Skip to content

මුහම්මද්ගේ ජිවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. අහසේ ඇති තරු හා ග්‍රහ තාරකා වලට වඩා බහුල ව එහි භාජන තිබේ

අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, එම තටාකයේ භාජන මොනවා ද?" යැයි මම ඇසුවෙමි. එතුමාණෝ: "මුහම්මද්ගේ ජිවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. අහසේ ඇති තරු හා ග්‍රහ තාරකා වලට වඩා බහුල ව එහි භාජන තිබේ. දැනගන්න ඒවා අඳුරු හා පැහැදිලි රාත්‍රියේ පවතින්නාක් මෙනි. ස්වර්ගයේ භාජන වනාහි, කවරෙකු ඉන් පානය කළේ ද ඔහුට අවසානය දක්වාම පිපාසය ඇති වන්නේ නැත. ස්වර්ග උයනින් වූ ජල පහරවල් දෙකක් එහි ගලා යති. කවරෙකු ඉන් පානය කළේ ද ඔහුට පිපාසය ඇති නොවේ. එහි පළල එහි දිග හා සමානය. එය අම්මාන් සිට අයිලා දක්වා අතර වූ දුර ප්‍රමාණයකි. එහි ජලය කිරියට වඩා තද සුදු පැහැතිය. එමෙන්ම මී පැණියට වඩා ඉමිහිරිය."

قُلْتُ: يَا رَسُولَ اللهِ مَا آنِيَةُ الْحَوْضِ؟ قَالَ: «وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَآنِيَتُهُ أَكْثَرُ مِنْ عَدَدِ نُجُومِ السَّمَاءِ وَكَوَاكِبِهَا، أَلَا فِي اللَّيْلَةِ الْمُظْلِمَةِ الْمُصْحِيَةِ، آنِيَةُ الْجَنَّةِ مَنْ شَرِبَ مِنْهَا لَمْ يَظْمَأْ آخِرَ مَا عَلَيْهِ، يَشْخَبُ فِيهِ مِيزَابَانِ مِنَ الْجَنَّةِ، مَنْ شَرِبَ مِنْهُ لَمْ يَظْمَأْ، عَرْضُهُ مِثْلُ طُولِهِ، مَا بَيْنَ عَمَّانَ إِلَى أَيْلَةَ، مَاؤُهُ أَشَدُّ بَيَاضًا مِنَ اللَّبَنِ، وَأَحْلَى مِنَ الْعَسَلِ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම ජල තටාකයෙහි භාජන තරු හා ග්‍රහලෝක වලට වඩා අධික ව පවතින බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිවුරා පවසා ඇත. ඒවා සඳ නැති අඳුරු රාත්‍රියෙහි දිස් වන්නාක් මෙනි. සද පවතින රාත්‍රියෙහි සඳුගේ ආලෝකය හේතුවෙන් ඒවා සැඟවී ඇති බැවින් ඒවා පැහැදිලිව නොපෙනේ. එමෙන්ම එහි වළාකුළු නැති රාත්‍රියෙහි දිස්වන්නාක් මෙනි, වළාකුළු පවතින්නේ නම් තාරකා දැක ගැනීමට අවහිර වේ. සැබැවින්ම ස්වර්ගයේ භාජන වනාහි, කවරෙකු එහි ඇති පානයෙන් පානය කළේ ද ඔහුට කිසිවිටෙක පිපාසය ඇති වන්නේ නැත. පානය කරන්නාට ඇති වන අවසාන පිපාසය එය වේ. සැබැවින්ම එම තටාකය වනාහි, එහි ස්වර්ගයෙන් වූ ජල පහරවල් දෙකක් ගලා යති. එහි පළල දිගට සමාන වේ. තටාකය කොන් වලින් සමාන වන අතර එහි දිග සිරියාවේ බල්කා හි නගරයක් වන අම්මාන් සහ සිරියා දේශයෙන් පිටත පිහිටි සුප්‍රසිද්ධ නගරයක් වන අයිලා අතර ඇති දුරට සමාන වේ. තටාකයේ ජලය කිරියට වඩා සුදෝවන් සුදුය. ඔහුගේ මිහිර මී පැණි සුවයට වඩා මිහිරිය.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

හවුල් නම් තටාකය හා එහි ඇති ප්‍රමෝදය පිළිබඳ සාක්ෂි.

තටාකයේ විශාලත්වය, එහි දිග හා පළල මෙන්ම එහි ඇති භාජනවල බහුලත්වය.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 1798) (2300).

තවත් බලන්න (2)

النهاية في غريب الحديث والأثر لابن الأثير (ص55/643/ 469).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (37/ 369).