Skip to content
المُجَادلة /

වැකිය 22

58 : 22

වැකිය 22 of المُجَادلة (58 : 22). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

المُجَادلة වැකි 22
58 : 22

لَّا تَجِدُ قَوۡمٗا يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ يُوَآدُّونَ مَنۡ حَآدَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَوۡ كَانُوٓاْ ءَابَآءَهُمۡ أَوۡ أَبۡنَآءَهُمۡ أَوۡ إِخۡوَٰنَهُمۡ أَوۡ عَشِيرَتَهُمۡۚ أُوْلَٰٓئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ ٱلۡإِيمَٰنَ وَأَيَّدَهُم بِرُوحٖ مِّنۡهُۖ وَيُدۡخِلُهُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ رَضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ أُوْلَٰٓئِكَ حِزۡبُ ٱللَّهِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡمُفۡلِحُونَ

අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන පිරිසක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන්ව ප්‍රිය කරනු නුඹ නො දකිනු ඇත. ඔවුහු ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ දරුවන් හෝ ඔවුන්ගේ සහෝදරයින් හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වුවද. ඔවුන්ගේ හදවත් තුළ ඔහු දේව විශ්වාසය නියම කොට ඔහුගෙන් වූ ආත්මයෙන් ඔවුන් ශක්තිමත් කළ අය ඔවුහු වෙති. තවද ඒවාට යටින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔවුන් ඇතුළු කරයි. එහි ඔවුන් සදාතනිකයින් ය. අල්ලාහ් ඔවුන් ගැන තෘප්තිමත් විය. ඔවුහු ද ඔහු ගැන තෘප්තිමත් වූහ. අල්ලාහ්ගේ පිරිස ඔවුහු ය. දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ්ගේ පිරිස වන ඔවුහු මය ජයග්‍රාහකයෝ.