عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Fon Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Türkmen - Turkmen Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්‍රතිඵල පෙරන්න
කාඩ්පත් 838
التصنيف الشرعي
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්‍රන්ථය
ඉතිරි මූලාශ්‍ර පෙන්වන්න
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (234)
"අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය." එසේ එතුමාණෝ පැවසූ විට "අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවරෙක් ද? යැයි විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම හිංසනයෙන් ආරක්ෂාව නොලබන තැනැත්තාය." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
التصنيف الشرعيالصلح وأحكام الجوار
“සෑම රාත්‍රියකම, රාත්‍රියේ තුනෙන් අවසාන කොටස පවතින විට, අපගේ පරමාධිපතියාණන් මෙලොව අහසට පහළ වී ‘කවරෙකු මා අමතන්නේ ද? මම ඔහුට පිළිතුරු දෙමි. කවරෙකු මගෙන් විමසන්නේ ද? මම ඔහුට පිරිනමමි. කවරෙකු මගෙන් සමාව අයදින්නේ ද? මම ඔහුට සමාව දෙමි.” යැයි පවසයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
التصنيف الشرعيفضل الدعاء، أنواع الدعاء، أسباب إجابة الدعاء وموانعه، قيام الليل، توحيد الأسماء والصفاتموضوعات الحديثالدعاء، سعة فضل الله عز وجل، قيام الليل
"සැබැවින්ම බොරු පවසන, අපරාධකම් කරන පාලකයින් මතු බිහිවනු ඇත. එබැවින් කවරෙකු ඔවුන්ගේ බොරුව සම්බන්ධයෙන් ඔවුන්ව සහතික කර ඔවුන්ගේ අපරාධකම්වලට ඔවුනට සහය දෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේ ය. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි. මා වෙත ඇති (හවුළුල් කව්සර්) තටාකය වෙත ඔහු පැමිණෙන්නේ ද නැත. කවරෙකු ඔවුන් ගේ බොරුව සත්‍යය බව සහතික නොකර ඔවුන්ගේ අපරාධකම්වලට සහාය නොදෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකි. මම ද ඔහුගෙන් කෙනෙකි. මා වෙත ඇති තටාකය වෙත ඔහු පැමිණෙනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
التصنيف الشرعيآداب الأمر بالمعروف والنهي عن المنكر، حق الإمام على الرعية
“කවරෙකු අවනත වීමෙන් බැහැර වී, ප්‍රජාවෙන් වෙන්ව ගොස් මිය යැදුණේද ඔහු අඥාන කාලයේ මිය ගිය අයකු මෙන් මිය ගොස් ඇත. තවද කවරෙකු නො දුටු ධජයක් යටතේ සටන් වැද, පක්ෂයට හෝ පක්ෂය වෙත ඇරයුම් කිරීමට හෝ පක්ෂයට උදව් කිරීමට හෝ උරණ වී, පසුව ඝාතනය කරනු ලැබුවේ ද එසේ මරණයට පත්වීමත් ජාහිලිය්යා යුගයේ මරණයක් මෙන් වන්නේය. එමෙන්ම කවරෙකු මාගේ ප්‍රජාවට විරුද්ධව බැහැර ව ගොස්, එහි දැහැමියන්ට හා දුෂ්ඨයින්ට පහර දී එහි දේවත්වය විශ්වාස කළවුන්ගෙන් (ඔවුනට හිංසා කිරීමෙන්) ඉවත්ව නොසිට, තමන් සමග ගිවිස ගත් ගිවිසුමක් ඇති අයට එය ඉටු නොකරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවේ. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
التصنيف الشرعيالخروج على الإمامموضوعات الحديثأحكام الإمامة، الإخلاص
අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමඟ ආහාර වේලකට සහභාගී වූ විට, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එතුමාණන්ගේ අත තබන තුරු අපි අපගේ අත් නොතබමු. වරක් අපි ඔහු සමඟ ආහාර වේලකට සහභාගී වූ විට කුඩා දැරියක් ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියා ය. ඇය කෑමට අත තැබීමට සූදානම් වූ විට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඇගේ අත අල්ලා ගත්හ. පසුව ගම්බද අරාබි වරයකු ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියේ ය. එතුමාණෝ ඔහුගේ අත ද අල්ලා ගත්තේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූූහ: 'නියත වශයෙන්ම, අල්ලාහ්ගේ නාමය සඳහන් නොකරන ලද ඕනෑම ආහාරයකින් ෂෙයිතාන් අනුමත කර ගන්නට බලයි. ඔහු මේ කුඩා දැරිය සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඇගේ අත අල්ලා ගත්තෙමි. පසුව ඔහු මෙම ගම්බද අරාබිවරයා සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඔහුගේ අත ද අල්ලා ගත්තෙමි. මගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමි! නියත වශයෙන්ම ඔහුගේ අත ඇගේ අත සමඟ මගේ ග්‍රහණයේ ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
التصنيف الشرعيآداب الأكل والشرب
"...කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්රතික්ෂේපකයෝ." (අල්-මාඉදා: 44) "...එවිට ඔවුහුමය අපරාධකරුවෝ." (අල්-මාඉදා: 45) "... එවිට ඔවුහුමය දුෂ්ඨයෝ." (අල්-මාඉදා: 47) යන පාඨ සර් ව බලධාරී තේජාන්විත අල්ලාහ් පහළ කළේය. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කළේය: අල්ලාහ් මෙය පහළ කළේ යුදෙව් කණ්ඩායම් දෙකක් වෙත ය. ජාහිලිය්යා නම් අඥාන යුගයේ ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම මත ආධිපත්‍යය දරමින් සිටියේය. අවසානයේ ප්රබූවරයෙක් පහත් අයකු ඝාතනය කළේ නම් ඒ සෑම ඝාතනයකටම 'වසක්' පනහක වන්දියක් ලෙස ද, පහත් අයෙක් ප්රබූවරයකු ඝාතනය කළේ නම් එවන් සෑම ඝාතනයකටම වසක් සියයක වන්දියක් ලෙස ද ලබා දීමට තීරණය කර පිළිගත්තෝය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැමිණෙන තෙක් ඔවුන් ඒ මත පදනම්ව සිටියහ. අල්ලාහ්ගේ දූතයාණන්ගේ පැමිණීම හේතුවෙන් එම කණ්ඩායම් දෙකම යටත් වූහ. ඒ වන විට අල්ලාහ්ගේ දූතයාණන් එම කණ්ඩායම් දෙක මත ආධිපත්‍යය දැරුවේ හෝ ඔවුන්ව යටහත් කර ගත්තේ ද නැත. මන්දයත් (ඒ වනවිට) එතුමාණන් සාම ගිවිසුම තුළ සිටි බැවිනි. (ඒ අතර) පහත් අයකු විසින් ප්‍රභූ වරයෙක් ඝාතනය විය. එවිට ප්‍රභූ පැළැන්තිය පහත් පැළැන්තිය වෙත තමන් එකඟ වූ පරිදි වසක් සියයක් තමන්ට වන්දි ගෙවන මෙන් පණිවිඩයක් එවීය. එවිට පහත් උදවිය මෙවැන්නක් කවදා හෝ වෙනත් අසල්වැසි ප්‍රදේශ දෙකක සිදුවී තිබේද? ඔවුන් දෙපිරිසේ ආගම එකක් විය. පරම්පරාව ද එකක් විය ඔවුන්ගේ දේශය ද එකක් විය. නමුත් ඔවුන් ඇතැමුන්ගේ වන්දිය තවත් සමහරුන්ගේ වන්දිය මෙන් අඩකි? අපි ඔබට මෙය ලබා දුන්නේ ඔබ අපට අසාධාරණකම් කරන නිසාවෙන් හා ඔබට