අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට මෙසේ පැවසීය. "ඔබ මට කියවා පෙන්වනු
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට මෙසේ පැවසීය. "ඔබ මට කියවා පෙන්වනු" එවිට මම 'අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට පහළ වී තිබිය දී මම ඔබට කියවා පෙන්වන්න ද?' යැයි ඇසුවෙමි. එතුමාණෝ 'එසේය' යැයි පැවසූහ. එවිට "එසේ නම් අපි සෑම ජනතාවකින්ම සාක්ෂිකරුවෙකු ගෙනැවිත් ඔවුන්ට එරෙහිව සාක්ෂිකරුවෙකු ලෙස ඔබව ගෙන එන විට එය කෙසේ වේද?" යන තේරුම ගෙන දෙන (අල්-කුර්ආනය, 4:41) වැකිය දක්වා පැමිණෙන තෙක් අන්-නිසා පරිච්ඡේදය පාරායනය කළෙමි. ඉන්පසු එතුමාණෝ "දැන් ප්‍රමාණවත් ය." යනුවෙන් පැවසුහ. පසුව එතුමාණන් දෙස හැරී බැලුවෙමි. එවිට එතුමාණන්ගේ ඇස්වලින් කඳුළු වැටෙමින් තිබිණ.
قَالَ لِي النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «اقْرَأْ عَلَيَّ»، قُلْتُ: يَا رَسُولَ اللَّهِ، أَأَقْرَأُ عَلَيْكَ، وَعَلَيْكَ أُنْزِلَ؟ قَالَ: «نَعَمْ» فَقَرَأْتُ سُورَةَ النِّسَاءِ حَتَّى أَتَيْتُ إِلَى هَذِهِ الآيَةِ: {فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ، وَجِئْنَا بِكَ عَلَى هَؤُلاَءِ شَهِيدًا} [النساء: 41]، قَالَ: «حَسْبُكَ الآنَ» فَالْتَفَتُّ إِلَيْهِ، فَإِذَا عَيْنَاهُ تَذْرِفَانِ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් තමන්ට අල් කුර් ආනයේ කොටසක් කියවා පෙන්වන මෙන් ඉල්ල සිටියහ. එවිට හෙතෙම 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට අල් කුර්ආනය පහළ වී තිබිය දී මම ඔබට එය කියවා පෙන්වන්නේ කෙසේ ද?' යැයි විමසා සිටියේය. එවිට ඒතුමාණෝ 'වෙනත් කෙනෙකුගෙන් නොව ඔබෙන් එය සවන් දෙන්නට මම කැමැත්තෙමි' යැයි පැවසූහ. පසුව අන්-නිසා පරිච්ඡේදය පාරායනය කරන්නට ගත්තේය. "එසේ නම් අපි සෑම ජනතාවකින්ම සාක්ෂිකරුවෙකු ගෙනැවිත් ඔවුන්ට එරෙහිව සාක්ෂිකරුවෙකු ලෙස ඔබව ගෙන එන විට එය කෙසේ වේද?" යන තේරුම ගෙන දෙන (අල්-කුර් ආනය, 4:41) වැකිය දක්වා ළඟා වූ කල්හි නතර කළහ. එනම්: 'ඔබේ පරමාධිපතියාණන්ගේ දූත පණිවිඩය ඔබේ ප්‍රජාවට ඔබ දැනුම් දුන්නේ දැයි විමසා ඔවුන් වෙනුවෙන් ඔබව සාක්ෂිකරුවකු සේ අපි ඔබ කැඳවන විට, ඔබේ තත්ත්වය හා ඔබේ ප්‍රජාවේ තත්ත්වය කෙසේ නම් වනු ඇත්ද?' පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පාරායනය කිරීම දැන් නතර කරන මෙන් පවසා සිටියහ. ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය. මම එතුමාණන් දෙස හැරී බැලුවෙමි. එවිට එම තත්ත්වය ගැන බියවෙමින් හා තම ප්‍රජාව වෙත වූ කරුණාවෙන් එතුමාණන්ගේ ඇස් දෙකින් කඳුළු හැළෙන්නට විය.
අන්-නවවි තුමා මෙසේ පවසයි. අල් කුර්ආනය පාරායනයට සවන් දීම, එයට අවධානය යොමු කිරීම, එයට සවන් දෙන අතරතුර කඳුළු සැලීම, ඒ ගැන පරිශීලනය කිරීම යනාදිය නිර්දේශ කෙරෙන ලද සතුටුදායක ක්‍රියාවන්ය. එමෙන්ම තමා විසින්ම පාරායනය කිරීමට වඩා තේරුම් ගැනීමට සහ මෙනෙහි කිරීමට වඩාත් ඵලදායී වනු වස් තවත් කෙනෙකු ලවා සවන් දීමට හැකි වන පරිදි පාරායනය කර පෙන්වන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටීම ද නිර්දේශ කෙරේ.
අල්-කුර්ආනය කියවීමේදී මෙන්ම එයට සවන් දීම තුළ ද කුසල් ඇත.
අබ්දුල්ලා බින් මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා සතු මහිමය. දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඔහුගේ මුවින් එය අසන්නට ප්‍රිය කර ඇත. අල්-කුර්ආනය අධ්‍යයනය කිරීමට, එය කටපාඩම් කිරීමට සහ එය ප්‍රගුණ කිරීමට ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා තුළ තිබූ උනන්දුව මෙයින් පෙන්නුම් කෙරේ.
අල් කුර්ආනයේ වදන් සවන් වැකුණු විටෙක ශාන්තභාවයෙන් යුතුව හා අලංකාර ලෙස නිශ්ශබ්දතාවය පවත්වා ගනිමින් කෑ ගැසීමෙන් තොරව ඒ සම්බන්ධයෙන් අල්ලාහ්ට බියෙන් හැඬීමේ මහිමය.
සහීහුුල් බුහාරි (6/ 196) (5050).
සහීහ් මුස්ලිම් (1/ 551) (800).
තවත් බලන්න (8)
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (7/ 133).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 515).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 402).
شرح رياض الصالحين.
لابن عثيمين (3/ 342).