عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
“මුස්ලිම්වරයකුට යම් ලෙඩක්, වෙහෙසක්, දුකක්, තැවුලක්, වේදනාවක් හෝ අධික කම්පනයක් ඇති වූ විටෙක එය කටුවක් ඇනීමෙන් වුව ද, ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ වැරදි කමා කරනු මිස නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අනිවාර්යය කරවන කරුණු දෙක මොනවාදැ?"යි විමසා සිටියේය. එවිට එතුමාණෝ: "කවරෙකු අල්ලාහ්ට ආදේශ නොකර මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසෙයි. කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කර මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිිසෙයි" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"කවරෙකු අල්ලාහ්ට කිසිවක් සමාන නො කළ තත්ත්වයක ඔහුව මුණගැසෙන්නේ ද, කිසිදු වරදක් ඔහුට හානියක් සිදු නොකරනු ඇත. තවද, ඔහුට කිසිවක් සමාන කළ තත්ත්වයක මිය යන්නේ ද, ඔහුට කිසිදු යහපතක් ප්රයෝජනවත් නොවනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
ගමනක දී මුආද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් වාහනයේ යමින් සිටිය දී එතුමා මෙසේ පැවසීය: ‘අහෝ මුආද්!' ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. එතුමා නැවතත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. තුන්වන වරටත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. පසුව එතුමා මෙසේ පැවසූහ. “කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ දූතයා වේ - යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත. එවිට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජනතාවට සතුට ගෙන දෙනු පිණිස මෙය ඔවුනට මා දන්වා සිටිය යුතු නොවේ ද?' යැයි විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා: ‘නැත! ඔවුන් ඒ මතම (පමණක්) සිටිනු ඇතැයි' පැවසූහ. පසු ව මුආද් (රළියල්ලාහු අන්හු) තුමා තම අවසන් කාලයේ, දැනුම සැගවීමේ පාපයට බියෙන් එය දන්වා සිටියේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ක්රියාවන් හයකි. මිනිසුන් සිව් දෙනෙකි. එසේ නම්, අනිවාර්යය කරන කරුණු දෙක, සමානයට සමානය, යහපතට ඒ හා සමාන දස ගුණය හා යහපතට හත්සීය ගුණය වේ. අනිවාර්යය කරන කරුණු දෙක වනාහි: කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නො කරන තත්ත්වයේ මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කරන තත්ත්වයේ මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිිසෙයි. සමානයට සමානය වනාහි: තම සිතට හැඟෙන තරමට හා අල්ලාහ් ද එය ඔහුගෙන් හඳුනා ගන්නා තරමට කවරෙකු යම් යහපතක් සිතුවේ ද ඔහුට කුසලක් ලියනු ලැබේ. කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඔහුට නපුරක් ලියනු ලැබේ. කවරෙකු යම් යහපතක් සිදු කළේ ද ඒ හා සමාන කුසල් දහයක් හිමි වේ. කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යමක් වියදම් කළේ ද කුසල හත්සීය ගුණයකින් ගුණ වේ. මිනිසුන් වනාහි: මෙලොවෙහි විස්තීරණභාවය ලබා මතුලොවෙහි පීඩනයට ලක් වන්නා ද ඔවුන් අතර සිටී. මෙලොවෙහි පීඩනයට ලක්ව මතුලොවෙහි විස්තීරණභාවය ලබන්නා ද ඔවුන් අතර සිටී.එමෙන්ම මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද පීඩනයට ලක් වන්නා ද මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි විස්තීරණභාවය ලබන්නා. ද ඔවුන් අතර සිටී."
හසන් ගණයට අයත් හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
"උෆෙයිර් නම් බූරුවකු මත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පසුපසින් මා වාඩි වී සිටියෙමි. එවිට එතුමාණෝ: අහෝ මුආද්, අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම හා ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම කුමක් දැයි ඔබ දන්නෙහි ද? යැයි විමසුහ. මම: 'අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඒ ගැන මැනවින් දන්නෝ වෙති' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම වනුයේ, ඔහුට නැමදුම් කිරීම හා කිසිවක් ඔහුට ආදේශ නොකිරීමය. ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන තැනැත්තන් හට දඬුවම් නොකිරීමය" යැයි පැවසූහ. එවිට මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මා මේ ගැන මිනිසුන්ට ශුභාරංචි දන්වා සිටිය යුතු නොවේ ද? යැයි විමසුවෙමි. එතුමාණෝ: ඔවුනට මේ ගැන ශුභාරංචි දන්වා නොසිටින්න. එවිට ඔවුහු එහිම එල්බගෙන සිටිනු ඇතැ"යි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම්වලට ඉහළින් මාගේ ප්රජාව අතරින් මිනිසෙකු වෙන් කර හඳුනා ගනු ඇත. ඔහු වෙත ලේඛන අනූ නවයක් දිග හැර තබනු ලැබේ. සෑම ලේඛනයක්ම ඇසට පෙනෙන දුරින් තිබේ. පසුව ඔහු: "ඔබ මේ කිසිවක් ප්රතික්ෂේප කරනවාද? මෙය සටහන් කළ අය ඔබට අසාධාරණයක් කර තිබේ ද?" යැයි විමසයි. එවිට ඔහු: "නැත, මාගේ පරමාධිපතියාණනි," යැයි පිළිතුරු දෙයි. ඔහු: "ඔබට නිදහසට කරුණක් තිබේ ද?" යැයි පවසයි. ඔහු: 'නැත, මාගේ පරමාධිපතියාණනි,!' යැයි පිළිතුරු දෙයි. එවිට ඔහු: "එසේ නම්, ඔබ වෙනුවෙන් අප සතුව යහපතක් ඇත. එබැවින් අද ඔබට අසාධාරණයක් සිදු නොවනු ඇත." යැයි පවසයි. ඉන්පසු බලපත්රයක් නිකුත් කරනු ලැබේ. එහි අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් තුමාණෝ ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බව මම සාක්ෂි දරමි.) යැයි සඳහන්ව ඇත. ඔහු: "ඔබේ තරාදිය රැගෙන එන්න" යැයි පවසයි. ඔහු: "අහෝ මාගේ පරමාධිපතියාණනි, මේ ලේඛන සමග ඇති මේ බලපත්රය කුමක්ද? යැයි විමසයි. ඔහු: ඔබට අසාධාරණයක් සිදු නොවේ" යැයි පවසයි. "ලේඛන එක් තට්ටුවක තබනු ලැබේ. බලපත්රය (අනෙක්) තට්ටුවේ තබනු ලැබේ. ලේඛන සැහැල්ලු වේ. බලපත්රය බර වේ. අල්ලාහ්ගේ නාමය සමග කිසිවක් බරින් වැඩි වන්නේ නැත." යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, කිසිදු කුඩා හෝ මහා පාපයක් සිදු නොකර ඒ කිසිවක් අත් නොහැරියෙමි". එතුමාණෝ: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔබ සාක්ෂි නොදැරුවෙහි ද?" යැයි තුන්වරක්ම විමසා සිටියහ. ඔහු: එසේය යැයි පැවසීය. එතුමාණෝ: සැබැවින්ම එය එය අභිබවා යනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ යඅ්ලා, තබරානී සහ අද්දියා අල්මක්දිසී යන ඉමාම්වරුන් විසින් වාර්තා කර ඇත.