“අඳුරු රාත්‍රියේ කොටසක් මෙන් වන අර්බූදය, දැහැමි ක්‍රියාවන් තුළින් (අබිබවන්නට) යුහුසුළු වන්න
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අඳුරු රාත්‍රියේ කොටසක් මෙන් වන අර්බූදය, දැහැමි ක්‍රියාවන් තුළින් (අබිබවන්නට) යුහුසුළු වන්න. මිනිසා උදෑසන දේවත්වය විශ්වාස කළ අයකු ලෙස අවදි වෙයි. සවස දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් වෙයි. එමෙන්ම ඔහු දේවත්වය විශ්වාස කළ අයකු ලෙස සවස් කාලයට එළැඹෙයි. උදෑසන දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු ලෙස අවදි වෙයි. මෙලොව ඇති වස්තුව වෙනුවට තම දහම විකුණා දමයි."
«بَادِرُوا بِالْأَعْمَالِ فِتَنًا كَقِطَعِ اللَّيْلِ الْمُظْلِمِ، يُصْبِحُ الرَّجُلُ مُؤْمِنًا وَيُمْسِي كَافِرًا، أَوْ يُمْسِي مُؤْمِنًا وَيُصْبِحُ كَافِرًا، يَبِيعُ دِينَهُ بِعَرَضٍ مِنَ الدُّنْيَا».
දැහැමි ක්‍රියාවන් අවහිර කරන, ඉන් වළක්වාලන සැක හා අර්බූධ පැමිණීම හේතුවෙන් එම දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමෙන් වෙනතකට යොමු කිරීමට හා ඒ ගැන නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට පෙර, ඒවා අධිකව ඉටු කිරීමටත් ඒ වෙත යුහුසුළු වීමටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා ව දිරිමත් කර ඇත. එය රාත්‍රියේ කොටසක් මෙන් අන්ධකාරය. එහි සත්‍යය, අසත්‍යය සමග මුසු වී පවතී. ඒ දෙක අතර වෙන්කර හඳුනා ගැනීමට මිනිසුනට දුෂ්කර වෙයි. එහි බරපතලකම නම්, මිනිසා උදෑසන දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු ලෙසින් අවදි වී සවස් කාලයේ දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයකු බවට පත්වනු ඇත. සවස් කාලයේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු සේ අවදි වී උදෑසන දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් වෙයි. මෙලොව ක්ෂණික වින්දනයන් සමග තම ආගම පවා අත්හැර දමයි.
දහම පිළිපැදීමේ හා ධාර්මික කටයුතු වළක්වාලන හේතු පැමිණීමට පෙර ඒවා ඉටු කිරීම සඳහා යුහුසුළු වීම අනිවාර්යය වේ.
අවසන් කාලයේ නොමග යවන සුළු අර්බූද පිළිපදිනු ලබන බව පෙන්වා දී ඇත. අර්බූදයක් පහව ගිය සෑම කලකම ඊට පරව තවත් අර්බූදයක් මතුවනු ඇත.
යම් පුද්ගලයෙකුගේ ආගම දුර්වල වී නම් සහ ඔහු එය මුදල් හෝ වෙනත් දේවල් වැනි ලෞකික කාරණා සඳහා හුවමාරු කර ගන්නේ නම්, මෙය ඔහුගේ අපගමනයට, ආගම අත්හැරීමට සහ ඔහු අර්බූදවලට තල්ලු වීමට හේතුවකි.
යහ ක්‍රියාවන් අර්බූදවලින් මිදීමේ මාධ්‍යයක් බව හදීස්වල සාක්ෂි සහතික කරයි.
අර්බූද කොටස් දෙකකි: සැකය සමග වන අර්බූද. එහි ප්‍රතිකාරය දැනුම්වත්වීමයි. ආශාවන් සමග වන අර්බූද එහි ප්‍රතිකාරය දේවත්වය විශ්වාස කිරීම හා ඉවසීමයි.
මෙම හදීසයේ කවරෙකු අඩුවෙන් නැමදුම් කරන්නේ ද ඔහු වෙත අර්බූද සීඝ්රයෙන් පැමිණෙනු ඇති බවත් කවරෙකු අධික වශයෙන් නැමදුම් කරන්නේ ද ඔහු අසළ ඇති දෑ ගැන ඔහු නොරැවටිය යුතු බවත් පෙන්වා දී ඇත. දැහැමි ක්‍රියාවන් අධිකව ඉටු කරන්නට වග බලා ගත යුතුය.
සහීහ් මුස්ලිම් (1/ 110) (118).
තවත් බලන්න (6)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 169).
شرح رياض الصالحين.
لابن عثيمين (2/ 16).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 122).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- الخطب المنبريةموسوعة الخطب المنبرية (القسم الأول)«إِنَّهَا فِتَنٌ كَقِطَعِ اللَّيْلِ الْمُظْلِمِ، يُصْبِحُ الرَّجُلُ مُؤْمِنًا وَيُمْسِي كَافِرًا، وَيُمْسِي مُؤْمِنًا وَيُصْبِحُ كَافِرًا، يَبِيعُ دِينَهُ بِعَرَضٍ مِنَ الدُّنْيَا»
- مادة العقيدة الإسلامية(بادروا بالأعمال فتنًا كقطع الليل المظلم؛ يصبح الرجل مؤمنًا ويمسي كافرًا، أو يمسي مؤمنًا ويصبح كافرًا، يبيع دينه بعرض من الدُّنيا )[119]
- مجموعة زاد التربية الإسلامية (4)التربية الإسلامية 4«بادِرُوا بِالأَعْمالِ فِتَنًا كَقِطَعِ اللَّيْلِ المُظْلِمِ، يُصْبِحُ الرَّجُلُ مُؤْمنًا وَيُمْسِي كافِرًا، أَوْ يُمْسِي مُؤْمنًا وَيُصْبِحُ كافِرًا، يَبِيعُ دِينَهُ بِعَرَضٍ منَ الدُّنْيا».