Skip to content

සැබැවින්ම අල්ලාහ් එම ක්‍රියාව පිළිගන්නේ එහි අවංකභාවය පිහිටන්නේ නම් හා එමගින් ඔහුගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන්නේ නම් පමණි. (ඒ හැර වෙනත් දෑ පිළිගන්නේ නැත.)

අබූ උමාමා අල්-බාහිලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "කුසල් සහ මෙනෙහි කිරීම සොයමින් යුද වදින මිනිසකු ගැන ඔබේ අදහස කුමක් ද? ඔහුට යමක් සතු වන්නේ ද?" යැයි විමසුවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): 'ඔහුට කිසිවක් සතු වන්නේ නැත' යැයි පිළිතුරු දුන්හ. ඔහු එය තුන් වරක්ම ඒලෙස විමසා සිටියේය. අල්ලාහ්ගේ දූතයාණෝ පවසා සිටියේ 'ඔහුට කිසිවක් සතු වන්නේ නැත' යන වගයි. තවදුරටත් එතුමාණෝ "සැබැවින්ම අල්ලාහ් එම ක්‍රියාව පිළිගන්නේ එහි අවංකභාවය පිහිටන්නේ නම් හා එමගින් ඔහුගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන්නේ නම් පමණි. (ඒ හැර වෙනත් දෑ පිළිගන්නේ නැත.)"

جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: أَرَأَيْتَ رَجُلًا غَزَا يَلْتَمِسُ الْأَجْرَ وَالذِّكْرَ، مَا لَهُ؟ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لَا شَيْءَ لَهُ» فَأَعَادَهَا ثَلَاثَ مَرَّاتٍ، يَقُولُ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لَا شَيْءَ لَهُ» ثُمَّ قَالَ: «إِنَّ اللَّهَ لَا يَقْبَلُ مِنَ الْعَمَلِ إِلَّا مَا كَانَ لَهُ خَالِصًا، وَابْتُغِيَ بِهِ وَجْهُهُ»

නසාඊ එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ අල්ලාහ්ගෙන් කුසල් මෙන්ම මිනිසුන් අතරින් ප්‍රශංසාව හා මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙන් යුද පිටියට ජිහාද් සඳහා පිටත්ව යන තැනැත්තෙකුට හිමි වන ප්‍රතිඵල කුමක් දැයි විමසා එහි නීතිය දැන ගන්නට පැමිණියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): 'ඔහුට කිසිදු කුසලක් සතු වන්නේ නැත' යැයි පිළිතුරු දුන්හ. ඊට හේතුව ඔහුගේ චේතනාව තුළ අල්ලාහ් නොවන වෙනත් අරමුණක් ද මිශ්‍ර වී තිබෙන බැවිනි. එම තැනැත්තා එතුමාණන්ගෙන් එය තුන් වරක්ම විමසා සිටියේය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) 'ඔහුට කිසිදු කුසලක් සතු වන්නේ නැත' යැයි එකම පිළිතුර ලබා දීමෙන් එය සහතික කළහ. පසුව අල්ලාහ් අබියස ක්‍රියාව පිළිගැනීම සඳහා තිබිය යුතු රීතිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට දන්වා සිටියහ: සැබැවින්ම අල්ලාහ් එම ක්‍රියාව පිළිගන්නේ එහි කිසිවක් හවුල් කිරීමෙන් තොරව එමෙන්ම එය අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා පමණක් සිදු කරන්නේ නම් පමණි යැයි දන්වා සිටියහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් පමණක් පුද කරන අවංක චේතනාව හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟ පෙන්වීම අනුව එම ක්‍රියාවන් අනුගත වන්නේ නම් මිස අල්ලාහ් ඒවා පිළිගන්නේ නැත.

විසඳුම් ලබා දෙන මුෆ්තිවරයකුගේ පිළිතුර අලංකාර වන්නේ එම ප්‍රශ්නය විමසන්නාගේ අරමුණ පූර්ණ කිරීමක් මෙන්ම ඊට වැඩි යමක් එහි වීමය.

ප්‍රශ්නය නැවත නැවතත් විමසීමෙන් අති වැදගත් කරුණු සහතික කර ගැනීම.

සැබෑ මුජාහිද් වරයා ( යුද වදින්නා) යනු මතුලොව කුසල් හා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් අල්ලාහ්ගේ ප්‍රකාශය උසස් වනු පිණිස කැප වන්නා මිස මෙලොව ප්‍රතිඵල අපේක්ෂාවෙන් යුද වදින කෙනෙකු නොවේ.

මූලාශ්‍ර

සුනන් අන් නසාඊ (6/ 25) (3140).

තවත් බලන්න (4)

الترغيب والترهيب (2/194).

جامع العلوم والحكم (1/75).

نيل الأوطار (7/245).

ذخيرة العقبى في شرح المجتبى (26/205).