ඇති බිය නිසා පමණි. මුහම්මද් පැමිණියේ නම්, කිසිවිටෙකත් අපි මෙය ඔබට ලබා දෙන්නේ නැත. පසුව ඔවුන් අතර යුද්ධයක් හටගන්නට තරම් එය දරුණු විය. පසුව ඔවුන් අතර විනිශ්චය කිරීමට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හට ඉඩ දෙන්නට ඔවුන් තීරණය කළහ. නමුත් ප්රභූවරු කල්පනා කර මෙසේ පැවසූහ: අල්ලාහ්ගේ නාමයෙන්, මුහම්මද් ඔබෙන් ඔවුන්ට දෙන දෙය මෙන් දෙගුණයක් ඔබට ඔවුන්ගෙන් ලබා නොදෙනු ඇත. ඔවුන් සත්‍යය කතා කර ඇත. ඔවුන් අපට මෙය ලබා දුන්නේ අප විසින් පීඩනයක් සහ ඔවුන් මත අපි ආධිපත්‍යය දරන නිසාවෙනි. එබැවින් මුහම්මද් වෙත ඔහුගේ මතය ඔබ වෙත ගෙන ඒමට රහස් පරීක්ෂකයකු යවන්න. ඔහු ඔබ සිතන දේ ඔබට ලබා දෙන්නේ නම්, ඔබ ඔහුව විනිශ්චයකරු බවට පත් කර ගන්න. ඔහු ඔබ කැමති දේ ඔබට ලබා නොදුනහොත්, ඔබ ප්‍රවේසම් වී ඔබ අතර විනිශ්චය කිරීමට ඔහුට ඉඩ නොදෙන්න යැයි තීරණය කළහ. ඒ අනුව අල්ලාහ්ගේ දූතයාණන්ගේ මතය ඔවුනට දන්වා සිටිනු පිණිස කුහකයින් අතරින් පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත රහසිගතව යැවූහ. ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණි කල්හි, අල්ලාහ් ඔවුන්ගේ සියලුම කරුණු හා ඔවුන් අදහස් කළ දෑ එතුමාණන්ට දන්වමින් මෙසේ පහළ කළේය: "අහෝ දූතය! අපි විශ්වාස කළෙමු යැයි ඔවුන්ගේ මුඛවලින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නො කළවුන් හා යුදෙව් වූවන් අතරින් දේව ප්රතික්ෂේපයේ යුහුසුලුව ක්‍රියා කරන්නන් නුඹව දුකට පත් නො කළ යුතු ය..." (අල්-මාඉදා 41) සිට "... අල්ලාහ් පහළ කළ දෑ අනුව කවරෙකු තීන්දු ලබා නො දුන්නේ ද එවිට ඔවුහු මය දුෂ්ඨයෝ." (අල්-මාඉදා: 47) වන පාඨය දක්වා. පසුව ඔවුන් දෙපිරිස සම්බන්ධව එතුමාණෝ මෙසේ පැවසූහ. අල්ලාහ් මත දිවුරමින් එය පහළ වී ඇත. සර් ව බලධාරී අල්ලාහ් අදහස් කළේ ඔවුන් දෙපිරිස පිළිබඳව ය.
හසන් ගණයට අයත් හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
التصنيف الشرعيأسباب النزول
නිර්භීතව සටන් වදින, ප්‍රදර්ශන නිරීම සඳහා සටන් වදින සහ කුහක කමින් සටන් වදින මිනිසා පිළිබඳව සඳහන් කර, එයින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැදීමක් වනුයේ කවර කරුණක් දැයි? අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් විමසන ලදී. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: "කවරෙකු අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ජිහාද් කරන්නේ ද ඔහුය අල්ලාහ්ගේ මාර්ගයේ සිටිනුයේ" යැයි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
التصنيف الشرعيأعمال القلوب، أحكام ومسائل الجهاد وآدابهموضوعات الحديثفضل الجهاد، الإخلاص، الرياء
"සැබැවින්ම දහම පහසුය. දහම අබිබවා යෑම මිස වෙනත් කිසිවිටෙක එය අසීරු වන්නේ නැත. එබැවින් තදින් පිළිපදිනු. සමීපයෙන් කටයුතු කරනු. ශුභාරංචි දන්වනු. උදේ සවස මෙන්ම රාත්‍රියේ කොටසක උදව් පතනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
التصنيف الشرعيخصائص الإسلام وفضله ومحاسنه