Skip to content
සූරා ලැයිස්තුව /

الصَّف

الصَّف is chapter 61 of the Quran and has 14 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

14 වැකි සූරා අංකය 61
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

سَبَّحَ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ව සුවිශුද්ධ කරයි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لِمَ تَقُولُونَ مَا لَا تَفۡعَلُونَ

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සිදු නො කරන දෙයක් නුඹලා පවසනුයේ ඇයි?

كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ أَن تَقُولُواْ مَا لَا تَفۡعَلُونَ

නුඹලා සිදු නො කරන දෙයක් ගැන පැවසීම අල්ලාහ් අබියස කෝපයෙන් ඉමහත් විය.

إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلَّذِينَ يُقَٰتِلُونَ فِي سَبِيلِهِۦ صَفّٗا كَأَنَّهُم بُنۡيَٰنٞ مَّرۡصُوصٞ

ශක්තිමත් ලෙස ඉඳි කරන ලද ගොඩනැගිල්ලක් සේ පෙළ ගැසී ඔහුගේ මාර්ගයේ සටන් කරන්නන් නියත වශයෙන් ම අල්ලාහ් ප්‍රිය කරයි.

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ لِمَ تُؤۡذُونَنِي وَقَد تَّعۡلَمُونَ أَنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡۖ فَلَمَّا زَاغُوٓاْ أَزَاغَ ٱللَّهُ قُلُوبَهُمۡۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ

තවද “අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන් ම මම නුඹලා වෙත පැමිණි අල්ලාහ්ගේ දූතයා බව නුඹලා දැන දැනම නුඹලා මට හිංසා කරනුයේ ඇයි දැ?”යි මූසා ඔහුගේ ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු. එහෙයින් ඔවුන් (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව ගිය කල්හි, අල්ලාහ් ඔවුන්ගේ හදවත් ද (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව යන්නට සැලසුවේ ය. තවද අල්ලාහ් දුෂ්ඨ ජනයාට මග නො පෙන්වයි.