Skip to content

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මින්බර් (වේදිකාව) මත සිටිය දී මිනිසෙක් මෙසේ විමසීය. 'රාත්‍රී සලාතය පිළිබඳ ඔබ දකින්නේ කෙසේ ද?' එතුමාණෝ "දෙක දෙක බැගින් විය යුතුය

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මින්බර් (වේදිකාව) මත සිටිය දී මිනිසෙක් මෙසේ විමසීය. 'රාත්‍රී සලාතය පිළිබඳ ඔබ දකින්නේ කෙසේ ද?' එතුමාණෝ "දෙක දෙක බැගින් විය යුතුය" නමුත් සුබ්හු උදාවේ යැයි ඔබ බිය වූයේ නම් එක් රකආතයක් පමණක් ඉටු කරන්න. එවිට ඉටු කළ සලාතය ඔත්තේ බවට පත්වනු ඇත. එතුමාණෝ: "ඔබේ සලාතයේ අවසානය ඔත්තේ බවට ඔබ පත් කර ගන්න" යැයි පවසමින් සිටියහ. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඒ ගැන නියෝග කළහ.

سَأَلَ رَجُلٌ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ عَلَى المِنْبَرِ، مَا تَرَى فِي صَلاَةِ اللَّيْلِ، قَالَ: «مَثْنَى مَثْنَى، فَإِذَا خَشِيَ الصُّبْحَ صَلَّى وَاحِدَةً، فَأَوْتَرَتْ لَهُ مَا صَلَّى» وَإِنَّهُ كَانَ يَقُولُ: «اجْعَلُوا آخِرَ صَلاَتِكُمْ وِتْرًا» فَإِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ بِهِ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මින්බර් වේදිකාව මත සිටිය දී මිනිසෙකු පැමිණ "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, රාත්‍රියේ මා සලාතය ඉටු කළ යුත්තේ කෙසේ ද" යැයි විමසා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ඔබ සලාත් ඉටු කරන්න. සෑම රකආත් දෙකකටම සලාම් පවසන්න. උදෑසන උදාවනු ඇතැයි බියක් දැනුනු විට එක් රකආතයක් ඉටු කරන්න. ඔබ කළ සලාතය ඔත්තේ බවට පත් වනු ඇත. තවද සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රී සලාතයේ අවසානය ඔත්තේ බවට පත් කර ගන්නැයි, උපදෙස් දෙමින් සිටියහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

රාත්‍රී සලාතයේ මූලික මූලධර්මය වන්නේ සෑම රකඅත් දෙකකටම පසුව සලාම් කීම ය.

වචනය පොදුවේ භාවිත කර ඇති නිසා රාත්‍රී සලාතය නිශ්චිත ගණනකට සීමා වන්නේ නැත.

නවවි තුමා මෙසේ පවසයි: "රාත්‍රියේ සහ දහවලේ සලාතය දෙක දෙක බැගින් විය යුතුය." මෙම හදීසය පැහැදිලි කිරීම් අතර වඩාත් යෝග්‍ය පැහැදිලිකිරීම මත පදනම්ව ඇත. එනම් සෑම රකආත් දෙකකටම සලාම් පැවසීමය. එය රාත්‍රියේ හෝ දහවලේ අතිරේක සලාත් වුව ද එලෙසය. සෑම රකආත් දෙකකටම සලාම් පැවසීම යෝග්‍යය වේ.

නවවි තුමා තවදුරටත් මෙසේ පවසයි: "රාත්‍රී සලාතයේ අවසානය, ඔත්තේ සංඛ්‍යාවක් බවට පත් කර ගැනීම නබි පිළිවෙත බවට මෙහි සාධක ඇත. ඒ අනුව එහි වේලාව ෆජ්ර් උදාවෙන් අවසන් වෙයි. මෙය අපගේ ගුරුකුලයේ (මද්හබ්හි) ඇති ප්‍රචලිත ප්‍රකාශයයි. බහුතර විද්වතුන් පවසා ඇත්තේ ද මෙයයි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 102) (472).

සහීහ් මුස්ලිම් (1/ 517) (751).

තවත් බලන්න (8)

إرشاد الساري لشرح صحيح البخاري.

لابن حجر(1/ 456).

توضيح الأحكام مِن بلوغ المرام.

لعبد الله البسام (2/ 394).

فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.

لابن عثيمين (2/ 233).

تيسير العلام شرح عمدة الأحكام.

لعبد الله البسام (ص217).