Skip to content

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළේය.: "මළවුන් කෙරෙන් නැවත නැගිටවනු ලබන දිනයේදී මම තිදෙනෙකුට විරුද්ධව කතා කරමි

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළේය.: "මළවුන් කෙරෙන් නැවත නැගිටවනු ලබන දිනයේදී මම තිදෙනෙකුට විරුද්ධව කතා කරමි.: මාගේ නාමයෙන් ගිවිසුමක් ඇති කර ගෙන එය කඩ කළ මිනිසා, නිදහස් මිනිසෙකු විකුණා ඉන් ලැබූ මුදල් පරිභෝජනය කළ මිනිසා සහ සේවකයෙකු කුලියට ගෙන ඔහුගේ සම්පූර ණ සේවය ලබා ගත් නමුත් ඔහුට ඔහුගේ වැටුප නොගෙවූ මිනිසා.”

«قَالَ اللَّهُ تَعَالَى: ثَلاَثَةٌ أَنَا خَصْمُهُمْ يَوْمَ القِيَامَةِ: رَجُلٌ أَعْطَى بِي ثُمَّ غَدَرَ، وَرَجُلٌ بَاعَ حُرًّا فَأَكَلَ ثَمَنَهُ، وَرَجُلٌ اسْتَأْجَرَ أَجِيرًا فَاسْتَوْفَى مِنْهُ وَلَمْ يُعْطِهِ أَجْرَهُ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම කණ්ඩායම් තුනකට විරුද්ධව වාද කරමි. ඒ ගැන කවුරු වාද කර සිටිය ද ඔහුට එරෙහිව මම වාද කර ඔහු පරාජය කරමි. පළමුවැන්නා: අල්ලාහ් මත දිවුරා පොරොන්දු දී යම් ගිවිසුමක් ඇති කර ගත් පසු එය කඩ කරන, එය අහෝසි කරන පුද්ගලයා. දෙවැන්නා: නිදහස් පුද්ගලයකු වහලෙකු බව පවසමින් ඔහු විකුණා ඉන් ලැබෙන ලාබය භුක්ති විඳින්නා සහ එහි මිල පරිභෝජනය කරන්නා. තුන්වැන්නා: සේවයක් සඳහා කුලී කරුවකු කුලියට ගෙන ඔහුගේ එම සේවය සම්පූර්ණයෙන් ලබා ඔහුගේ සේවයේ වටිනාකමට සරිලන පරිදි ඔහුට නොගෙවන තැනැත්තා.

හදීසයෙන් උගත හැකි පාඩම්

මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන දන්වා සිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ "..ඉලාහී" (දිව්‍ය ප්‍රකාශය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වූවකි. නමුත් එය කියවීම නැමදුමක් බවට පත් කර ගැනීම, ඒ සඳහා පිරිසිදුභාවයේ අවශ්‍යතාව, අභියෝග කිරීම, ප්‍රාතිහාර්යය වැනි සෙසු දැයින් වෙන් කර හඳුනාගත හැකි අල් කුර් ආනයේ ලක්ෂණ එහි නැත.

සින්දි තුමා මෙසේ පවසයි. මෙය තුන් ආකාරයේ පුද්ගලයින්ට පමණක් සීමා කරමින් පැවසූවක් නොවේ. මක්නිසාදයත් පොදුවේ සියලුම අපරාධකරුවන්ට එරෙහිව උත්තරීතරයාණන් වාද කරනු ඇත. නමුත් මෙවන් ගතිගුණ ඇත්තන් සම්බන්ධයෙන් විශේෂයෙන් පවසා ඇත්තේ ඔවුන්ගේ ක්‍රියාවේ බරපතලකම පෙන්වා දීම සඳහාය.

ඉබ්නුල් ජව්සි තුමා මෙසේ පවසයි. නිදහස් පුද්ගලයා යනු අල්ලාහ්ගේ ගැත්තෙකි. කවරෙකු ඔහුට විරුද්ධව අපරාධයක් කරන්නේ ද ඔහුගේ ස්වාමියා ඔහුට එරෙහි වනු ඇත. ඔහු අල්ලාහ් ය.

කඃත්තාබී තුමා මෙසේ පවසයි. නිදහස් පුද්ගලයෙකුගේ වහල්භාවය ක්‍රම දෙකකින් සිදු වේ: ඔහුව නිදහස් කළ පසුව එය සඟවා හෝ ප්‍රතික්ෂේප කිරීමෙන්. දෙවැන්න: ඔහුව නිදහස් කිරීමෙන් පසු බලහත්කාරයෙන් සේවයේ යෙදවීමෙන්. පළමුවැන්න වඩාත් බරපතල ය. එසේ මම පවසා සිටින්නේ අදාළ හදීසය වඩාත් බරපතල නිසාවෙනි. මන්ද, එහි ඔහුගේ නිදහස් භාවය සැඟවීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අමතරව, ඔහුව විකුණා ඉන් ලැබෙන ආදායම පරිභෝජනය කිරීම එයට ඇතුළත් වන බැවිනි. එබැවින්, එයට විරුද්ධව කෙරී ඇති අනතුරු ඇඟවීම වඩාත් දරුණු ය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (3/ 90) (2270).

තවත් බලන්න (3)

فتح ذي الجلال والإكرام بشرح بلوغ المرام (4/ 252).

إرشاد الساري لشرح صحيح البخاري (4/ 108).

مرشد ذوي الحجا والحاجة إلى سنن ابن ماجه والقول المكتفى على سنن المصطفى (14/ 211).