Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අහෝ අල්ලාහ්ගේ නබිවරය! නායකයෝ අපට එරෙහිව නැගී සිට ඔවුන්ගේ අයිතිය අපෙන් ඉල්ලා සිටිය ද අපගේ අයිතීන් ඔවුන් වළක්වන්නේ නම් ඒ ගැන ඔබ සිතන්නේ කෙසේ ද? ඔබ අපට අණ කර සිටින්නේ කුමක්ද?" එවිට එතුමාණෝ එය නොසළකා හැරියහ. පසුව නැවතත් එතුමාගෙන් විමසුවේය. එවිට ද එතුමාණෝ එය නොසළකා හැරියහ. පසුව දෙවන වතාවේ හෝ තුන්වන වතාවේ හෝ විමසා සිටිය දී අෂ්අස් ඉබ්නු කයිස් තුමා එතුමාව ඇද්දේය. තවද එතුමාණෝ “නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පවරනු ලැබූ දෑ ඔවුන් මත (පැවරුණු වගකීම) ය. නුඹලා මත පවරනු ලැබූ දෑ නුඹලා මත (පැවරුණු වගකීම)ය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අප අතර නැගිට හදවත් සසල කළ, ඇස්වලින් කඳුළු වැගිරවූ චතුරාර්ය උපදෙසක් අපට දේශනා කළහ. එවිට 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සමුගන්නෙකු විසින් කරන උපදෙසක් අපට දේශනා කළෙහිය. එබැවින් ඔබ අපට ප්‍රතිඥාවක් දෙන්නැයි' පවසනු ලැබීය. එවිට එතුමාණෝ "ඔබ සැම අල්ලාහ්ට භක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළු ජාතික) ඉතියෝපියානු වහලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරුණු ලෙස ගැටුම් දකිනු ඇත. එහෙයින් ඔබ මාගේ සුන්නාව හා යහමඟ ලැබූ 'අල්-කුලෆාඋර් රාෂිදූන් හෙවත් (ප්‍රධාන) පාලකයින්ගේ සුන්නාව පිළිපදිනු. ඒවා පුරස්චාර්වක දත්වලින් අල්ලා ගනු. අලුතින් ඇති කරන සෑම කරුණක්ම නොමඟය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
"අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් ද, වහලෙක් ඔබ කෙරෙහි නායකත්වය දැරුව ද ඔහුට සවන් දී අවනත වන මෙන් ද, මම ඔබ සැමට උපදෙස් දෙමි. මගෙන් පසුව කවරෙකු ඔබ අතරින් ජීවත් වන්නේ ද ඔහු බොහෝ මතභේද දකිනු ඇත. එබැවින් මාගේ පිළිවෙත හා ඍජු ලැබූ යහමග පෙන්වන ප්‍රධාන පාලකයින්ගේ පිළිවෙත ද පිළිපදින්න. චාර්වක දත්වලින් ඒවා තදින් අල්ලා ගන්න. කරුණු අතරින් නිර්මාණ කරන ලද නවක දැයින් වැළකී සිටින්න. නිර්මාණ කරන ලද සෑම නවෝත්පාදනයක්ම මුලාවකි."
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ තිර්මිදි එය වාර්තා කර ඇත.
“දහම උපදෙසකි” අපි, ‘කවුරුන් වෙනුවෙන් දැ’යි විමසා සිටියෙමු. එතුමා, අල්ලාහ් වෙනුවෙන් ද, ඔහුගේ ග්‍රන්ථය වෙනුවෙන් ද, ඔහුගේ දූතයා වෙනුවෙන් ද, මුස්ලිම් සමාජය වෙනුවෙන් ද, ඔවුන් අතර සිටින පොදු ජනතාව වෙනුවෙන් ද විය යුතුය.” යැයි කීහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම බොරු පවසන, අපරාධකම් කරන පාලකයින් මතු බිහිවනු ඇත. එබැවින් කවරෙකු ඔවුන්ගේ බොරුව සම්බන්ධයෙන් ඔවුන්ව සහතික කර ඔවුන්ගේ අපරාධකම්වලට ඔවුනට සහය දෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේ ය. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි. මා වෙත ඇති (හවුළුල් කව්සර්) තටාකය වෙත ඔහු පැමිණෙන්නේ ද නැත. කවරෙකු ඔවුන් ගේ බොරුව සත්‍යය බව සහතික නොකර ඔවුන්ගේ අපරාධකම්වලට සහාය නොදෙන්නේ ද ඔහු මගෙන් කෙනෙකි. මම ද ඔහුගෙන් කෙනෙකි. මා වෙත ඇති තටාකය වෙත ඔහු පැමිණෙනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.