Skip to content

“කවරෙකු යහමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ කුසල්වලින් කිසිවක් එය අඩු කරන්නේ නැත

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“කවරෙකු යහමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ කුසල්වලින් කිසිවක් එය අඩු කරන්නේ නැත. එමෙන්ම කවරෙකු නොමග වෙත ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු පාපයන් හා සමාන පාපය ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ පාපයෙන් කිසිවක් එය අඩු කරන්නේ ද නැත.”

«مَنْ دَعَا إِلَى هُدًى كَانَ لَهُ مِنَ الْأَجْرِ مِثْلُ أُجُورِ مَنْ تَبِعَهُ، لَا يَنْقُصُ ذَلِكَ مِنْ أُجُورِهِمْ شَيْئًا، وَمَنْ دَعَا إِلَى ضَلَالَةٍ كَانَ عَلَيْهِ مِنَ الْإِثْمِ مِثْلُ آثَامِ مَنْ تَبِعَهُ، لَا يَنْقُصُ ذَلِكَ مِنْ آثَامِهِمْ شَيْئًا».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කවරෙකු සත්‍යය සහිත ඍජු මාර්ගය වෙත වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මිනිසුනට මඟ පෙන්වා, ඇරයුම් කර, දිරි ගැන්වූයේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් හා සමාන කුසල් ඔහුට ද හිමිවනු ඇත. අනුගමනය කරන්නාගේ කුසලින් කිසිවක් එය අඩු කරන්නේ නැත යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා‍ණෝ පැහැදිලි කළහ. එමෙන්ම කවරෙකු වැරදි හා පාපය ඇති නපුරු ව්‍යාජ මාර්ගයක් වෙත හෝ අනුමත නොවන කටයුත්තක් වෙත හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් මිනිසුනට මඟ පෙන්වා ඔවුනට ඇරයුම් කළේ ද ඔහුව අනුගමනය කළවුන් සතු පාපයන් හා සමාන පාපයන් ඔහුට ද හිමිවනු ඇත. පාපකම් කළවුන්ගෙන් කිසිදු පාපයක් එය අඩු කරන්නේ ද නැත.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

මහා පරිමානයෙන් හෝ සුළුවෙන් හෝ යහමග වෙත ඇරයුම් කිරීමේ මහිමය. සැබැවින්ම ඇරයුම් කරන්නාට, ඔහුව පිළිපදින්නා සතු කුසල් හිමි වන්නේය. එය උත්තරීතර අල්ලාහ්ගේ අතිමහත් භාග්‍යයයිත පූර්ණවත් උපකාරයයි.

මහා පරිමානයෙන් හෝ සුළුවෙන් හෝ වේවා නොමඟ වෙත ඇරයුම් කිරීමේ බරපතලකම. සැබැවින්ම ඒ වෙත ඇරයුම් කරන්නා හට එය සිදු කරන්නාගේ පව් බර ද පැටවෙනු ඇත.

ප්‍රතිඵල අදාළ ක්‍රියා වර්ගයෙන්ම පිහිටයි. එහෙයින් කවරෙකු යහපත වෙත ඇරයුම් කළේ ද එය සිදු කළ තැනැත්තාට හිමි කුසල් හා සමාන කුසල් ඔහුට හිමි වන්නේය. එමෙන්ම නපුරක් වෙත ඇරයුම් කළේ ද එය සිදුකරන්නාගේ පව් බර ඔහු මත පිහිටනු ඇත.

මිනිසුන් බලා සිටිය දී, ප්‍රසිද්ධියේම පව් කිරීමෙන් හා එහි දී ඔහුව අනුකරණය කිරීමෙන් මුස්ලිම්වරයෙකු පරිස්සම් විය යුතුය. මන්ද ඔහු එසේ කිරීමට අනුබල නොදුන්නත් ඔහු අනුකරණය කරන තැනැත්තා විසින් ඔහු පව් කාරයකු වනු ඇත.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 2060) (2674).

තවත් බලන්න (10)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 262).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص141).

شرح رياض الصالحين.

لابن عثيمين (2/ 360).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (3/ 554).

نزهة المتقين شرح رياض الصالحين.

مجموعة من الباحثين (1/ 199).