Skip to content

ඔබ මේ චන්ද්‍රයා දකින සේ සැබැවින්ම ඔබේ පරමාධිපතිව ඔබ දකිනු ඇත. ඔහුව දැකීමේදී ඔබ වෙහෙසට පත් නොවනු ඇත

ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ පුන් සඳ රාත්‍රියක චන්ද්‍රයා දෙස බලා මෙසේ පැවසූහ. “ඔබ මේ චන්ද්‍රයා දකින සේ සැබැවින්ම ඔබේ පරමාධිපතිව ඔබ දකිනු ඇත. ඔහුව දැකීමේදී ඔබ වෙහෙසට පත් නොවනු ඇත. තවද හිරු උදාවීමට පෙර හා එය අවරට යාමට පෙර පවතින සලාතය අතපසු නොකිරීමට ඔබට හැකිනම් ඔබ ඉටු කරනු. යැයි පැවසූහ. පසුව 'හිරු උදාවීමට පෙර හා අවරට යෑමට පෙර ඔබේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ කරනු' යන (අර්ථය ඇතුළත්) පාඨය එතුමාණෝ පාරායනය කළහ.

كُنَّا عِنْدَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَنَظَرَ إِلَى الْقَمَرِ لَيْلَةً -يَعْنِي الْبَدْرَ- فَقَالَ: «إِنَّكُمْ سَتَرَوْنَ رَبَّكُمْ كَمَا تَرَوْنَ هَذَا الْقَمَرَ، لَا تُضَامُونَ فِي رُؤْيَتِهِ، فَإِنِ اسْتَطَعْتُمْ أَنْ لَا تُغْلَبُوا عَلَى صَلَاةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا فَافْعَلُوا» ثُمَّ قَرَأَ: «{وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ}»

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

එක් දිනක් රාත්‍රියේ සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියහ. එවිට එතුමාණෝ (දහ හතරවැනි චන්ද්‍ර දින) චන්ද්‍රයා දෙස බලා මෙසේ පැවසූහ. සැබැවින්ම දේවත්වය විශ්වාස කළ මුඃමින්වරු කිසිදු සැකයකින් තොරව, තම පරමාධිපතියාණන්ව දෑසින්ම දැක බලාගනු ඇත. උත්තරීතර අල්ලාහ්ව දකින අවස්ථාවේ ඔවුන් තද බදයට පත් නොවෙති. ඔවුනට වෙහෙසක් හෝ දුෂ්කරතාවක් හෝ හට නොගැනේ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. ෆජ්ර් සලාතයෙන් සහ අසර් සලාතයෙන් ඔබේ අවධානය වෙනතකට යොමු කරන හේතු සාධක කපා හැර, කණ්ඩායමක් ලෙස නියමිත වේලාවේ ඒ දෙක සම්පූර්ණයෙන් ඉටු කිරීමට ඔබට හැකි නම්, සැබැවින්ම එය සර්ව බලධාරී අල්ලාහ්ගේ මුහුණ දැකීමට හේතුවක් වනු ඇත. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පාරායනය කළහ. "'හිරු උදාවීමට පෙර හා අවරට යෑමට පෙර ඔබේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ කරනු"

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

ස්වර්ගයේ දී උත්තරීතර අල්ලාහ්ව දකින බවට දේවත්වය විශ්වාස කළවුන්ට කෙරෙන ශුභාරංචිය.

සහතික කිරීම, දිරිගැන්වීම සහ උදාහරණ පැවසීම ඇරයුම් කිරීමේ ක්‍රම අතරින් සමහරකි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 115) (554).

(6/ 139) (4851).

සහීහ් මුස්ලිම් (1/ 439) (633).

තවත් බලන්න (12)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 259).

تذكرة المؤتسي شرح عقيدة الحافظ عبد الغني المقدسي.

لعبدالرزاق البدر (ص177).

شرح رياض الصالحين.

لابن عثيمين (6/ 734).

نزهة المتقين شرح رياض الصالحين.

لمصطفى الخِن وغيره (2/ 776).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (13/ 271).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص1091).