Skip to content

“අල්ලාහ්ගේ දූතයාණන් සමග එක්ව එකම භාජනයෙන් මම ස්නානය කරන්නෙකු වූයෙමි. අප දෙදෙනාම (ස්නානය අනිවාර්යය වූ) ජුනුබ් තත්ත්වයේ පසුවූයෙමු. එතුමා මට නියෝග කළ පරිදි මම වසා ගත්තෙමි. පසුව මම ඔසප් තත්ත්වයේ සිටියදීම මා සමග එතුමා පහස වින්දහ

දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.

“අල්ලාහ්ගේ දූතයාණන් සමග එක්ව එකම භාජනයෙන් මම ස්නානය කරන්නෙකු වූයෙමි. අප දෙදෙනාම (ස්නානය අනිවාර්යය වූ) ජුනුබ් තත්ත්වයේ පසුවූයෙමු. එතුමා මට නියෝග කළ පරිදි මම වසා ගත්තෙමි. පසුව මම ඔසප් තත්ත්වයේ සිටියදීම මා සමග එතුමා පහස වින්දහ. එමෙන්ම එතුමා ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියදී එතුමා එතුමාගේ හිස මා වෙත හෙළි කරයි. මම ඔසප් තත්ත්වයේ සිටිය දී එය සෝදා හැරියෙමි.”

كُنْتُ أَغْتَسِلُ أَنَا وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءٍ وَاحِدٍ كِلاَنَا جُنُبٌ، وَكَانَ يَأْمُرُنِي، فَأَتَّزِرُ، فَيُبَاشِرُنِي وَأَنَا حَائِضٌ، وَكَانَ يُخْرِجُ رَأْسَهُ إِلَيَّ وَهُوَ مُعْتَكِفٌ فَأَغْسِلُهُ وَأَنَا حَائِضٌ.

متفق عليه
صحيح
المعنى الإجمالي

දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය අල්ලාහ්ගේ දූතයාණන් සමග වූ විශේෂිත අවස්ථාවන් ගැන තොරතුරු දන්වා සිටියාය. ඒ අතරින් ඇය ජනාබත් තත්ත්වයේ සිටිය දී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සමග එකම බඳුනක එකට ස්නානය කර සිටීම ද එකකි. ඇය ඔසප් තත්ත්වයේ සිටිය දී එතුමාණන් ඇය සමග පහස විඳින්නට අපේක්ෂා කළ විට ඇගේ ඉණ සිට දණහිස් දක්වා වූ ශරීර කොටස ආවරණය කර ගන්නා මෙන් නියෝග කළහ. පසුව සංසර්ගයේ නිරත වීමෙන් තොරව ඇය සමග පහස වින්දහ. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉඃතිකාෆ් හෙවත් මස්ජිදයේ රැඳී සිටියදී තම හිස ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය වෙත දිගු කරයි. එවිට ඇය නිවසේ ඔසප් තත්ත්වයේ පසුවූවාය.

معاني بعض المفردات

...:

من فوائد الحديث

ස්වාමි පුරුෂයා තම බිරිය සමඟ එකම බඳුණක ස්නානය කිරීමේ අවසරය.

ඔසප් තත්ත්වයේ පසුවන තම බිරිය සමඟ සංසර්ගයේ නියැළීමෙන් තොරව පහස විඳීමේ අවසරය. සැබැවින්ම ඇගේ ශරීරය පිරිසිදු ය.

පහස විඳින අවස්ථාවේ යට ඇඳුමක් ඇඳ සිටීම සතුටුදායකය.

තහනම් කරුණක වැටීමෙන් වළක්වා ගන්නා හේතු සාධක පිළිපැදීම.

ඔසප් කාන්තාව මස්ජිදයේ රැඳී සිටීමෙන් වැළකී සිටීම.

තෙත් හෝ වියළි දෑ ඔසප් කාන්තාව ස්පර්ශ කිරීමේ අනුමැතිය. හිසකෙස් සේදීම හා හිස පීරීම ද ඉන් එකකි.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පවුල සමඟ ගත කළ යහපත් පවුල් ජීවිතය.

المراجع والمصادر

(1/ 255) (319).

المزيد (8)

صحيح البخاري (1/ 67) (299 - 301).

صحيح مسلم (1/ 244) (297).

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 66).

تيسير العلام شرح عمدة الأحكام.

للبسام (ص79).

تنبيه الأفهام شرح عمدة الأحكام.

لابن عثيمين (1/ 76).