Skip to content

“නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පවරනු ලැබූ දෑ ඔවුන් මත (පැවරුණු වගකීම) ය. නුඹලා මත පවරනු ලැබූ දෑ නුඹලා මත (පැවරුණු වගකීම)ය.” යැයි පැවසූහ

වාඉල් ඉබ්නු අල්-හළ්රමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. වරක් සලමා ඉබ්නු යසීද් අල් ජුඃෆී (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ විමසා සිටියේය.

"අහෝ අල්ලාහ්ගේ නබිවරය! නායකයෝ අපට එරෙහිව නැගී සිට ඔවුන්ගේ අයිතිය අපෙන් ඉල්ලා සිටිය ද අපගේ අයිතීන් ඔවුන් වළක්වන්නේ නම් ඒ ගැන ඔබ සිතන්නේ කෙසේ ද? ඔබ අපට අණ කර සිටින්නේ කුමක්ද?" එවිට එතුමාණෝ එය නොසළකා හැරියහ. පසුව නැවතත් එතුමාගෙන් විමසුවේය. එවිට ද එතුමාණෝ එය නොසළකා හැරියහ. පසුව දෙවන වතාවේ හෝ තුන්වන වතාවේ හෝ විමසා සිටිය දී අෂ්අස් ඉබ්නු කයිස් තුමා එතුමාව ඇද්දේය. තවද එතුමාණෝ “නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පවරනු ලැබූ දෑ ඔවුන් මත (පැවරුණු වගකීම) ය. නුඹලා මත පවරනු ලැබූ දෑ නුඹලා මත (පැවරුණු වගකීම)ය.” යැයි පැවසූහ.

يَا نَبِيَّ اللهِ، أَرَأَيْتَ إِنْ قَامَتْ عَلَيْنَا أُمَرَاءُ يَسْأَلُونَا حَقَّهُمْ وَيَمْنَعُونَا حَقَّنَا، فَمَا تَأْمُرُنَا؟ فَأَعْرَضَ عَنْهُ، ثُمَّ سَأَلَهُ، فَأَعْرَضَ عَنْهُ، ثُمَّ سَأَلَهُ فِي الثَّانِيَةِ أَوْ فِي الثَّالِثَةِ، فَجَذَبَهُ الْأَشْعَثُ بْنُ قَيْسٍ، وَقَالَ: «اسْمَعُوا وَأَطِيعُوا، فَإِنَّمَا عَلَيْهِمْ مَا حُمِّلُوا، وَعَلَيْكُمْ مَا حُمِّلْتُمْ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

තමන්ට ඇහුන්කන් දීමට හා අවනත වීමට නියෝග කරමින් තම අයිතීන් පමණක් ජනතාවගෙන් ඉල්ලා හිඳ, ඔවුන් කෙරෙහි නියම වූ යුක්තිය පසදලීම, පොදු දේපල නිසි අයුරින් බෙදා දීම, අපරාධ වළක්වාලීම හා සමසේ කටයුතු කිරීම යනාදී මිනිසුන්ගේ වගකීම් පැහැර හරින පාලකයින් පිළිබඳව හා ඔවුන් සමග අප කටුයුතු කළ යුත්තේ කෙසේදැ?යි ඔබ අපට අණ කර සිටින්නේ කුමක්දැයි යන වග නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ එය නොසළකා හැරියහ. එම ප්‍රශ්ණය එතුමාණෝ පිළිකුල් කර සිටියාක් මෙන් විය. නමුත් ප්‍රශ්න කරන්නා දෙවන තුන්වන වතාවටත් එසේ ප්‍රශ්න කර සිටියේය. එවිට අසා සිටින්නා නිහඩ කිරීම සඳහා අෂ්අස් ඉබ්නු කයිස් (රළියල්ලාහු) තුමා ඔහුව පැත්තකට ඇද්දේය. එවිට, සල්ලල්ලාහු තුමාණෝ පිළිතුරු දෙන්නට වූහ: “නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුන්ගේ කටයුතුවල දී ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පැවරෙනුයේ යුක්තිය පසඳලීම හා පාලනය සතු වගකීම් ඉටු කිරීම යනාදී පැවරුණු වගකීම් ය. නුඹලා මත පැවරෙනුයේ අවනත වීම, වගකීම් ඉටු කිරීම පරීක්ෂණ මත ඉවසීමෙන් කටයුතු කිරීම යනා දී පැවරුණු වගකීම්ය.

හදීසයෙන් උගත හැකි පාඩම්

පාලකයින්, ඔවුන්ගේ පාලන වගකීම් පැහැර හැරිය ද, සර්වබලධාරී අල්ලාහ් පිළිගන්නා තත්ත්වයේ පසුවන සෑම අවස්ථාවකදීම ඔවුනට සවන් දීමට හා අවනත වීමට කෙරෙන නියෝගය.

පාලකයන් තම රාජකාරියේ දක්වන නොසැලකිලිමත්කම නිසා, ඊට ප්‍රතිචාර වශයෙන් ජනතාව තම රාජකාරියේ නොසැලකිලිමත්කම් පෙන්වීම සාධාරණීකරණය නො කරයි. සෑම කෙනෙකුම ඔහුගේ කාර්යයට වගකිව යුතු අතර ඔහුගේ අඩුපාඩු සඳහා වගකිව යුතුය.

ආගම පදනම් වන්නේ භාණ්ඩ හුවමාරු කිරීම් මත නොව, මෙම හදීසයේ දක්වා ඇති පරිදි, අනෙක් තැනැත්තා තමාට කළ යුතු දේ කිරීමට අපොහොසත් වුවද, තමන්ට පැවරණු අනිවාර්ය දෙය සඳහා කැපවීම මත ය.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (3/ 1474) (1846).

තවත් බලන්න (8)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 719).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 664).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص432).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 553).