දරණ මතය වනුයේ: දේව ඒකීයත්වය පිළිගත් තත්ත්වයේ මරණයට පත්වීමය. සැබැවින්ම එහි අදහස අපා ගින්නේ ඔහු සදාතනිකව නොසිටින බවයි. හේතුව දේව ඒකීයත්වය පිළිගත් තැනැත්තන් අතරින් පාපකම් සිදු කරන්නකු වී නම්, ඔහු දඬුවමට සුදුසුකම් ලබන්නෙකු වුව ද ඔහු දඬුවම් වින්දායින් පසු අපා ගින්නේ සදාතනිකව නො සිටින බැවිනි.
සුනන් අබූ දාවූද් (2/ 448) (1269).
සුනන් අත් තිර්මිදි (1/ 452) (428).
සුනන් අන් නසාඊ (3/ 265) (1816).
සුනන් ඉබ්නු මාජහ් (2/ 238) (1160).
මුස්නද් අහ්මද් (44/ 358) (26772).
තවත් බලන්න (4)
سبل السلام شرح بلوغ المرام.
لمحمد الصنعاني (1/ 336).
توضيح الأحكام مِن بلوغ المرام.
لعبد الله البسام (2/ 381).
පොත්වල උපුටා දක්වා ඇත
2 පොත්තවත් බලන්න (2)
- كيفية صلاة النبي - صلى الله عليه وسلم -كَيفِيَّةُ صَلَاةِ النَّبِيِّ ﷺ (مَنْ حَافَظَ عَلَى أَرْبَعِ رَكَعَاتٍ قَبْلَ الظُّهْرِ، وَأَرْبَعٍ بَعْدَهَا حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ) [21].
- مجموعة زاد الفقه (2)الفقه للمستوى الثاني ( مجموعة زاد )«من حافظ على أربع ركعاتٍ قبل الظهر وأربعٍ بعدها حرمه اﷲ تعالى على النار».