Skip to content

“කවරෙකු අවනත වීමෙන් බැහැර වී, ප්‍රජාවෙන් වෙන්ව ගොස් මිය යැදුණේද ඔහු අඥාන කාලයේ මිය ගිය අයකු මෙන් මිය ගොස් ඇත

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:

“කවරෙකු අවනත වීමෙන් බැහැර වී, ප්‍රජාවෙන් වෙන්ව ගොස් මිය යැදුණේද ඔහු අඥාන කාලයේ මිය ගිය අයකු මෙන් මිය ගොස් ඇත. තවද කවරෙකු නො දුටු ධජයක් යටතේ සටන් වැද, පක්ෂයට හෝ පක්ෂය වෙත ඇරයුම් කිරීමට හෝ පක්ෂයට උදව් කිරීමට හෝ උරණ වී, පසුව ඝාතනය කරනු ලැබුවේ ද එසේ මරණයට පත්වීමත් ජාහිලිය්යා යුගයේ මරණයක් මෙන් වන්නේය. එමෙන්ම කවරෙකු මාගේ ප්‍රජාවට විරුද්ධව බැහැර ව ගොස්, එහි දැහැමියන්ට හා දුෂ්ඨයින්ට පහර දී එහි දේවත්වය විශ්වාස කළවුන්ගෙන් (ඔවුනට හිංසා කිරීමෙන්) ඉවත්ව නොසිට, තමන් සමග ගිවිස ගත් ගිවිසුමක් ඇති අයට එය ඉටු නොකරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවේ. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි.”

«مَنْ ‌خَرَجَ ‌مِنَ ‌الطَّاعَةِ، وَفَارَقَ الْجَمَاعَةَ فَمَاتَ، مَاتَ مِيتَةً جَاهِلِيَّةً، وَمَنْ قَاتَلَ تَحْتَ رَايَةٍ عِمِّيَّةٍ، يَغْضَبُ لِعَصَبَةٍ، أَوْ يَدْعُو إِلَى عَصَبَةٍ، أَوْ يَنْصُرُ عَصَبَةً، فَقُتِلَ، فَقِتْلَةٌ جَاهِلِيَّةٌ، وَمَنْ خَرَجَ عَلَى أُمَّتِي، يَضْرِبُ بَرَّهَا وَفَاجِرَهَا، وَلَا يَتَحَاشَى مِنْ مُؤْمِنِهَا، وَلَا يَفِي لِذِي عَهْدٍ عَهْدَهُ، فَلَيْسَ مِنِّي وَلَسْتُ مِنْهُ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

"කවරෙකු කටයුතු භාර පාලකයාාටඅවනත වීමෙන් බැහැර වී, එක් නායකයකු මත ඒකාබද්ධ වූ ඉස්ලාමීය කණ්ඩායම වෙන් කර, එසේ අවනත නොවී වෙන් වූ තත්ත්වයේම මිය යැදුණේ ද, අඥාන යුගයේ වාසීන් මිය ගියාක් මෙන් ඔහු ද මියැඳෙනු ඇත. ඔවුන් නායකයාට අවනත වූයේ නැත. එක් කණ්ඩායමක් වෙත එකතු වූයේ ද නැත. ඔවුහු බෙදී වෙන්ව ගොස් එකිනෙකා මරා ගත්තෝය." යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළහ. "සත්‍යයේ මුහුණුවර අසත්‍යයෙන් පැහැදිලි නොවන ධජයක් යටතේ සටන් කරන කවරෙකු වුව ද ඔහු කෝප වන්නේ තම ජනතාව හෝ තම ගෝත්‍රය කෙරෙහි වන උමතුව නිසා මිස ආගමට සහ සත්‍යයට සහාය දැක්වීමට නොවේ. එබැවින් ඔහු පැහැදිලි සාධකයකින් තොරව කිසිදු දැනුමකින් තොරව උමතුවාදයෙන් සටන් කරයි. ඔහු එම තත්වයේදී මරා දමනු ලැබුවහොත් එය අඥානයේ මියගියාක් හා සමාන ය" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සමාජයට විරුද්ධව කැරලි ගසන කවරෙකු වුව ද, ඔහු එහි ධාර් මිකයින් හා දුෂ්ඨයින් සියලු දනන් හට පහර දෙන අතර, ඔහු කරන දේ ගැන තැකීමක් නොකරයි. එහි දේවත්වය විශ්වාස කරන්නෙකු මරා දැමීමේ දඬුවමට ඔහු බිය නොවෙයි. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ හෝ ඔවුන්ගේ ගිවිසුම සමඟ කටයුතු කරන පාලකයන්ගේ ගිවිසුම ඉටු නොකරයි. එය කඩ කරයි. මෙය මහා පාපයන්ගෙන් එකකි. කවුරුන් එසේ කටයුතු කරන්නේද, මෙම දරුණු තර්ය ජනයට ඔහු සුදුස්සෙකු වන්නේය.

වචනාර්ථ

جَاهلية: منسوبة إِلى: الجهل، والمراد به: من مات على الكفر قبل الإسلام.

عِمِّية: الأمر الأعمى، أي الذي لا يستبين وجهه.

لعَصَبة: عصبة الرجل أقاربه من جهة الأب سموا بذلك؛ لأنهم يعصبونه ويعتصب بهم أي يحيطون به ويشتد بهم.

හදීසයෙන් උගත හැකි පාඩම්

අල්ලාහ්ට පිටුපාන කටයුතුවල හැර අනෙකුත් සියලු කටයුතුවල දී කටයුතු භාර පාලකයින්ට අවනත වීම අනිවාර්ය වේ.

නායකයාට අවනත වීමෙන් බැහැර ව කටයුතු කර, මුස්ලිම්වරුන්ගේ කණ්ඩායමෙන් වෙන් වන්නට බලන උදවියට මෙහි දැඩි තර්ජනයක් පවතී. එහෙයින් කවරෙකු එම තත්ත්වයේම මිය යැඳුනේ ද ඔහු අඥාන යුගයේ වාසීන් සිටි මාර්ගයේ මත මිය ගිය අයකු මෙන් වේ.

උමතුවෙන් මුරණ්ඩුවෙන් ඝාතනය කිරීම තහනම් බව මෙම හදීසයේ සඳහන්ව ඇත.

ගිවිසුම් ඉටු කිරීම අනිවාර්යය වේ.

නායකත්වයට අවනත වීම හා සාමුහික බැඳියාව තුළ ආරක්ෂාව, සැනසුම, සියලු තත්ත්වයන්හි විධිමත්භාවය මෙන්ම බොහෝ යහපත ඇත.

ජාහිලිය්යා නම් අඥාන යුගයේ විසූවන්ට සමාන වීමේ තහනම.

මුස්ලිම් සමූහයා සමග බැඳී සිටීමේ නියෝගය.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම්.

තවත් බලන්න (9)

شرح النووي على مسلم (12/ 238).

توضيح الأحكام من بلوغ المرام.

للبسام (6/ 179).

سبل السلام.

لمحمد الصنعاني (2/ 374).

منحة العلام شرح بلوغ المرام.

لعبد الله الفوزان (8/ 338).

مرقاة المفاتيح شرح مشكاة المصابيح.

لعلي القاري (6/ 2395).